sri express

සුමානයක්‌ ගියෙ නැහැ මඟුල් ගේ ඉවර වෙලා ලංකාවෙ වත් මනමාලියක්‌ නොයන ගමනක්‌ විලියම් කුමරුගේ බිරිඳ කේට්‌ හෙවත් කේමිබ්‍රිජ්හි ආදිපාදිවරිය ගියා. ඒ එදිනෙදා උයන්න පිහන්න බඩු මුට්‌ටු ගන්න සුපර් මාර්කට්‌ එකකට. මේ වගේ සෝබන කාරියෙක්‌ කිසිම රජ පවුලකට සම්බන්ධ වෙලා නැතුව ඇතැයි සමහරු කියනවා. මහජනතාවට ඉතාම කිට්‌ටුයි කියන්න එහෙම කරන්න ඇති කියල තව අය කියනවා.

අද කාලෙ සාමාන්‍ය බ්‍රිතාන්‍යයො බොහෝ දෙනෙක්‌ ගෙදර කුස්‌සියට බඩු ගන්නේ ඉන්ටර්නෙට්‌ එකෙන් ඇනවුම් කරලා. ගෙදරටම ගෙනැල්ල දෙනව කිසි කතාවක්‌ නැතිව. ඒත් විලියම් කුමාරයා නැවත රැකියාවට ගියාට පස්‌සේ කේට්‌ගේ පරණ ගති මතුවෙන්න ඇති. සාමාන්‍යයෙන් නම් රජ පවුලට වෙලාවක්‌ නැහැ සුපර්මාකට්‌වල රස්‌තියාදු වෙලා ගෙදරට බඩු මුට්‌ටු ගන්න. ඩයනා කුමාරි නං ඉඳල හිටල කොන්සින්ටන්වල තියෙන මාක්‌ස්‌ ඇන්ඩ් ස්‌පෙන්සර් ඇඳුම් කඩයට ගොඩවෙනව කියල ආරංචි තිබුණා. ඒත් ඒ බැඳල හුග කාලෙකට පස්‌සෙ.

තමන් රජ පවුලට සම්බන්ධ වුණත් තමන්ගේ සාමාන්‍ය ජීවිතය අතහැරල නැහැ කියල පෙන්නල ලෝකයාගෙන් ප්‍රශංසා ලබා ගන්න වෙන්න ඇති කේට්‌ කඩේ යන්න ඇත්තෙ. එහෙම නැත්නම් එයාගේ අම්මගෙ තවත් ප්ලෑනක්‌ ද දන්නෙ නැහැ. අනෙක ඉන්ටර්නෙට්‌ එකෙන් නොගත්ත තමන්ට ඕන බඩු ලිස්‌ට්‌ එක ලියල දුන්නම කකුල් දෙක ළඟට ගෙනැල්ල දෙන සේවකයො රජ මැඳුරේ ඉන්නවනෙ. අනේ මන්දා රජ පවුලේ අයම ඒගොල්ලන්ට කඩේ ගියහම ඒගොල්ලන් වෙනුවෙන් කඩේ යන්න ඉන්න අයට මොකක්‌ද වෙන්නෙ.

ඒ අස්‌සෙ තවත් ජංජාලයක්‌ වෙලා. කේට්‌ගෙ නංගි පිපාට අසභ්‍ය චිත්‍රපට හදන කොම්පැණියකින් යෝජනාවක්‌ ඇවිල්ලා එවැනි චිත්‍රපටයක රඟපාන්න ගාස්‌තුව පවුම් මිලියන දහයයි. එයාව කැමැති කරව ගත්තොත් එයාගෙ සහෝදරයා ජේම්ස්‌ට පවුම් මිලියනයයි. නරක නෑ නේද ඩීල් එක. කොහොමත් එංගලන්තේ පුවත්පත්වලට අනුව කේට්‌ විලියම් මඟුල් දවසේ ලෝකයාගෙම ඇහැ දිනාගෙන තියෙන්නෙ මනමාලියගේ යෙහෙළිය වූ සොහොයුරිය පිපාය. නැතිනම් පිලිප්පායි. ඇගේ සිරුරේ හැඩරුවට වහවෙච්ච අයත් ඉන්නා බවයි ආරංචිය. එමෙන්ම එදින තිබුණු පීඩනයට ඉතා හොඳින් මුහුණු දුන්නා යනුවෙන් ඇයට ප්‍රශංසා ලැබිල තිබුණා.

කොහොම වුණත් මෙතෙක්‌ කලක්‌ රජ පවුලට කවුරුත් අත දික්‌ කරල ආරාධනය කළේ නැහැ. එනවද අසභ්‍ය චිත්‍රපටයක රඟපාන්න කියල දැන් ඒකත් වෙලා. රජ බිසව වෙන්න ඉන්න කෙනා කරත්ත තල්ලුකරගෙන කඩේ යනව. හොඳ ඉංග්‍රීසි මිනිස්‌සු කියනව ඇති මේව අහල පණ පලයං පෙරේදා කියලා.

එංගලන්ත රජ පවුල සුවිශේෂී පවුලක්‌. ලෝකයේ රටවල් ගණනාවක රැජිනියන් සිටියත් (The Queen) (ද ක්‌වින්) හෙවත් මහ රැජින කියල සඳහන් කළොත් ඒ සඳහන් කරන්නෙ එංගලන්තෙ මහ රැජින කියල කියන එකට විවාදයක්‌ නැහැ. මිනිස්‌සු දස දහස්‌ ගණන් එනව දිනපතා බකිංහැම් මාලිගය දකින්න, ඒ ඉස්‌සරහ ඉඳන් පින්තූර ගන්න, බකිංහැම් මාලිගය රැජනගේ නිල මාලිගයයි. ඇයගේ නිවස තියෙන්නෙ වින්සර් ප්‍රදේශයේ. ඒක පැරණි තාලයට තිබෙන දැවැන්ත මාලිගයක්‌. හීත්‍රොa ගුවන් තොටුපළ ආසන්නයේ තිබෙන එම මාලිගය බැලීමටත් මිනිස්‌සු වැල නොකැඩී යනව. මාලිගා ඇතුළත බලන්න සල්ලි දීල පෝලිමේ යනව ඒ එංගලන්තයට යටත් වෙලා හිටපු රටවල අය විතරක්‌ නෙමෙයි. ඇමරිකාව, කැනඩාව, රුසියාව ආදී රටවලින් එන සංචාරකයන්. තත්ත්වය මෙහෙම වෙන්නේ එම රජ පවුල සුවිශේෂි නිසා. විලියම් කුමාරයා කේට්‌ නෙවෙයි වෙන කාව බැන්දත් ජනතාව ඔය විදිහට දවස්‌ දෙක තුන රෑ තිස්‌සේ පාරේ ලැගලා දතකට හරියට මැදගන්නෙ තැනිව ඇඟ හෝදගන්නේ නැතිව ඒ මඟුල් ගෙදරට සහභාගි වෙන්න පෙළ ගැහිල ඉන්නව. ඒත් කේට්‌ වෙන කෙනෙක්‌ බඳින්න ආරාධනය කරල කාඩ් යෑව්ව අය විතරයි ඒ මඟුල් ගෙදරට එන්නෙ. ඉතින් රජ පවුලෙ තියෙන විශේෂත්වය සිහියට අරගෙන ඒ ක්‍රමයට සම්බන්ධ වෙන එක කේට්‌ගෙ ඇඟට ගුණයි කියලයි මට හිතෙන්නේ. විලියම් කුමාරය සාමාන්‍ය පවුලකින් බැඳපු එකට ජනතාව කැමැති වුණත් මනමාලි පිස්‌සු කෙලින්න ගියොත් ඔක්‌කෝම ආපස්‌සට හැරෙනවා. කේට්‌ගෙ සීය විලියම් කුමරුගෙ ආච්චිගෙ අම්මගෙ පතල්වල වැඩ කලා කියන කරුණ අපි අමතක කරල දැම්මත් මේ පවුල් දෙක අතරේ විශාල පරතරයක්‌ තියෙන වග අමතක කරන්න හොඳ නැහැ. සාමාන්‍ය ජනතාවට වගේ අද කන්නේ මොනවද හෙට කන්නෙ මොනවද කියල හිතන්න ප්‍රශ්න නැති රජ පවුලට සම්බන්ධ වුණා නං දැනගන්න ඕනෙ පවුලේ ගෞරවය, සම්ප්‍රදායයන් ආරක්‌ෂා කරන්න. එහෙම නැත්නම් තොප්පිය ගලවල තියල යන එක හොඳයි බොරු සෝබන කෑලි දාන්නෙ නැතිව.

මට මතක්‌ වුණා අතුරු මිතුරු දඹදිවතුරු කියන කියවිල්ලේ අලුත ගෙනා මනමාලිට හාල් පතක්‌ ගරාලා කියන පදය. අපි නං මනමාලිට සලකන්නෙ එහෙමයි. කොහොම වෙතත් අර මොකක්‌ද කියමනත් තියෙනවානෙ යකඩ ගැන. ආ මට මතක්‌ වුණා. "යාදෙක නොරත රත සමග පෑහීමක්‌ නැත.

Courtesy of Divaina News Paper


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction