sri express

පියයුරු පිළිකා රෝගය ශ්‍රී ලංකාවට අමුත්තක් නොවේ. මෙයට ගොදුරු වී ඇත්තේ කාන්තාවන් පමණක් නොවේ. එක්තරා ප්‍රමාණයක් පිරිමි ද පියයුරු පිළිකාවන්ට ගොදුරු වී ඇත්තාහ. වයස්ගතවීම, දරුවන් නොදැරීම, මවුකිරි නොදීම, දැඩි හෝමෝන තත්ත්වයන්, ආහාර පිළිවෙත, පවුලේ අයගෙන් පැවත ඒම මෙන්ම අනවශ්‍ය තරබාරුකම ද පියයුරු පිළිකාවනට හේතු වන්නේය.

ලොව වටා වාර්තා වන පිළිකාවන්ගෙන් 22.9%ක් පියයුරු පිළිකා වන අතර එය දෙවැනි වන්නේ පෙනහළු පිළිකාවනට පමණය. පියයුරු පිළිකාවෙන් සියයට සියයක් පමණම පෙළෙන්නේ කාන්තාවන් වුවත් එයට භාජනය වූ පිරිමින් ඉතා ඉක්මනින් මියයන්නේ ඔවුන්ගේ රෝගී තත්ත්වය හඳුනාගැනීමට ප්‍රමාද වන හෙයිනැයි පැවසේ. පියයුරු පිළිකා රෝගයෙන් සුවවීමේ ප්‍රවණතාවය රඳාපවත්නේ එහි වර්ගය, තත්ත්වය, ප්‍රතිකාර සහ රෝගියා ජීවත්වන ප්‍රදේශය අනුව ය. බටහිර රටවල අය ඒ මතින්ම බොහෝ කාලයක් ජීවත්වීමට අනුකූල ප්‍රතිකාර ලබන්නෝ වෙති.

පියයුරු පිළිකා රෝගයේ ලක්ෂණ ගණනාවක් ඇත්තේ ය. තම පියයුරු දෙක අතර වෙනස්කමක්, තද බවක්, දියර ගැලීමක් ආදී ලක්ෂණ ඇතිවුවහොත් ක්ෂණයකින් වෛද්‍යවරයකු වෙත යාම සිදුකළ යුතු වේ. අතෙහි කිහිල්ල යට ඉදිමීම මෙන්ම උරහිස, කර ආදියෙහි ඇතිවන වේදනා කැක්කුම් ද නොසලකා නොහැරිය යුතුය. වයස හතළිහ පසුවූවන් මැමොග්‍රෑම් නැමැති පරීක්ෂණයට භාජන විය යුතු යැයි සඳහන් වේ. එහෙත් පියයුරු පිළිකා ඕනෑම වයසක කාන්තාවකට ඇතිවන්නට පුළුවන. සෙවිල්ලෙන් සිටීම ඉතා වැදගත් වේ.

ඇන්ජලිනා ජෝලි යනු ඇමෙරිකාවේ වෙසෙන අංක එකේ සුරූපී නිළියකි. ඇය චිත්‍රපට තිර රචිකාවක් වන අතරම අධ්‍යක්ෂවරියක ද වේ. ඇය ලද සම්මාන අතර ඇකඩමි සම්මානයක් ඇතුළු සම්මාන දහඅටක හිමිකාරියකි. කලකට ඉහත හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ වැඩිම මිලක් ලද නිළිය ද ඇය වූවා ය. තවද කීපවරක් ඇය ලෝකයේ ලස්සන ම කාන්තාව යනුවෙන් ද නමක් ඇතිකර ගත්තා ය.

චිත්‍රපට කර්මාන්තයට අමතරව මානුෂික අයිතිවාසිකම් තම කාර්යභාරය කරගත් ඇය එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ විශේෂ නියෝජිතවරිය ලෙස ද සරණාගතයන්ගේ කටයුතු පිළිබඳ කොමසාරිස්ගේ තානාපතිනිය ලෙස ද ඈ ඉමහත් කාර්යභාරයක් ඉටු කළා ය. ලෝකයේ රටවල් තිහකටත් වඩා ජනතාවගේ දුක්ගැනවිලි සොයා බැලීමට සංචාරය කොට ඇති ඇය ඔවුන් සඳහාම පුණ්‍යායතන ගණනාවක් ආරම්භ කළා ය.

දරුවන් පිළිබඳව දැඩි සෙනෙහසක් ඇති ඇය 2002 දී කාම්බෝජියාවේ අනාථ දරුවකු ද, 2003 දී නැමිබියානු දරුවකු ද, 2005 දී ඉතියෝපියානු දරුවකු ද හදාගන්නට ගත්තා ය. එකල බොබ් තෝන්ටන් නැමැති චිත්‍රපට නළුවකු සමඟ විවාහ වී සිටි ඇය එයින් ඉවත් වී බ්‍රැඩ් පිට් නම් වූ ජනප්‍රිය නළුවා සමඟ ජීවත්වන්නට පටන්ගත්තා ය. ඔවුනගේ පළමු දරුවා 2006 දී බිහිවූ අතර ඔහුගේ පළමු ඡායාරූප පීපල් සහ හලෝ සඟරාවලට විකුණා ලබාගත් ඩොලර් මිලියන 7.6ක් අප්‍රිකානු දරුවනට උදව් උපකාර කරන පුණ්‍යායතනයකට ප්‍රදානය කළා ය. නැවත 2007 දී තුන්හැවිරිදි වියට්නාම් දරවකු හදාගැනීමට ගත් ඇය 2008 දී නිවුන් දරුවන් වැදුවා ය. පුතෙක් සහ දුවක් වූ ඔවුන් දෙදෙනාගේ පළමු ඡායාරූප කලින් සඟරාවලට ම විකුණා ලබාගත් මුදල වූ ඩොලර් මිලියන 14ක් (රුපියල් මිලියන 1,765ක්) ලෝකයේ ළමා අභිවෘද්ධිය සඳහා යෙදවීමට ඔවුන්ගේ පුණ්‍යායතනයේ තැන්පත් කරනු ලැබිණි.

මේ සා විශාල පුණ්‍ය කර්තව්‍යයන් සිදුකරමින් ජීවිතය ගෙවන ඇන්ජලිනා පිළිබඳව කනගාටුදායක ආරංචියක් පසුගියදා සැළවිණි. ඒ දැනට මාස තුනකට පමණ පෙර පියයුරු පිළිකා රෝගය වැලඳේ යැයි අනුමාන කොට ඇන්ජලිනාගේ පියයුරු දෙකම ඉවත් කොට ඇති බව ය. ඇගේ මව මියගොස් ඇත්තේ පිළිකා රෝගයෙන් නිසා ඇයටත් එවන් ඉරණමක් අත්වේයැයි ඇතිවූ බියත් වෛද්‍ය උපදෙස් මතත් එම තීරණයට ඈ එළඹුණා ය. තමාට තම මව මැදිවයසේ දී අහිමි වුණාක් මෙන් තම දරුවනට තමා අහිමි නොකරවීමේ සිතිවිල්ල මත සිදුවූ ශෛල්‍යකර්මය නිසා ඈ ඉමහත් සැනසිල්ලකට පත්ව සිටින බව ද පැවසුවා ය.

ඒ පිළිබඳව ඇය විසින් නිකුත් කොට ඇති නිවේදනයේ මෙසේ සඳහන් වෙයි. “වෛද්‍යවරුන් නිගමනය කළ පරිදි මා සියයට 87ක් පියයුරු පිළිකාවනට ද සියයට 50ක් ඩිම්බ කෝෂ පිළිකාවනට ද ගොදුරු විය හැකි ය. පිළිකාවන් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් විය හැකි වුවද මා වෙත ඇති අවදානම අවම කරගැනීම සඳහා මගේ පියයුරු ඉවත් කළ යුතු යැයි තීරණය කළෙමි. පියයුරු සහ ඩිම්බ කෝෂ පිළිකාවන් පිළිබඳ ඉතිහාසයක් ඇති පවුල්වලින් පැවත එන කාන්තාවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳ ව වෛද්‍ය උපදෙස් ලැබ ඉතා විමසිල්ලෙන් සිටින ලෙස ය. අනතුරුව ඔබට යෝජනා කෙරෙන ප්‍රතිකර්මයන් නොපමාව කරගත යුතු ය.”

ඇන්ජලිනා ජෝලි මෙන් විවෘතව කතා කරන්නට වාතාවරණයක් ලංකාවේ කාන්තාවන්ට ඇතැයි මා සිතන්නේ නැත. නමුත් ඒ පිළිබඳව අන් පුද්ගලයන් ඔබගේ පසුපස සිට කතාබහ කරනු ඇත. නමුත් ඇන්ජලිනා මෙන් තමන් ලද අත්දැකීම තමන් හා සමානම අනෙක් කාන්තාවන් සමඟ බෙදාහදා ගන්නට ඔබට හැකියාවක් ඇත්නම් ඔබ දෙවඟනකි.

Courtesy of සිළුමිණ: විශේෂාංග


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction