sri express

ජනවාරි මාසෙ ලංකාවට ගිහිල්ල ඉන්දැද්දි මට එංගලන්තෙට එන්න තරම් හිතුන. කොළඹ සීතල ඉවසගන්න බැරුව. එංගලන්තෙත් එච්චර සීතල නෑ කියලයි මට හිතුනෙ. දවසක්‌ උදේ පාන්දර සරමත් කැහැපට ගහගෙන ගෙයින් එළියට බහින්න සිමෙන්ති පඩියට අඩිය තිබ්බ වෙලාවෙ ඇඟ සලිත වෙලා ගැහෙන්න ගත්ත දියෙන් ගොඩගත්තු මාළුවෙක්‌ වගේ.

බුදු අම්මෝ තිබ්බ අඩිය ආපහු අරං අඩි දෙකට කාමරේට දුවල ඇඳට වැටිල පොරව ගත්ත උණුසුම් වෙනකල්. ඇත්තම කිව්වොත් වෙනද කොළඹදි උදේට දාඩිය දාගෙන ඇහැරෙන මං එදා පිටකොටුවෙ කඩ ගානෙ රස්‌තියාදු වුණා සීතලට ජර්සියක්‌ ලාබෙට හොයාගන්න. එදා උදේ ඇඟ හෝදන්න බැරි තරම් පයිප්පෙ වතුර සීතල නිසා කේතලය රත්කරල යන්තම් ඇඟ හෝදගත්තා වතුර ටිකකින්. ඇඟ හෝදගෙන කුස්‌සියට ගියා. පොල්තෙල් ටිකක්‌ ගන්න ඔලුවෙ ගා ගන්න. බොලේ තෙල් බෝතලෙත් මිදිල. ඉතින් ඉරට්‌ටක්‌ ඒකෙ ඇතුලට දාලා මිදිච්ච තෙල් කෑල්ලක්‌ අරගෙන ඔළුවෙ ගා ගත්තා. කොන්ඩෙ පීරගන්න.

උදේ මගේ යාළුවෙකුට කතා කළා. බැංකුවක වැඩ කරන. බැංකු වැඩක්‌ තියෙනව කරගන්න. නෝන කිව්ව මිනිහ ගියාලු උදේ පාන්දරම මොරටු යනව කියල. වඩුවෙක්‌ හම්බුවෙලා ලී වලින් පතු දෙකක්‌ හදාගන්න. හිම කඳුවල යන්න පුළුවන් ජාතියෙ. මිනිහ හිතනවලු මෙහෙම ගියොත් ලංකාව හිම වලින් වැහිලා පිදුරුතලාගල කන්දෙ ඉඳලා පහලට ස්‌කීන්ග් ඒ කියන්නෙ අපි ලී පටිදෙක කකුලට දාගෙන පහලට රූටල එන්න පුළුවන් වේවි කියලා. ෂහ් මමත් දැනෙගන හිටියනං එනකොට "සෙකන්ඩ් හෑන්ඩ්" පතු දෙකක්‌ අරගෙන එනවනෙ.

කොහොම කොහොම හරි ඇඳ පැළඳගෙන වාහනේට නැග්ග ස්‌ටාට්‌ කරන්න. ස්‌ටාට්‌ කරන්න හදනව ස්‌ටාට්‌ වෙන්නෙ නැහැ. මං හිතන්නෙ සීතල වැඩි කමට. ගෙදර අස්‌පස්‌ කරන ළමයත් අල්ලගෙන තල්ලුවක්‌ දාල ස්‌ටාට්‌ කරගත්තා යන්තං. වාහනේ රේඩියේටර් වතුර මිදුනද දන්නෙ නෑ. ඊළඟ පාර එන කොට ඇන්ටි ෆී්‍රස්‌ බෝතලයක්‌ අරං එන්න ඕනෙ. ඒ රේඩියේටරයෙ වතුර මිදෙන්නෙ නැති වෙන්න දාන ජාතියක්‌. යාළුවන්ටත් එක්‌ක බෝතල් දෙක තුනක්‌ ගේන්න ඕනා. හොඳ වෙලාවට කාරෙකේ එයාර් කන්ඩිෂන් බොත්තම අනිත් පැත්ත හැරෙව්වහම හීටිං. ඒ කියන්නෙ හොඳට උණුසුම් කරගෙනම යන්න පුළුවන්. ඉතින් මම හොඳින් බැංකුව ළඟට ගිහින් ඇතුලට ගියා. බලන්න ලස්‌සනයි එංගලන්තෙ වගේම ලස්‌සන කවුන්ටර්. ලස්‌සන තරුණ ගැහැනු පිරිමි ළමයි ඉංගී්‍රසියෙන් කතා කරකර. ටයි එහෙම දාල හරිම ආසයි දකිනකොට. මම සිංහලෙන් ඇහුවාම ඒගොල්ලො උත්තර දෙන්නෙ ඉංගී්‍රසියෙන්. ඇත්තටම මට එතැනදි එංගලන්තෙ ලංකාවෙ වෙනසක්‌ පෙනුනෙ නැහැ. බැංකුවෙ ඉන්දැද්දි මට දැනුන එක මනුස්‌සයෙක්‌ මැනේඡ්ර් එක්‌ක කතා කර කර ඉන්නවා. මැනේජර් මහත්තයගෙ මූණෙත් හොඳ හිනාවක්‌. මගේ ළඟ හිටපු නිලධාරියා කිව්වා ඔය ඇවිල්ල ඉන්නේ අහවල් එයාර් කන්ඩිෂන් ගෙන්නන කොම්පැණියෙ ලොක්‌කා. එයා ලොකු ණයක්‌ ගන්න හදනව දඩි බිඩි ගාලා ගෙවල් උණුසුම් කරන යන්ත්‍ර සූත්‍ර ගෙන්න ගන්න. මරු බිස්‌නස්‌ එක දැන්ම පටන් ගත්තොත්." ෂහ් මටත් ලෝබ හිතුන. මම ඉතින් ගෙවල් හීටිං කරන්න යන්ත්‍ර දාන්න කරන්න දැන්නවනෙ. මටත් පුළුවන්නම් මේ බිස්‌නස්‌ එකට එකතු වෙන්න.

බැංකු වැඩෙත් කරගෙන මම බැස්‌ස පාරට. බඩත් ගිනියි. කාරෙකේ යන ගමන් දෙපැත්ත බල බල ගියා කන්න තැනක්‌ තියෙනවද බලන්න. මෙන්න බෝලේ අඳුරන කෙනෙක්‌ ඉන්නව ගාලු පාරේ. මැක්‌ ඩොනල්ඩ්. ගැහුව බ්‍රේක්‌ එක. පැන්න පාර හරහට. ගොඩ වුණා මැක්‌ ඩොනල්ඩ් එකට. බඩ පැලෙන්න තරම් කාගෙන කාගෙන ගියා. අඳුරන කෑම. මට දැන් එංගලන්තෙ අත ඇරල ලංකාවෙම ඉන්න හිතෙනව. කෑව වැඩි කමට ආම තෙල් ඇර ඇර පාර දෙපැත්ත බල බල එනකොට මෙන්න තියෙනව කේම්බ්‍රිඡ් අධ්‍යාපන ආයතනය, තව ටිකක්‌ එහාට ගියහම ඔක්‌ස්‌ෆර්ඩ් විද්‍යායතනය. මට හරිම සන්තෝසයි. අඩියෙන් අඩිය එංගලන්තෙ නම් ගම් තියෙන අධ්‍යාපන ආයතන.

මං හිතන්නෙ එංගලන්තෙවත් නැහැ මේ තරම්. ඒත් එක්‌කම තවමත් සුද්දන්ගෙ නම් දාපු පාරවල් ඉතිරි වෙලා තියෙනව. ඒ පාරවල යනකොට පුදුම සන්තෝසයක්‌.

හවස ගෙදර යන ගමන් බඩු මුට්‌ටු ටිකක්‌ ගන්න හන්දියෙ තියෙන සුපර් මාර්කට්‌ එකට ගියා. අම්මෝ ඒකෙ තියෙන කෑම ජාති. කොහිල අලත් පැකට්‌ කරල කන්නෙ නැතිව බල බල ඉන්න හිතෙනව. එක පැත්තක රාක්‌ක පුරවල තිබුණ උදේට කන බ්‍රෙක්‌ෆස්‌ට්‌ සීරියල් පැකට්‌. බ්‍රෙක්‌ෆස්‌ට්‌ සීරියල් උදේට තමයි නෙ කියල. කෙනෙක්‌ කියාවි. ඒත් එංගලන්තෙ සමහරු ඒවා රෑටත් කනවා. සීනි ඇති සීනි නැති වෛවාරණ පෙට්‌ටි. දැන් ලංකාවේ උදේට අල බතල මඤ්ඤොක්‌කා කන සිරිතක්‌ නැහැනෙ. පාන් වුණත් ගන්න ඒ හැටි ලේසි නැහැනෙ. ඉතින් පාන්වලට වඩා සීරියල් ලාබ නිසා වෙන්න ඇති නගරබද හුඟ දෙනෙක්‌ එංගලන්තෙ වගේ උදේ කෑමට සීරියල් කන්න පුරුදු වෙන්න ඇත්තෙ. මමත් එංගලන්තෙ ක්‍රමයට ඕනෑ එකයි එපා එකයි ඔක්‌කොම අරගෙන ගියා කැෂියර් ළඟට ගෙවන්න. බිල ගහල බැලුවහම මගේ සාක්‌කුවෙ තිබුණු සල්ලි මදි ගෙවන්න. පෝලිමේ පස්‌සට වෙන්න හිටපු අල්ලපු ගෙදර නෝනගෙන් ණයක්‌ අරගෙන බිල ගෙවල බඩු ටිකත් අරගෙන ගෙදර ආවා. මට මතක්‌ වුණා එංගලන්තෙ නම් ණය නොවී කෑම කන්න පුළුවන් ආර්ථිකයක්‌ නේද තියෙන්නෙ කියලත්.

ඉතින් මම තව ටිකක්‌ හිතල බැලුව ලංකාවෙයි එංගලන්තෙයි සමාන කම්. එංගලන්තෙට ක්‍රිකට්‌ ගහන්න ඕන කමට අපි වගේ රටවල් මුලදි සම්බන්ධ කරගත්තට අපි දැන් එංගලන්තෙටත් වඩා උඩින් නේද ඉන්නෙ කියල මට හිතුන. ඒත් ඊයේ පෙරේදා එංගලන්ත ආණ්‌ඩුවෙ නිලධාරි වගයක්‌ රජයේ කැලෑවල් පුද්ගලික සමාගමකට විකුණල හා හෝ වක්‌ තිබුණ. මට පුදුම හිතුන රටවල් දෙක මොනතරම් සමානද කියල. ඒ වගෙම මන්ත්‍රීවරුන්ගෙ වියදම්. රජයේ මුදල් වංචාවෙන් ගන්න වංචනික වැඩවලට පාවිච්චි කරන ඇමැතිල මන්ත්‍රීල ලංකාවෙ කොහොම වුණත් එංගලන්තෙ නම් සිය ගණනක්‌ ඉන්නව. ඊයෙ පෙරේදා දෙතුන් දෙනෙක්‌ හිරේත් ගියා. එක්‌කෙනෙක්‌ සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ ලෝඩ් කෙනෙක්‌.

හැබැයි ලංකාවෙ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ගැන එංගලන්තෙට නම් හිතා ගන්නත් බෑ. එංගලන්තෙ පාර්ලිමේන්තුවට රැස්‌වෙලා ඔක්‌කොම මන්ත්‍රීල ආපු දාට ඉඳගන්න තැනක්‌ නැතිව තිස්‌ හතලිස්‌ දෙනෙක්‌ හිටගෙන ඉන්නව. නැගිට්‌ටොත් ආසනේ ගියා. එංගලන්තෙ නම් මන්ත්‍රී නෙමෙයි ඇමැති වුණත් වැඩක්‌ නැහැ. අමතර ආදායම් නැහැ. ඒවගෙම ඒගොල්ලන්ට කියල ආණ්‌ඩුවෙන් යාන වාහන දෙන්නෙත් නැහැ. ඩියුටි ෆී්‍ර පර්මිට්‌ දෙන්නෙත් නැහැ. එහෙව් එකේ මේ ගොල්ලො එනවනෙ හිතන්නෙ නැතිව මන්ත්‍රීල ඇමැතිල වෙන්න. හැබැයි සමහර ආසනවල ඡන්ද දායකයො නැතිව ඡන්ද වැටිච්ච කතාවලුත් තියෙනව. ඒ කියන්නෙ තැපෑලෙන් හොර ඡන්ද දාලා අහුවෙලා හිරේත් ගිහිල්ල තියෙනව. ඒ කැත වැඩේ නම් ලංකාවට බෝවෙන්න තව හුඟක්‌ කල් යයි කියලයි මගෙ හිතේ.

ඇඳුම් පැළඳුම්වලින්, කෑමබීම වලින්, අධ්‍යාපන ආයතනවලින් යාන වාහන වලින්, රාත්‍රී සමාජ ශාලාවලින්, එංගලන්තෙ බොහෝ දුරට ලංකාවට සමාන වෙලාද කියල හිතනව. වට පිට බලනකොට එංගලන්තෙ පරණ පැටන් කොලොම්පුරේ අලුත් පැටන් කියල ප්‍රෙඩී සිල්ව කිව්වට ඒ කාලෙ දැන් පැනල. තව ටික දොහක්‌ යනකොට යුරෝපයට අපෙන් ආදර්ශ ගනීවි.

දැනුත් ඉතින් විවාහ නොවී පවුල් කෑමත් දිනපතා වැඩිවෙන දික්‌කසාදත් බැලුවහම ලංකාවෙයි එංගලන්තෙයි අතර වෙනසක්‌ නෑ වගේ.

ඉතින් මේ ඔක්‌කොම කාරණා කටයුතු බැලුවහම කොළඹට අඩුව තිබුණේ සීතලයි හිමයි විතරයි. සීතල පුල පුලා බලා සිටි ආශ්චර්යයෘ දැන් ඒකත්. දැන් ඉතින් සුද්දො එහෙ ගී්‍රෂ්ම කාලෙට ලංකාවට යන්න පටන් ගනියි අපි එංගලන්තෙට යන්න හදනව වගේ.

Courtesy of Divaina News Paper


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction