sri express

ලන්ඩනයේ නගරබද පළාතක පසුගිය දවස්වල පොඩි අලකලංචියක් වුණා. එක ගෙවත්තක ආරක්ෂාවට සවිකරපු ආරක්ෂක කැමරාවකට අල්ලපු ගෙදර කාන්තාවක් අඩ නිරුවතින් අව්ව තපිනව පෙනිල. තමන්ගෙ ගෙදර ආරක්ෂා කරගන්න ඕන දෙයක් කරගන්න. ඒත් අපේ ගෙදර දොරේ වෙන දේවල් ඒවලින් බලන්න හදන්න එපා. අල්ලපු ගෙදර අය කිව්වේ එහෙමයි.

කොහොමත් අව්ව කළඳක් දෙකක් දැක්කම යුරෝපයේ ජීවත්වන අයට ටිකක් පිස්සු හැදෙන ගතියක් එනව. ආසියාතිකයනට, අප්‍රිකානුවනට ඒක ගාණක් නැතිවුනාට සුද්දො සුද්දියො ටක් ගාලා බහිනව කොට කලිසමට. සමහර ගැහැනු කලිසම් ඇඳලාත් නැහැ වගේ. සමහරු අව්ව තපිනව. තවත් සමහරු මූදු වෙරළ හොයාගෙන යනව. ඒ විකාර බල බල ඉඳල ලංකාවට ආපු වෙලාවට ඇස් වෙද්දු හොයං යන්න වෙනව ඇ‍හේ ඇම්මට බේත් ගන්න.

ආරක්ෂක කැමරා සවිකර‍ගන්න එක හොඳා තමයි. ඒත් අපි දන්නෙ නෑනේ කවුද අල්ලපු ගෙදර ඉන්නෙ කියලා. කැමරාව හයිකර ගන්න මිනිහා ලිංගික අපචාර කාරයෙක් ද දන්නෙත් නෑනේ. එහෙම දේකට හිරේ විලංගුවෙ වැටිච්ච කෙනෙක්ද දන්නෙත් නෑනේ. අන්න ඒ නිසයි ඔය අහල පහල ඔක්කොම පෙනෙන කැමරා ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕනෙ. තමන් දන්නෙම නැතිව ඉන්ටර්නෙට් එකේ තියෙන්න පුළුවන් තමන්ගෙ අකමැති ජාතියෙ පින්තූරයක්.

CCTV කැමරා ඉතිහාසය 1942 දක්වා පස්සට යනව. ජර්මනියෙන් යවපු රොකට් වර්ගයක් නියම ආකාරයෙන් ඇරඹෙනවද කියල බලන්නයි කැමරා හදාගත්තෙ. හැබැයි මිනිසුන් දිහා ඇහැගහන්න කැමරා යොදා ගත්ත කාලෙ ඊටත් පස්සට යනව. ඒ 1913 දී. එංගලන්තයේ හිරබත්කමින් සිටිය කාන්තා විමුක්තිය සඳහා සටන් කරපු කාන්තාවන් විමර්ශනය කරන්න සාමාන්‍ය කැමරා උපයෝගී කරගෙන රහස්‍ය ලෙස පින්තූර ගත්ත නිසා.

1960 දි ලන්ඩන් නගරයේ තාවකාලික ආරක්ෂක කැමරා දෙකක් සවි කළා. ඒ එහි සංචාරයකට පැමිණි තායිලන්තෙ රාජකිය පවුල බලන්න ට්‍රැෆල්ගා චත්‍රරශ්‍රයට පැමිණෙන පිරිස් දිහා ඇහැගහන්න. එම කැමරා දෙකම ආපහු සවිකලා නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍ය‍ පාරම්පරික උත්සවයකට එන පිරිස් දිහා බලන්න ඊළඟ අවුරුදු දෙක වෙනකොට දුම්රිය ස්ථානවලත් 1969 වන විට පාර්ලිමේන්තු චතුරශ්‍රය ඇතුළුව බ්‍රිතාන්‍යයේ වැදගත් ස්ථාන ගණනාවක එම කැමරා සවිවී තිබුණා.

පළාත් සභා මඟින් ද, ෆුට්බෝල් ක්‍රීඩාංගණයන්හි ද, පාසල්, රෝහල්, මහ පාරවල් ආදී සෑම තැනකම පාහේ එවැනි ආරක්ෂක පද්ධති නඟා තිබූ අතර සමහර කැමරා කෙළින්ම පොලිසිය හා සම්බන්ධ වන ලෙස සකසා තිබුණා. මෙමඟින් රටේ අපරාධ අඩුවීමක් සිදුවූවා යැයි නොසැලකෙතත් අපරාධකරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීමට එයින් පිටිවහලක් ලැබුණා. තවද වාහන අනතුරු මෙන්ම වාහන නීති රීති කඩන්නන්ද එමඟින් කොටුකර ගැනීමට පුළුවන් වුණා.

1992 වන විට වේගය ඉක්මවා ගමන් කරන මෙන්ම මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා වාහන අසුකර ගන්නා කැමරා සවිකරන ලද අතර එමඟින් බොහෝ සෙයින් අනතුරු අවමකර ගැනීමට හැකියාව ලැබුණා. එහෙත් එවැනි කැමරා පහුවූ විගස පැඩලය තදින් පාගා වේගයෙන් යාම රියදුරන්ගේ සිරිතක් බවට පත්වූ නිසා “සාමාන්‍ය වේග පරීක්ෂාව” හඳුන්වා දී එක් කැමරාවක් සහ තවත් කැමරාවක් අතර පරතරයේ දුර සහ එම වාහනය ගමන් කොට ඇති වේගය සසඳා බැලීමෙන් නීති රීති උල්ලංඝනය කර තිබෙනවාද යන්න බැලීම ඇරැඹුණා. එය ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ද ක්‍රියාත්මක වන නව තාක්ෂණයකි.

ඩිජිටල් තාක්ෂණය සමඟ ඉතා දියුණු ශිල්පීය ක්‍රම සහිත ආරක්ෂක කැමරා බිහිවී ඇති අතර සෙලවීම් නොවිය යුතු පෙදෙසක එවැන්නක් සිදුවුවහොත් ක්‍රියාත්මක වන කැමරා ද නිපදවනු ලැබ ඇත.

මේ වන විට බ්‍රිතාන්‍යයේ සවිකොට ඇති ආරක්ෂක කැමරා ප්‍රමාණය මිලියන පහක් පමණ බව සඳහන් වෙනවා. එයින් මිලියන දෙකක් ප්‍රසිද්ධ ස්ථානයන් හිද, ඉතිරිය ගෘහස්ත සහ ව්‍යාපාරික ‍ගොඩනැඟිලි වල ද සවිකර තිබෙනවා. තමන් එවැනි කැමරාවකට දර්ශනය වී යැයි සිතන අයෙකුට කුඩා මුදලක් ගෙවා එම පටිගත කිරීම බලා ගැනීමට හැකියාවක් මෙහි නීතියෙන් ලබා දී ඇති අතර එම කැමරාව අයිතිකරුගේ නම ලිපිනය එයට යාකොට තිබිය යුතු බව ද සඳහන් වෙනවා.

අසාමාන්‍ය මානසිකත්වයෙන් යුතු පුද්ගලයන්, මේ කැමරා මඟින් හෝටල්, නවාතැන් පොළවල්, ඇඳුම් මාරු කරන ස්ථාන සහ වැසිකිළිවල පවා සිදුවෙන පටිගත කිරීම් කර ඇති අතර එවැන්නන් සිරගතව සිට ගෙදර ආ පසුව වුවද ඔවුන් සිටින්නේ කොහේද යන්න ජනතාව දැනුවත් කිරීමට නීති සාදාගත යුතු යැයි සිතේ.

මානුෂික අයිතිවාසිකම් පිළිබඳව පදනමක් නොමැතිව මුරගානා සමහර අයෙක් ආරක්ෂක කැමරාවලින් ජනතාවගේ පෞද්ගලිකත්වය අහිමි වී යන බවට කරුණු ඉදිරිපත් කළ ද ආරක්ෂාව වඩා හොඳ යැයි රජය තීරණය කළ නිසා ජෝන් මේජර් ආණ්ඩුව විසින් එහි ව්‍යාප්තිය වඩාත් තහවුරු කරන ලදී. ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ එතුමා කීවේ “ ආරක්ෂක කැමරා මානුෂික අයිතීන්ට විරුද්ධ යැයි කොටසක් කෑ ගසනු ඇත. එවැනි කොටස් සහ එවැනි මානුෂික අයිතීන් පිළිබඳව මා තුළ කිසිත් අනුකම්පාවක් නැත”

නීතිඥ අනුර හෑගොඩ | Courtesy of සිළුමිණ: විශේෂාංග


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction