sri express

1979 සිට 1990 දක්වා පිට පිට මැතිවරණ තුනක් දිනා මහාබ්‍රිතාන්‍යය ගොඩගත්තා යැයි පැවසෙන, සිල්ලර කඩ හිමියකුගේ දියණිය අද අප අතර නැත.

 ඔස්ක්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ උපාධිධාරිනියක මෙන්ම බැරිස්ටර්වරියක වූ ඇය ‘යකඩ ගැහැනිය’ නමින් ප්‍රසිද්ධ වුණේ 1976 ජනවාරි මස කෙන්සින්ටන් නගර ශාලාවේදී ඇය විසින් කරන්නට යෙදුණු කතාව හෙයිනි.

එම නම ඇයට තැබුවේ එවකට සෝවියට් දේශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ පුවත්පත වූ ‘රතු තරුව‘ මඟිනි. සමහරුනට ඇය බ්‍රිතාන්‍යය ගොඩගත් නායිකාව ය. සමහරුනට ඇය බ්‍රිතාන්‍යය විනාශ කළ මන්තරකාරිය ය. නව තරුණ පරපුරේ සමහරුනට ඇය ආදර්ශයක් මෙන්ම ලෝක නායිකාවක් ද වන්නීය.

කෙසේ වෙතත් ඇගේ අභාවය ප්‍රකාශ කළ දා පටන් මේ වෙනස්කම් නැවත ඉදිරියට පැමිණ ඇත. ලන්ඩනයේ නගර කීපයක මෙන්ම බ්‍රිතාන්‍යයේ නොයෙක් ප්‍රදේශයන්හි වීදි සාද පැවැත්වූ අතර ඇයට විරුද්ධව ලියූ පාඨ අන්තර්ජාලයේ මෙන්ම පාරතොටේ තාප්ප බිත්තිවල ද දක්නට ලැබිණි. එයින් එකක් වුයේ ‘ඔබ මගේ කිරි විදුරුව උදුරා ගත්තා” යනුයි. රජය මඟින් පාසල් ශිෂ්‍යයන් සඳහා ලබා දුන් කිරි වීදුරුව නවතාලීම පිළිබඳව ලියූ වදනයි ඒ. පුදුමයකට මෙන් බොහෝවිට ඇයට විරුද්ධව කැරලි ගසමින් ඉන්නේ ඇගේ පාලන සමයේ උපත ලබා නොසිටි තරුණ තරුණියන්ය.

1939 ’ඊඩඥ එඪලචපඤ ධට ධල’ නැමැති ගීතමය නාට්‍යයේ ’ච්ඪදඨ ච්ධදඨ බඩඥ එඪබජඩ ඪඵ ච්ඥචඤ’ ගීතය නැවත වරක් ප්‍රචාරයට පැමිණ තිබේ. එය ගීත ප්‍රචාරක ලැයිස්තුවන්හි ප්‍රථම ස්ථානයට පත්වී තිබිණ. බීබීසීයේ ප්‍රචාරය වූ එය තහනම් කළ යුතු යැයි ජනයා උද්ඝෝෂණය කළ ද අගමැති සහ උප අගමැති කීවේ බීබීසීයේ ප්‍රචාරය කරන ගීත පිළිබඳව විමසීමට දේශපාලකයනට හැකියාවක් නැති බවය. ඒ ගීතයට ඇත්තේ “නොමනා කැමැත්තක්” යයි ද අගමැතිවරයා පැවසීය.

තවද අන්තර්ජාලයේ සටහනක් කළ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ නිලධරයෙක් කියා තිබුණේ තැචර් මහත්මියගේ මරණය අවුරුදු 87ක් ප්‍රමාද බවය. මෙලොව යහපත් වීමට අගමැති කැමරන් ද මිය යා යුතු බව ඔහු පවසා තිබිණ. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ඇරැඹී ඇත.ච්ඥචබඩ ර්‍ථචපබර හෙවත් ඇගේ මරණය පිළිබඳ ප්‍රිය සාදයක් පැවැත්වූ ගුරුවරියක් කියා තිබුණේ එය විශ්මයජනක අවස්ථාවක් බවයි. අයර්ලන්තයේ එක් රූපවාහිනී නාළිකාවක බැනරයක් වූයේ ‘බලාසිටීම අවසන්’ යනුවෙනි.

දැනට කලකට පෙර සිට බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිති සම්මේලනය මඟින් ‘තැචර් අවමංගල්‍ය ප්‍රියසාද’ යනුවන් ගොනුවක් අලෙවි කරමින් තිබිණි. එය ඇසූ තැචර් මහත්මිය පැවසුවේ බලයෙන් ඉවත්වී අවුරුදු විස්සකට පසුව වුවද වෘත්තීය සංගම් තමනට දක්වන බිය පිළිබඳව සිතන විට තමා බ්‍රිතාන්‍ය දේශපාලනයේ තවත් නිකම්ම එක් අයෙක් පමණක් නොවන බව පැහැදිලි වන බවය.

සමහරු ඇගේ පින්තූර පෝස්ටර් පුළුස්සා දැමූ අතර තවත් සමහරු ඒවාට ඉටිපන්දම් දල්වා ගෞරවය පුද කළහ. ග්ලාස්ගෝ නගරයේ 300ක පමණ පිරිසක් එක්ව සාදයක් පවත්වන ලද අතර ෂැම්පේන් නැමැති මිල අධික මත්පැන් නොමිලයේ බෙදාහරින ලදී. බොහෝ දෙනාගේ මතය වූයේ එම ක්‍රියාදාමයන් නින්දාසහගත, අවිනීත ඒවා බවය.

මාග්‍රට් තැචර් මහත්මිය ප්‍රථම වරට අගමැතිනිය වී ඩවුනිං වීදියේ ඇගේ කාර්යාලයට පැමිණි විට එහි සිටි ජනතාව අමතා අසිසියේ ෆ‍්‍රාන්සිස්ඉබ ජ්පචදජඪඵ ධට ඒඵඵඪඵඵඪ ගත්කතුවරයාගේ කියමනක් මෙසේ කීවාය.

”අප ඝට්ඨනයක් ඇති තැනට එකඟත්වය ගෙන එන්නෙමු. වරදක් ඇති තැනට සත්‍යය ගෙන එන්නෙමු. සැකය ඇති තැනට විශ්වාසය ගෙන එන්නෙමු. බලාපොරොත්තු බිඳ වැටී ඇති තැනට බලාපොරොත්තුව රැගෙන එන්නෙමු.”

ඇගේ ප්‍රසිද්ධ කියමන් කීපයක් මෙසේය. “ආපසු හැරෙන්නට අවශ්‍ය නම් ඔබට හැරෙන්නට පුළුවන. නමුත් කාන්තාව ආපසු හැරෙන්නේ නැත.”

”බලවත් වීම හරියට කාන්තාවක් වීම වගෙයි. ඔබට එය කියන්නට සිදුවන්නේ නම් ඔබ එසේ නොවේය.

”ඔබට යමක් පිළිබඳව ප්‍රකාශයක් අවශ්‍ය නම් පිරිමියකු ගෙන් අහන්න. එය ක්‍රියාවට නැංවිය යුතු නම් ඇසිය යුත්තේ කාන්තාවකගෙන්ය.”

ශ්‍රීමත් මාග්‍රට් තැචර් මැතිනියගේ වර්ණවත් ජීවිතය අවසන් වූයේ සාන්ත පාවුළු දේවස්ථානයේ වූ හමුදා පෙරදැරි අවමංගල්‍ය උත්සවයකින්ය. මහ රැජිනිය එයට සහභාගි වූයේ ඇගේ රාජ්‍ය කාලයේ දී මියගිය අගමැතිවරුන්ගෙන් දෙවැන්න වශයෙනි. පළමුවැන්න වින්ස්ටන් චර්චිල්ගේය. එදින උදෑසන සිට ලන්ඩන් නගරයට ඇතුළු වන මාර්ග සියල්ලක් වසා දමා තිබිණ. දස දහස් ගණනක් ජනයා පාර දෙපස සිට නිහඬව තම ගෞරවය පුද කරනු පෙනිණි. වෙනදා පැයකට හතරවරක් නාදවන බිග් බෙන් ඔරලෝසු කණුව ද නිහඬවම තම ශෝකය පළකරනු පෙණින.


Courtesy of සිළුමිණ: විශේෂාංග


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction