sri express

ස්ටෝන් හෙන්ජ් යනු STONEHENGE  යනු එංගලන්තයේ ලන්ඩනයට ඒ තරම් ඈත් නොවූ විල්ෂයර් නැමැති ප්‍රදේශයේ තිබෙන ක්‍රිස්තු පූර්ව 3000 කට පමණ පෙර බිහිවූ පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත ස්ථානයකි.

ගල් කුලුනු වලින් වටවූ චක්‍රාකාර ගොඩනැඟිල්ලක නෂ්ඨාවශේෂ දකින්නට තිබෙන මෙහි බ්‍රිතාන්‍යය පුරා විද්‍යාත්මක වටිනාකම ඇති නටඹුන් අතර ප්‍රමුඛ පෙළේ සිටින අතර ලෝක පුරාවිද්‍යා උරුමයක් ද වන්නේ ය. තවද මෙම ප්‍රදේශයේ ම ක්‍රිස්තු වර්ෂ 8000 කට පෙර සිදුකළා යැයි සැලකෙන ගල් කුලුනු හෝ ලී කණු දමා නිවසක් සෑදීමට සකස් කළ හෑරීම් ද දක්නට ඇත.

මේ අතර ස්ටෝන්, ඒවබරි රින්ග් යනාදී කළුගල් සහ කණු ප්‍රයෝජනයට ගනිමින් තනා ගන්නා ලද වසර පන් දහසකට පූර්ව යුගයට වැටෙන ජනාවාස තිබී ඇත. මේවායේ නිර්මාතෘවරු වන්නේ රෝමන්වරු ය. රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තියත් සමඟ ම ඔවුන් අත්පත් කරගන්නා ලද ප්‍රදේශයන්හි අදත් අත්තිවාරම් වශයෙන් පමණක් ඉතිරිව ඇති ගොඩනැඟිලි, තාප්ප ආදිය ඉදි කෙරිණ.

මේවා බොහොමයක් ආරක්ෂිත තාප්ප මෙන් ම බළකොටු වශයෙන් ඉදිවූ අතර ඒවායින් ඉතිරිව ඇත්තේ අප සීගිරි, අනුරාධපුර දක්නට ලැබෙන මාලිගා, තාප්පවල ඉතිරිව ඇති නෂ්ඨාවශේෂ මෙන් ම ය.

මෙයට පසුකාලීනව සාදන ලද මාලිගාවන්හි නටබුන් සිය ගණනක් ස්කොට්ලන්ත සහ වේල්ස් ප්‍රදේශයන්හි දක්නට ලැබේ. රටක් පිළිබඳව ඓතිහාසික විභූතිය ඉතිරිව ඇත්තේ එහි ඇති පුරාවිද්‍යා නටඹුන් සමඟය. ඒ නටඹුන් අතරින් සිහින ලොවකට පාවී යාමේ අවකාශය ද නැත්තේ නොවේ.

අප අනුරාධපුර, පොළොන්නරු යුගයන්හි තිබූ පෞරාණික විභූතිය ගැන සිතමින් ඉතිහාස සිහිනයේ සැරි සැරීම නැවත වරක් ගිය සතියේත් කර ගතිමි. ඒ සියල්ල ගැන දින ගණනාවක් කතා කරමින් සිටිය හැකි වුවත් මෙවර මා සීගිරියේ දී දුටු විශේෂත්වයක් ගැන පමණක් සඳහන් කරමි. සමහර විට මේ පිළිබඳව යමෙක් මේ ලෙසින් ම සිතා ලියැවී තිබෙන්නට පුළුවන. මා කලින් වතාවල දුටු සීගිරි අප්සරාවන් මෙවර වෙනස් ආකාරයකින් දුටුයෙමි. සීගිරි ගල නැවත භික්ෂු ආශ්‍රමයක් බවට පත්වීමට පෙර එහි තිබුණා යැයි සැලකෙන ලලනා බිතුසිතුවම් පන්සිය ගණනකින් අද ඇත්තේ විස්සක් පමණි. ඔවුන් කාශ්‍යප රජුගේ බිරින්දෑවරු මෙන් ම බුද්ධ පූජාවකට යන කාන්තාවන් විය හැකි යැයි ද මති මතාන්තර පළව තිබේ.

කාලය බෙහෙවින් තිබූ නිසා මේ ලලනා රුව දෙස ඉතා හොඳින් බැලීමේ අවකාශය මට ලැබිණි. ඒ මුහුණ සහ ශරීර වර්ණ අතර ඇති වෙනස්කම් බලමින් යනවිට, ලන්ඩනයේදී මා දැක තිබෙන අප්‍රිකානු කාන්තාවකගේ මුහුණත් අප්සරාවන් අතර දැක සසල වුණෙමි. මේ නම් සැබැවින් ම ඇයය. මැදිවියේ පෙනුමැති ඇයගේ කාලවර්ණ සමත්, දෙතොලත්, කරාබු යුවළ සහ කොණ්ඩා මෝස්තරයත් ඇය කළු අප්‍රිකානු තැනැත්තියක බව ප්‍රකට කරවන කරුණු විය. නොසන්සුන් වූ මා මුල සිට නැවත අප්සරා බිතු සිතුවම් නරඹන්නට පටන් ගත්තෙමි.

එකී මුහුණත් ඉතා සිහින් ඇස් ඇති චීන තරුණියකගේ ය. අනෙක සිනාවක් රඳවා ගත් නේපාල ජාතික සුරූපියකගේ ය. ටිබෙට්, උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු කොදෙව් දූපත්වලින් පැවත එන තරුණියන්ගේ මුහුණ ද ඒ අතර වෙති. ශ්‍රී ලාංකික යැයි කීමට හැකි ව ඇත්තේ අප මුදල් නෝට්ටුවේ මුද්‍රිතව ඇති රූපයේ සිටින අප්සරාවිය පමණි.

පන්සියයක් පමණ ළඳුන් සිටියා යැයි පැවසෙන කාශ්‍යප රජුගේ අන්තඞපුරයට ලෝකයේ නන්දෙසින් ගෙන එන ලද ළඳුන් සිටින්නට ඇත. එසේ නම් මේ චිත්‍රවල පවතින අන්තර්ජාතික රූප ස්වභාවයන් පිළිබඳව විමතියට පත්විය යුතු නැත. සීගිරිය බැස එනවිට මා කල්පනා කළේ මේ නළ තුළ තවත් කොතරම් දේ සැඟවී ඇත්ද යන්න ය.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction