sri express

ඒ 1971 කැරලි සමයයි. ජනතා විමුක්‌ති පෙරමුණ ෙච් ගුවේරා කල්ලිය නමින් හැඳින්වුණ සමයයි. සර්වජන ඡන්දයෙන් පත්වූ වාමාංශික රජයට විරුද්ධව තරුණයන් කැරලි ගැසූ සමයයි.

එවකට සාමාන්‍ය පෙළ සිසුවෙකුව සිටි මා හට කැරැල්ලට සම්බන්ධ වීමට ඉඩකඩ නොසැලසුනේ මගේ පියා පොලිස්‌ නිලධාරියකුව සිටි නිසාත් අප ජීවත්වුණේ පොලිස්‌ නිවාස වල වීමත් නිසා වන්නට ඇත. එහෙත් එකල විප්ලවයකට අවශ්‍ය අනුකාරක ගතිය මාතුළ තිබූ නිසාත් කිසිම දේශපාලන වාදයක්‌ නොදැන සිටි නිසාත් ලෙහෙසියෙන්ම මට එයට එක්‌වීමට ඉඩකඩ තිබිණ. කෙසේ හෝ එය මඟහැරිණ.

අප පියාගෙන්, කට කතාවලින්, ගුවන් විදුලි ප්‍රවෘත්ති සහ පුවත්පත් වලින් මෙම කැරලි තත්ත්වය පිළිබඳ අප දිනපතා දැනගත් කරුණුවලට අමතරව එහි තිබූ භයානකකම පිළිබඳ අත්දැකීමක්‌ අපට ලැබුනේ ගෙදරදීමය. කැරැල්ල ඇරඹී දින දෙකකට පසු ගෙදර පැමිණි පියා කඩිමුඩියේ දිවගියේ ලොකු අයියාගේ පොත් මේසය වෙතය. එහිවූ පොත් පෙරළමින් ඔහු යමක්‌ සොයනු අපි දුටිමු. ඔහු කුමක්‌ සෙව්වාද සෙවුදේ ඔහුට ලැබුනාද යෑයි නොදනිමි. එහෙත් අයියා විසින් ලියන ලද කවි කීපයක්‌ තිබූ කොල කැබැල්ලක්‌ සොයාගත් ම'පියා එය වහා කුස්‌සියට ගෙන ගොස්‌ රෑ බත ඉවෙමින් තිබූ ලිපට දමා අළු බවට පත්කරන ලදී. එවේලෙහි අයියා ගෙදර නොසිටි අතර බියකරු සිතිවිලි සමුදායක්‌ මා සහෝදර සහෝදරියන් අතරින් රිංගා ගියේ යෑයි මම සිතමි.

පසුව දැනගත් පරිදි තාත්තා රෑ සොයා ඇත්තේ අයියාගේ වයස අනුවත් ඔහු කැමැත්තෙන් සිටි දේශපාලන මතිමතාන්තර අනුවත් ඔහුගේ පොත්පත් අතර කැරැල්ලට සම්බන්ධ යමක්‌ ඇත්නම් එය සොයා විනාශ කර දැමීමේ අදහස ඇතිවය. අයියාගෙන් දැනගත් පරිදි තාත්තා පුච්චා දැමූ කවි කීපයේ අන්තිම පද මෙසේය.

රැකියා පැණ ඉක්‌මනින්ම විසඳගන්න ඕනෙනම්
අනාගතය සියළු සැපෙන් පුරව ගන්න ඕනෙනම්
රැකියාවක්‌ ඕනෙ නම් විප්ලවයක්‌ ඕනෙනම්
ඉස්‌සෙල්ලම වෙඩි තියපං ගුණරත්නට

අද තව වනතුරා ඒ ගුණරත්න කව්දැයි මා දන්නේ නැත.

දේශපාලන මතිමතාන්තර ලිවීමට පුරුද්දක්‌ නැති වුවත් 1971 දී මතක සිටි කරුණුත්, සාමාන්‍ය දැනීමත්, කියවා බලා දැනගත් කරුණුත් සම්මිශ්‍රණය වූ විට එම කැරැල්ල පිළිබඳව යම් මතයක්‌ අප තුළද ඇතිවී නැත්තේ නොවේ. ඒ මත අලුත් වීමට කරුණක්‌ පසුගියදා සිදුවිණ. ඒ අපගේ කියුබානු ගමනකි.

සැප්තැම්බර් මාසයේ මුල දින අටක්‌ අප ගත කළේ කියුබාවේ හවානා නුවර සහ ඒ ආශ්‍රිතවය. ෙච්ගුවේරා (කියුබානුවන් පවසන පරිදි ෙච් ගෙවරා) ෆිඩෙල් කැස්‌ත්‍රොa සහ තැමීලියෝ සින්ෆුගොස්‌ (Cienfuegos) පිළිබඳ මතකය යළි අවදිවී ඔවුන් පිළිබඳව තවත් සොයා බැලීමට සිත වෙහෙසෙමින් තිබිණ. ඔවුන් පිළිබඳව කතා කිරීමට පෙර හවානා නුවර පිළිබඳ යමක්‌ කිව යුතුය. එය නව සහ පැරණි හවානා නමින් දෙපසක්‌ එක්‌වූ නගරයකි. බැලූ බැලූඅත පෙනෙනුයේ අවුරුදු 75-100 පමණ පැරණි එහෙත් අලංකාර ගොඩනැඟිලිය.

ඉන් වැඩි කොටසක හුණු පිරියම් කිරීම් අතපසුව තිබුණු අතර අතරින් පතර නව පන්නයේ ගොඩනැඟිsලිද දක්‌නට ඇත. මේ ගොඩනැඟිලි විප්ලවයට පෙර විභූතිය මැනවින් කියාපායි. ඇමරිකානු විශාල මෝටර් රථ ටැක්‌සි වශයෙන් භාවිත වන බව පෙනිණි. සුදු සම්භවයෙන් යුක්‌ත වූවන්ගේ ප්‍රතිශතය වැඩි අතර කලු සහ සුදු හම ඇතියවුන් කියුබන් ජාතිකයන් වශයෙන් ඉතා සාමකාමී සහජීවනයක කල්ගත කරති. බැලූ බැල්මට දුගී දුප්පතෙක්‌ ලෙස පෙනෙන පුද්ගලයන් දක්‌නට නැති අතර පෙසෝ නමින් හැඳින්වෙන මුදල් වර්ග දෙකක්‌ රට තුළ භාවිත වෙයි. පිටරැටියන් බැංකුවේ තම රටේ මුදල් (පවුම් හෝ ඩොලර්) මාරු කරන විට ලැබෙන පෙසෝ එකක වටිනාකම කියුබන් ජාතිකයන් පාවිච්චි කරන පොසෝ විසිපහක්‌ පමණ වේ. අපිත් අපේ පෙසෝ තවත් බැංකුවකට දී කියුබානු ජාතිකයන් පාවිච්චි කරන පෙසෝ වලට මාරුකරගත් හෙයින් අපට සමහර කෑම සහ බීම කියුබන් ජාතිකයනට ලැබෙන මිලටම ලබා ගත හැකිවිය.

විප්ලවය පිළිබඳව හෝටලේ සේවකයන් ටැක්‌සි රියෑදුරන් ආදීන්ගෙන් විමසා සිටියෙමි. µsඩෙල් කැස්‌ත්‍රොa හෝ රවුල් කැස්‌ත්‍රොa ජීවත්වන ස්‌ථානය ඒ කිසිවෙක්‌ දන්නේ නැත. රට මූල්‍යමය වශයෙන් දියුණු වුවත් ජනතාව ඉන්නේ දරිද්‍රතාවයෙන් බව ඔවුන්ගේ කතාබහ වලින් වටහා ගතිමි. එය පෙනුමට පෙනෙන්නේ නැත. තවමත් ඔවුනට රජය මගින් සහනාධාර දෙයි. ඔවුනට විදේශ ගමන් බලපත්‍ර නැති අතර රටින් පිටවීම සිහිනයක්‌ පමණි. එක්‌ ටැක්‌සි රියෑදුරෙක්‌ මා හා පැවසුවේ රට යන්නට දෙතොත් මුළු කියුබානු ජනතාව මෙරට අතහැර දමා පිටරට යන බවය. එහි උඩින් පෙනුණු තත්ත්වයයි. එහි භාෂාව ස්‌පාඤ්ඤ හෙයින් ඉංග්‍රීසි කතාබහ සිදුවූයේ සීමාසහිතවය.

විප්ලවය පිළිබඳව දැන ගැනීමට හොඳම තැන 'විප්ලවීය කෞතුකාගාරය' බව පැවසූ නිසා මා එය සොයා ගියෙමි. එම ගොඩනැඟිල්ල විප්ලවයට පෙර කියුබාවේ ඒකාධිපතියා වූ µqල්පේන්සියෝ බැටිස්‌ටාගේ මාලිගාවයි. දැන් එහි තට්‌ටු තුනම ෙච්ගුවේරා, කැස්‌ත්‍රොa විප්ලවයට සූදානම් වූ කාලයේ පටන් ජයග්‍රහණය දක්‌වා වූ නොයෙක්‌ ආකාරයේ ලිපි ලේඛන, ඡායාරූප, ඇඳුම් පැළඳුම් හා වාහන ආදියෙන් සමන්විත වෙයි. විප්ලවවාදීන් සැඟවී සිටි කැලෑ ප්‍රදේශයන්හිදී ගන්නා ලද ඡායාරූප අපට ජවිපෙ සහ සිංහරාජ වනාන්තරය සිහියට නංවයි. ෙච් සහ කැස්‌ත්‍රොa විසින් පාවිච්චි කරන ලද ඇඳුම් පැළඳුම්, රහස්‌ ලියවිලි, දුම් පයිප්ප, ඇස්‌ කණ්‌නාඩි, ඉන පටි, සපත්තු බූට්‌ස්‌ ආදිය ලේබල් ගසා ප්‍රදර්ශනයට තබා ඇත. ජනතා විමුක්‌ති පෙරමුණ ෙච් ගුවේරාකාරයන් යෑයි හැඳින්වූයේ ඇයි යන්නට තිබූ ප්‍රතිපත්තිමය හඳුනාගැනීමට අමතරව ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, සැඟව සිටි ස්‌ථාන, සටන් ක්‍රම සහ අවි ආයුධ බොහෝ සෙයින් සමානකමක්‌ ගෙන ඇත. එහෙත් විප්ලව දෙකේ ක්‍රියාදාමයන් පිළිබඳව ඇති වෙනස්‌කම් කීපයක්‌ අපි දිටිමු.

එහි සඳහන් කර ඇති පරිදි කියුබානු විප්ලවය ඇරඹීමට පෙර ලක්‍ෂ පහකට අධික ජනයා නිසි ගෙයක්‌ දොරක්‌ නොමැතිව ඉතා දුගී දුප්පත් අඩියක ජීවත් වූ අය වූහ. එමෙන්ම තවත් ලක්‍ෂ පහකට අධික ජනතාවකට රැකියාවන් තිබුනේ නැත. කියුබාව පුරා දුප්පත්කමේ ගංවතුර ගලා ගොස්‌ තිබිණි.

එසේම පාලක පක්‍ෂයත් පාලිත පක්‍ෂයත් අතර ඉතා විශාල පරතරයක්‌ තිබුණු බවද පැහැදිලි වේ. රජය ඒකාධිපති ස්‌වරූපයක්‌ ගත් අතර එයට විරුද්ධව නැගී ආ තරුණ තරුණියන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවිය. අවුරුදු හාරසීයක්‌ ස්‌පාඤ්ඤයටද, අවුරුදු හතලිහක්‌ පමණ ඇමරිකාවටද යටත් වී සිටි කියුබාව 1902 දී ඇමරිකාවෙන් නිදහස ලබා ගත් පසුව ජනරජයක්‌ ලෙස පැවතුනත් පාලක පක්‍ෂය ගැති වූයේ ඇමරිකාවටමය. එහි ආර්ථිකය මුළුමනින් පාහේ පරිපාලනය වුණේ ඇමරිකානු සමාගම් වලිනි. සීනි නිෂ්පාදනය කියුබන් සුරුට්‌ටු ආදී රටට විදේශ විනිමය ගෙන ආ නිෂ්පාදන සියල්ලක්‌ම පාහේ අයත්ව තිබුනේ ඇමරිකානුවන්ටය. විප්ලවයෙන් පසු සියලුම ව්‍යාපාර ජනසතු විය. ඉන් වියරු වූ ඇමරිකාව සමහර සාප්පු සංකීර්ණ වලට ගිනිතබා, සීනි කම්හල් වනසා ගුවන්තොටුපොළට බෝම්බ හෙළුe බව එම කෞතුකාගාරයේ සඳහන්ව ඇත. තවද ෆිඩෙල් කැස්‌ත්‍රොaගේ ජීවිතය නැතිකර දැමීමේ ක්‍රියාදාමයන් එකසිය පනහකට වැඩි වාර ගණනකදී උත්සාහ කර ඇති බවද සඳහන් වේ. ඇමරිකාව කියුබාවට නොයෙකුත් ආර්ථික සම්බාධක පනවා තිබුණත් අද කියුබානු පෙසෝ එකක වටිනාකම ඇමරිකානු ඩොලරයකට වඩා මඳක්‌ වැඩිය. එයින් එරට ආර්ථිකයේ ශක්‌තිමත්භාවය අපට අවබෝධ වේ.

කියුබානු විප්ලවයේ නියමුවෙක්‌ වූ ෙච් ගුවේරා කියුබානු ජාතිකයෙක්‌ වූයේ විප්ලවයෙන් පසු කැස්‌ත්‍රොa රජය විසින් කෙරුන ප්‍රදානයකිනි. ඔහුගේ ජාතිකත්වය ආර්ජන්ටිනාය. 1958 දෙසැම්බර් 2 දින පුද්ගලයන් 82 ක්‌ සමඟ කියුබාවට නැවත ගොඩ බට කැස්‌ත්‍රොa 1959 ජනවාරි 1 දින ෙච් ගුවේරා සහ කැමිලියෝ ප්‍රධාන විප්ලවකාරී හමුදාවෙන්ගේ උත්සහයෙන් ඒකාධිපති රජය පලවා හැර ජනතා ජයග්‍රහණය ලබා ගත්හ. එවකට කියුබාවේ තිබූ දුප්පත් ජනයාගේ අමිහිරි ජීවිතත් කම්කරුවන්ගේ පීඩිත වූ රැකියාවනුත් රැකියා අහිමිව සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඉන්න හිටින්න ගෙයක්‌ දොරක්‌ නැතිව අටවාගත් පැල්පත්වල විසූ ජනයාගෙනුත් විප්ලවයට ලද සහය අපමණ වූ අතර එවකට සිටි රජය ගෙනගිය ප්‍රතිපත්ති මත ඔවුන් විසින්ම විප්ලවයට පාර කපා තිබිණ. එය ෙච්, කැස්‌ත්‍රොa ආදීනට විශාල උපකාරයක්‌ විය. උක්‌ගස්‌ වගාවන්හි යෙදී සිටි කම්කරුවන් විසින් ට්‍රැක්‌ටර් යන්ත්‍ර මුහුණත වෙනස්‌ කොට සාදන ලද යුද්ධ ටැංකිත් වෙනත් කම්කරුවන් විසින් නිපදවන ලද තුවක්‌කුත් අත්බෝම්බත් සමඟ විප්ලවයට එළඹුණු එම විප්ලවවාදීන්ට මුළු රටේම පාහේ ආශිර්වාදය ලැබිණි. නිත්‍ය වශයෙන්ම පෙරළියක්‌ විප්ලවයක්‌ රටට අවශ්‍ය බව රාජ්‍ය සහ කර්මාන්ත හිමියන් හැරුණු කොට එහි සිටි සියලුම කියුබානුවන් පිළිගෙන තිබිණි. ඔවුන්ට කුලවල ප්‍රශ්න තිබුනේ නැත. ඔවුන්ට ගමේ රාළහාමි හෝ පොලිස්‌කාරයා සමඟ හුටපට තිබුණේ නැත. විප්ලවයක්‌ කෙරෙන අතරතුරේ ඔවුන් ගම්මුන් විසින් පොලිසියට අල්ලා දුන්නේ නැත. ඔවුන් වැඩ කළ කම්හල් ගොවිපොළවල් අයිතිකරුවන්ගේ ගෙවල්, දොරවල් අත්පත් කරගත් පසු ඒවායේ පැලපදියම් වීමට හෝ ඒවායේ තිබූ උස්‌පුටු වල වාඩිවීමට ඔවුනට අවශ්‍යතාවක්‌ තිබුණේ නැත. කොටින් මුළු කියුබාවම එකහෙළා විප්ලවයක්‌ ඉල්ලා සිටි අවස්‌ථාවක එමෙන්ම එකල රජය විසින් විප්ලවයක්‌ සඳහා පාරකපා තිබූ අවස්‌ථාවකය කියුබානුවන් විප්ලවය කොට ජයග්‍රහණය කරා ගෙන ගියේ.

හවානා නගරය සහ ආශ්‍රිතව තවමත් ෙච් ගුවේරා, කැස්‌ත්‍රොa සහ කැමිලියෝගේ ඡායාරූප, බිත්තිවල ඇඳි රූප ආදිය දක්‌නට ඇත. දැන් කියුබාව පාලනය කරන්නේ කැස්‌ත්‍රොaගේ සොහොයුරා වන රවුල් වුවත් ඔහුගේ එකදු රූපයක්‌ හවානා නගරයේ නොදිටිමි. ඇමරිකානු පැරණි මෝටර් රථ හැරුණු කොට අමෙරිකානු යෑයි පවසන්නට යමක්‌ එහි තවත් ඉතිරි වී නැත. අප කුඩා කාලයේ ශ්‍රී ලංකාවේ වාමාංශික පක්‍ෂ වල සටන් පාඨයක්‌ වූ "කියුබාවට අත නොතබනු" මගේ මතකයට නැඟිණ. ඒ කිවුවේ අමෙරිකාවටය. එය සාර්ථක වී ඇති බව අපට හැඟේ. කියුබාව දේශගුණය පරිසරය අතින් බොහෝ දුරට ශ්‍රී ලංකාවට සමානය. ගංගා ඇළ දොළ, ගස්‌ කොළන්, කඳු වැටි යනාදියද ශ්‍රී ලංකාවේ මෙන්මය. එහි ඉඳහිට මැඩියෙක්‌ දෙන්නෙක්‌ දක්‌නට ලැබේ. එවැනි උෂ්ණත්වයක්‌ ඇති දේශගුණයකදී නින්දට යන විට මදුරු කොයිල් දුම ආඝ්‍රානය නොකළහොත් හෝ මදුරුවන් නොකෑවොත් නින්ද නොයන පුරුද්දක්‌ මට ඇති නිසා කියුබාවේදී මට හොඳින් නින්ද ගියේ කෙසේදැයි මම තවමත් සිතමින් සිටිමි.

එදා ෙ-වීපීකාරයන් ෙච් ගුවේරා කාරයන් ලෙස හඳුන්වා ළමාවියත් තාරුණ්‍යයත් අතර සිටි අප බිය කළත් හවානා නගරයට ආ මගේ මනසට දැනුණේ සුවයකි. 71 කැරලි සමයේ ආණ්‌ඩුවේ කව්දොa "ෙච් ගුවේරා මහත්තයා" ගැන කීවත් මේ රටේ කිසිවෙක්‌ ඔහුට එබඳු ඇමතුමක්‌ කරන්නේද නැත.ඒ 1971 කැරලි සමයයි. ජනතා විමුක්‌ති පෙරමුණ ෙච් ගුවේරා කල්ලිය නමින් හැඳින්වුණ සමයයි. සර්වජන ඡන්දයෙන් පත්වූ වාමාංශික රජයට විරුද්ධව තරුණයන් කැරලි ගැසූ සමයයි.

එදා ෙ-වීපීකාරයන් ෙච් ගුවේරා කාරයන් ලෙස හඳුන්වා ළමාවියත් තාරුණ්‍යයත් අතර සිටි අප බිය කළත් හවානා නගරයට ආ මගේ මනසට දැනුණේ සුවයකි. 71 කැරලි සමයේ ආණ්‌ඩුවේ කව්දොa "ෙච් ගුවේරා මහත්තයා" ගැන කීවත් මේ රටේ කිසිවෙක්‌ ඔහුට එබඳු ඇමතුමක්‌ කරන්නේද නැත.

Courtesy of Divaina News Paper

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction