sri express

ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල ජීවත්වන අය අතර පුද්ගලයන් කීප වර්ගයක්‌ ඉන්නව. ඒ සදහටම ලංකාව අතහැරල ගිය අය, ලංකාවට කවද හරි එන්න බලාගෙන ගිය අය. අවුරුද්දකට සැරයක්‌ දෙසැරයක්‌ ශ්‍රී ලංකාවට ඇවිල්ලා විනෝද චාරිකා දෙකතුනක්‌ ගිහිල්ලා නැවත යන අය.

ඒ වගේම ලංකාවට යන්නම යන්න ගිහිල්ලා ටික කලක්‌ ගත කරල එපා වෙලා ආපහු එන අය සහ පිටරට දී හරිහම්බකර ගෙන ලංකාවට ගිහිල්ලා ජීවිතේ ඉතිරි කාලය ලංකාවේම ගත කරන අය.

එංගලන්තෙ ශ්‍රී ලාංකිකයන් සමහරක්‌ මෙහෙ උපන්න දරුවන් ලංකාවට ගෙනියලා හදා වඩාගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආපහු එක්‌කගෙන එනව. බොහෝ වෙලාවට තාත්තා කොළඹ අම්ම දරුවො එක්‌ක ඇවිල්ලා නැවත මෙහෙ ජීවිතය පටන් ගන්නවා. මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක්‌ බ්‍රිතාන්‍ය පුරවැසිකම ගත්ත අය. නමුත් බ්‍රිතාන්‍ය වෙච්ච ගමන් ශ්‍රී ලංකා පුරවැසිකම ඉබේම අහෝසි වෙනව. නැවත ශ්‍රී ලංකා පුරවැසිකම ශ්‍රී ලංකා රජයට අයදුම්කරල ලබා ගන්න ඕනෙ. බ්‍රිතාන්‍ය ජාතිකයනට වෙන ඕනෑම ජාතිකත්වයක්‌ තිබුණට බ්‍රිතාන්‍ය පුරවැසිකම නැති වෙන්නෙ නෑ.

පිටරටවලින් ඇවිල්ලා බ්‍රිතාන්‍ය ජාතිකත්වය ලබාගන්න අය තමන්ගෙ මුල් රටවල් බ්‍රිතාන්‍ය සමඟ ක්‍රීඩා තරග පවත්වනකොට කවුරු වෙනුවෙන්ද කෑ ගහන්නෙ කියන ප්‍රශ්නය උද්ගත වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය වුණත් ශ්‍රී ලංකා පිල එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමත් එක්‌ක තරග වදිනකොට ශ්‍රී ලංකාව වෙනුවෙන් කෑ ගහනඑක සක්‌කරයටවත් වළක්‌වන්න බැහැ. ඉන්දියානු පකිස්‌තාන් බංගලාදේශ් රටවලින් ඇවිල්ලා බ්‍රිතාන්‍ය වෙච්ච හැමෝටම තියෙන්නේ තමන්ගෙ මුල් රටට තියෙන ආදරයයි. සුද්දොත් අපේ හැටි දන්නවා. ඒ වුණාට ඒකට කරන්න දෙයක්‌ නැහැ. ඒක එහෙම තමයි.

සකල ලෝකවාසි සියලු සත්වයන්ගේම මූණ දකින්නට ලැබෙන එංගලන්තයේ විදේශ රටවලින් ඇවිල්ලා පැළපදියම් වෙච්ච බොහෝ දෙනෙක්‌ ජීවත්වෙන්නේ තමන්ගේම සංස්‌කෘතික කටුවක්‌ ඇතුලෙ. ඒක බිඳගෙන යන්න කොච්චර උත්සාහ කළත් අන්තිමට ඒක ඇතුලටම ඇවිල්ල නවතිනව. ශ්‍රී ලංකාවෙ අල්ලපු ගෙදර ඉන්න දෙමළ සහෝදරයගෙ සංස්‌කෘතින් අවබෝධ කරගන්න බැරි අයට පුළුවන්ද හැතැප්ම දාස්‌ ගණනක්‌ ඈත ජීවත්වෙන සුද්දගෙ සංස්‌කෘතියට ඇතුල් වෙන්න. ඉඳල හිටල සුද්දෙක්‌ එක්‌ක පබ් එකක බියර් එකක්‌ බිව්වයි කියලවත්, ගමනක්‌ බිමනක්‌ ගියයි කියලවත්, ඉංග්‍රීසියෙන් කතා කළැයි කියලවත් හන්දියෙ කඩෙන් ෆිෂ් ඇන්ඩ් චිප්ස්‌ කෑවයි කියලවත් ඒක වෙන්නෙ නෑ. මොකද ඒ මොනව කළත් අපේ හිත දන්නව අපි වෙනයි එගොල්ලො වෙනයි කියලා. "අපේ ගතියක්‌ එතන නෑනේ" කියල සමහරු කියන්නේ ඒගොල්ලන්ට තේරෙන හැටියට එය සංස්‌කෘතික කටුවෙන් එළියට යන්න බැරිකම තමයි.

ඒක හරියට ඉබ්බගෙ පිටට ඇලිච්ච කටුව වගේ. ඉබ්බ යන තැන කටුවත් යනව. ඒ කටුව ගැලව්වොත් ඉබ්බ මැරෙනව. තමන්ගේ පාරිම්පරික සංස්‌කෘතික කටුව ගලවලදාපු හැමෝටම වෙන්නෙ අර ඉබ්බට වෙන දේ තමයි. ජීවත් වුණත් ඉතින් මැරුණ හා සමානයි. බණ දහම් ගැන වුණත් ඔච්චර තමයි. කොච්චර ඉංග්‍රීසියෙන් බණ ඇහැව්වත් සිංහලෙන් අහන බණ පදයක්‌ වගේ හිතට වදිනවද?

එංගලන්තෙ ඉන්න අය ලංකාවට යන්නම යන ගමන ගැන ආපහු කතා කරමු. සමහරු යනවා යන්නම. ඒකට කියන්නෙ ගොයින් fපෝ ගුඩ් (going for good) කියලා. කාලයක්‌ හිටපු ගේ දොර විකුණල දාල, ගෘහ භාණ්‌ඩ බඩු මුට්‌ටු ලංකාවට නැව්ගත කරල සමහර දේ අහල පහළ අයට බෙදාදීලා කාර් එක පරණ නම් ඒක කාටහරි අඩු ගාණකට දීලා බොහොම අමාරුවෙන් හිත හදාගෙන ලංකාවට යනව ආපහු එන්නෑ කියලා හිතාගෙන going for good කියල. ඔක්‌ස්‌ෆර්ඩ් ශබ්දකෝෂයේ සඳහන් වෙන්නේ finally, permanently කියල. අවසාන වශයෙන් සදහටම කියල. ඒ ඇරෙන්න ටදදා කියන වචනෙ "හොඳකට" කියල යොදලා නැහැ. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන්නෙ හොඳකට ලංකාවට යන්නයි.

ශ්‍රී ලංකාවෙ ජීවත්වෙන්න තියෙනවනං ගුඩ් වුණාට ඒක වර්ස්‌ (worse) වෙලා ගිය අයත් ඉන්නව. ඒකනෙ සමහරු ගිය පයින් ආපහු එංගලන්තෙට එන්නෙ ගෙනිච්ච බෑග් ටික දිග අරින්නත් ඉස්‌සෙල්ලා. එහෙම ආපු අය අතරෙ මගේ යාළුවෙක්‌ දෙන්නෙක්‌ ඉන්නව. එක්‌කෙනෙක්‌ දොස්‌තර කෙනෙක්‌. එයා සීනියර් දොස්‌තරලගෙ කෙණහිලි ඉවස ගන්න බැරිවයි ආපහු ආවෙ. මිනිහට ඉස්‌සෙල්ලම ලැබුණෙ කොළඹින් පිට රෝහලකට පත්වීමක්‌. එයා ළමා වෛද්‍ය විශේෂඥයෙක්‌. එයාගෙ අදහසේ හැටියට ළමයි හුඟ දෙනෙකුගේ අසනීප වලට හේතුව මානසික පීඩනය, ගෙදරදොර කරදර, දෙමාපියන්ගේ වැරදි, පරිසරයේ අපහසුකම් හා ආර්ථික ප්‍රශ්නයි. එංගලන්තයේ ඉන්දැද්දී ළමා මනස පිළිබඳ හොඳට අධ්‍යයනය කරපු මේ දොස්‌තර කළේ ලෙඩ ළමයින් සමඟ ටිකක්‌ වෙලා කතා කරකර ඉඳලා ලෙඩේ මුල අල්ලගෙන බොහෝවිට බෙහෙත් නැතිව ලෙඩේ සුවකරන එක. මිනිහට දෙමාපියන් බොහොම ළැදි වුණා. ඒ ප්‍රදේශයේ ප්‍රයිවෙට්‌ ප්‍රැක්‌ටිස්‌ කරපු ඒ රෝහලේම වැඩ කරන සමහර කන්සල්ටන්ට්‌ ලට බඩට වැදුණා මේ දොස්‌තරගෙන්.

මිනිහ හැබැයි ලෙඩුන් බැලුවෙ රෝහලේ විතරයි. ඒත් එයා ගැන පැතිරුනේ වෙන කතාවක්‌, "මේ දොස්‌තර මහත්තයා ළඟදියි රට ඉඳල ආවේ. ලෙඩ හොයාගන්න දැනීමක්‌ නැහැ. ලෙඩ හොයාගන්න බැරි නිසා ළමයි එක්‌ක කතා කර කර ඉඳලා ගෙදර යවනව. ඒ දොස්‌තරට ඉස්‌පිරිතාලෙ ඉන්න බැරිතරම් කටකතා පැතිරෙව්වා. එංගලන්තේ ගෙනිච්ච බෑග් එකම ආපහු වහගෙන නැවත මෙහාට ආවා. ඉතින් ඔය විදිහට එක එක කෙනාට වෙනවෙන ප්‍රශ්න නිසා ආපහු එන්න සිද්ධ වෙනව.

Courtesy of Divaina News Paper


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction