sri express

මම 1983 ජුලි කලබලවලට මැදිවූ පුද්ගලයෙක්‌මි. එවකට රාජගිරියේ මාදින්නාගොඩ විසූ මා සහ බිරිඳ සුපුරුදු පරිදි උසාවි යැම සඳහා බොරැල්ල හරහා එන විටත් ඒ ජාතිවාදී කෝලාහලයේ රඟ දැක ගන්නට ලැබුණේ බොරැල්ල හන්දියේ දැවෙමින් තිබුණු කඩ සාප්පු දෙස බලා සුසුම්ලමින් අලුත්කඩේ දෙසට සැපත් වූ අපට දැක ගන්නට ලැබුණේ ඊටත් වඩා ෙ€දජනක සිදුවීමකි.

ඒ ජාත්‍යාලයෙන් යුතුව වීඩියෝ රෙකෝඩර්, ටෙලිවිෂන් යන්ත්‍ර, හාල් ගෝනි, කරතබා ගෙන ගෙවල් කරා දිව යන පිරිස්‌ය. ඔවුන්ගේ ඉහින් කණින් වැගිරෙන ජාත්‍යාලයය.

උසාවිය වසා තිබිණ. නැවත වාහනයට ගොඩවී මරදාන දෙසට රිය පැදවූ මා නතර කළේ ටෙක්‌නිකල් හන්දියේ සිටි සිවුරක්‌ පෙරවූ පුද්ගලයෙක්‌ (ඔහු ස්‌වාමීන් වහන්සේ නමක්‌ යෑයි නොසිතමි) ප්‍රමුඛ ජාත්‍යාලයෙන් පිරි කණ්‌ඩායමකි. ඔවුන්ගේ අතේ පොලු මුගුරු විය. පිස්‌තෝලයක්‌ද පෙනී නොපෙනී ගියේය. "කියපන් බාල්දිය කියලා." සිවුරු පෙන් වූ පුද්ගලයා මට මහ හඬින් අණ කළේය. මගේ කාල වර්ණය අනුව මා දෙමළ ජාතිකයකු යෑයි වරදවා වටහා ගත් ඔහුගේ අණින් බිය පත්වූ මට කිසිවක්‌ නිනව් නැති විය. බාල්දිය කියා බාල් වත් කියා ගන්නට මට බැරි විණි. ඉදිරියට පැන මගේ බිරිඳ "මේ අපි සිංහල මිනිස්‌සු" නොකිව්වා නම් මගේ අළු එකතු කරන්න වෙන්නේ බාල්දියකින්ය.

ජාතිවාදී ස්‌වරූපයකින්ම දැන් මංකොල්ලකරුවන්ගේ රජදහනක්‌ බවට පත්වන්නට ඉඩ හැර තිබෙන ලන්ඩනය ප්‍රමුඛ ප්‍රධාන නගරවල තත්ත්වයද එදා 1983 දී ශ්‍රී ලංකාවේ තිබූ තත්ත්වයමය.

දැනට සතියකට පෙර උතුරු ලන්ඩනයේ පොලිස්‌ බළ ඇණියක්‌ විසින් නතර කරන ලද වාහනයක සිටි පාතාල ලෝකයේ අයෙකැයි පොලිසිය විසින් හඳුන්වන ලද කළු ජාතිකයෙක්‌ පොලිස්‌ වෙඩි පහරින් මරණයට පත්විය. මුලින් පොලිසිය කීවේ ඔහු ඔවුනට වෙඩි තැබීමට තැත්කරන විට ඉක්‌මන් වුණු පොලිසිය ඔහුට වෙඩි තැබු බවයි. එහෙත් දැනට හමාරවී තිබෙන පොලිස්‌ පරීක්‍ෂණවල නිගමනය වූයේ ඔහුගේ අතේ ගිනි අවියක්‌ නොතිබූ බවයි. ඒ මරණය පිළිබඳ කරුණු විමසීමට සියයක පමණ පිරිසක්‌ පෙළපාළියකින් එම පොලිසිය කරා ගමන් කෙරිණි. එම ප්‍රදේශයේ වැඩි ජනගහනය කළු ජාතිකයන් වූ අතර පෙළපාළියේ ගමන්ගත් බොහෝ දෙනෙක්‌ද කළු ජාතිකයෝ වූහ. එහෙත් පොලිසිය ඔවුන්ගේ විමසීම ගණනකට නොගෙන උත්තර සැපයීම ප්‍රතික්‍ෂේප කළේය. ඔවුනට විසිරි යන ලෙසද අණ කරන ලදී. මෙයින් කුපිත වූ එම පෙළපාළිකරුවෝ එම ප්‍රදේශයේ (ටොටෙන්හැම්) කෙළින් වීදියේ තිබූ කඩ සාප්පු වනසමින් යන්නට වූහ. බොහෝ දෙනෙක්‌ එම සාප්පුවල තිබූ බඩු බාහිරාදිය මලුවල දමා ගෙන යාමද කළෝය.

ක්‍ෂණයකින් එම ප්‍රදේශයට තවත් සිය ගණනක්‌ තරුණ මංකොල්ලකරුවෝද හොරුද ඇතුළු වන්නට වූහ. පොලිසිය නිරුත්තර විය. මෙයට තවත් කරුණක්‌ වූයේ පාරේ වැටී සිටින කළු තරුණියක්‌ වටකරගත් පොලිස්‌ නිලධාරීන් සිටින ඡායාරූපයක්‌ Face Book හි පළවීමයි. Face Book සහ දුරකථන SMS මගින් එක්‌රැස්‌වූ පිරිස්‌ කලහකරමින් එම ප්‍රදේශය යුද පිටියක්‌ බවට පරිවර්තනය කළහ. සමහරු ගොඩ නැඟිලිවලට හා වාහන වලට ගිනි තැබූහ. බලං සිටියා මිස පොලිසිය කිසි දෙයක්‌ කළේ නැත. ගිනිගෙන දැවෙන ගොඩනැඟිලි නිවීම සඳහා ගිනි නිවන හමුදාවත් එම ප්‍රදේශයට ඒම ප්‍රතික්‍ෂේප කළහ. ඒ ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක්‌ පොලිසියට දීමට නොතිබීම නිසාය. අවුරුදු සිය ගණන් පැරණි ගොඩනැඟිලි බිමට සමතලා විය. සමහර තැන්වල ඉතිරිවූයේ සැකිල්ල පමණි.

කළු ජාතිකයකු මරා දැමී යයි ඇරඹුණු විරෝධතාවය සොරුන්ගේ මංකොල්ලකරුවන්ගේ ව්‍යාපාරයක්‌ බවට ක්‍ෂණයකින් පරිවර්තනය වූයේ එසේය. බස්‌ රථ හා පොලිස්‌ රථද ගිනි තබන ලදී. පොලිසිය බැටන් පොලු අත තබාගෙන බලා සිටියා මිස එකෙකුට හෝ පහර දුන්නේද නැත.

ඒ මෙහි තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කරුමයයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආශීර්වාදයකි. එහෙත් එය මත සිට කෙරෙන දේශපාලනමය නිරවද්‍යතාවය (Political Correctress) ආරක්‍ෂා කිරීමට යැමේදී සිදුවන්නේ මංකොල්ලකරුවන් මූලික අයිතිවාසිකම් තහවුරු වී සාමාන්‍ය ජනතාවගේ මානුෂික අයිතිය අහිමිවී යැමයි. අද ලන්ඩනයේ කෙරෙන පොලිස්‌ පසුබෑම එයට හොඳම උදාහරණයයි.

මෙය මෙසේ සිදුවන විට තවත් දෙයක්‌ සිදුවිය. එනම් අගමැති කැමරන්, උප අගමැති ක්‌ලේග් සහ ලන්ඩන් නගරාධිපති ජොන්සන් යන තිදෙනාම නිවාඩු ගත කිරීම සඳහා විදේශ ගතව සිටීමයි. පොලිසියේ සිටියේද වැඩබලන පොලිස්‌පතිවර යෙක්‌ පමණි. ලන්ඩනය මුළුමණින්ම අරාජික තත්ත්වයකට පත්විණි. සෑම රූපවාහිණී චැනලයකම සිදුවන දේ සජීවීව දර්ශනය කෙරුණු අතර බ්‍රිතාන්‍යය ඇසිපිය නොහෙලා බලා සිටියේ තුන්වන ලෝකයේ රටවල වත් සිදු නොවන තරම් පහත් විශ්වාස කළ නොහැකි මංකොල්ලකෑම් ලන්ඩනයේ සිදුවීම් පිළිබඳවය.

පළමුවෙන්ම ඔවුන් මංකොල්ලකෑමේ මොබයිල් ෆොන් වෙළෙඳසල්ය. ඒ සමගම කොම්පියුටර්, ලැප්ටොප් ටීවී ආදි නොයෙක්‌ ආකාරයේ විදුලි උපකරණ ඉතා සාමකාමීව රැගෙන ගෙවල් බලා ගෙන යන ආකාරය දක්‌නට ලැබිණ. පොලිසිය කළේ අසරණව බලා සිටීම පමණි. ගිනිගත් ගෙඩනැඟිලිවල ඉහළ මාලවල සිටි පවුල් මහ පාරේ තැනින් තැන හඬමින් සිටිනු දක්‌නට ලැබුණු අතර ඔවුනට ඉතිරිවී තිබුණේ හැඳ සිටි වස්‌තරය පමණි. දරුවන්ගේ පොත්පත් පවා ගින්නෙන් දැවී ගොස්‌ තිබිණි.

පෙළ ගැසී මුරට සිටි පොලිස්‌ නිලධාරීන් ඉදිරියට ආ කළු ජාතික තරුණයෙක්‌ ඔහුගේ කලිසම පහත් කොට පශ්චාත් භාගය ප්‍රදර්ශනය කළේය. ශ්‍රී ලංකා පොලිසිය අපට මතක්‌ වූයේ එවිටය. ශ්‍රී ලංකා ආරක්‍ෂක පිළිවෙත අපට අගය වූයේ එවිටය. ජනතාවගේ ආරක්‍ෂාව තකා ශ්‍රී ලංකා පොලිසිය නම් මේ වන විට මෙම කැරැල්ල මර්දනය කර දමනු ඇති බව දුරකථන වලින් අදහස්‌ හුවමාරු කරගත් ලන්ඩන්වාසී ශ්‍රී ලාංකික මිතුරන්ගේ ද අදහස විය. මේසා විශාල අපරාධයක්‌ මේසා විශාල විනාශයක්‌ ඇස්‌පනා පිටම වන්නට ඉඩ නොදී වලක්‌වා ගැනීමට නොහැකි පොලිසියකින් ඇති ඵලය කිම? කලිසම පහත් කළ අමනයාගේ පශ්චාත් භාගය යහතින් නැවත කලිසම යටට යනතෙක්‌ බලා සිටි හමුදාවකින් ජනතාවගේ ආරක්‍ෂාව කෙසේ සහතික වන්නද?

බ්‍රිතාන්‍යයේ ප්‍රජාතාන්තිකවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ආදිය පිළිබඳව සැකයක්‌ නැත. ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්‍ෂාකරණ පාර්ලිමේන්තුවකුත් හමුදාවනුත් හිමි මෙරට ඕනෑම පුද්ගලයකුට තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ පැවැසීමට බාධාවක්‌ නැත. එය ජාතික ආරක්‍ෂාවට අහිතකර නොවනතාක්‌ කල් එවැනි කතාවලට ඉඩ හැර සිටීම සාමාන්‍ය දෙයකි. හයිඩ්පාක්‌ Hyde Park හි Speakers Corner වෙත ගොස්‌ මහ රැජිනට වුවද බනින්නට පුළුවන. අගමැති කැමරුන්ව පළු පලන්නට පුළුවන. කිසිවක්‌ වන්නේ නැත.

මෙහි පැවතෙන නිදහස්‌ ප්‍රකාශනයේ ලක්‍ෂණය එයයි. එහෙත් කලිසම ගලවා පස්‌ස පෙන්වා යන තුරු ප්‍රජාතන්ත්‍රයේ නාමයෙන් ඉවසා වදාරන්නට යෑයි කවරකු හෝ කිවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවගේම මූලික අයිතිවාසිකම් හෝ මානව අයිතිවාසිකම් කඩවීමක්‌ යෑයි මම පුද්ගලිකව සිතමි. ප්‍රසිද්ධියේ නිරුවත ප්‍රදර්ශනය කළ පුද්ගලයින් කීදෙනකු අදත් මෙහි හිරගෙවල සිටී දැයි මම නොදනිමි.

කෙසේ වෙතත් මෙහි තවත් පැත්තක්‌ ඇත. අද බොහෝ අරාබි රටවල ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා කෙරෙන සටන් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ආකල්පය අපි පැහැදිලිවම දනිමු. යේමනය, ඊජිප්තුව, ටියුනීසියා ආදී රටවල කෙරුණු සහ සිරියාවේ කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලවලට බ්‍රිතාන්‍යයේ සහය අප්‍රමාණ බවද අප දනිමු. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය මුදුන් මල්කඩක්‌ වූ බ්‍රිතාන්‍යයේම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව නිසා ඔවුන් විඳින කරදරය කලබලය අවහිරය අපි අද අත්දකිමු. රටක්‌ ජාතියක්‌ පිළිබඳව ආදර්ශයක්‌ කැක්‌කුමක්‌ නැති පුද්ගලයන් හට මොන ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂවද? මොන දේශපාලන නිවරද්‍යතාවයද?

ලන්ඩනයෙන් ඇරඹුණු මංකොල්ලකෑම් මේ වන විට එංගලන්තයේ ප්‍රාන්ත ගණනාවකට පැතිරී ගොස්‌ ඇත. ලන්ඩනය වුවද පාලනය කිරීම ලෙහෙසි කටයුත්තක්‌ නොවේ. මෙහි උතුරු ලන්ඩනයේ තැපැල් කොටස්‌වලට බෙදුණු නගර 22 ක්‌ද, දකුණු බටහිර ලන්ඩනයක්‌ද, නැගෙනහිර ලන්ඩනයේ නගර 17 ක්‌ද, දකුණු නැගෙනහිර ප්‍රදේශයක්‌ද වේ. මෙය කොළඹ මෙන් තිස්‌ ගුණයක්‌ පමණ විශාලය. පොලිස්‌ බළඇණි ප්‍රමාණය අනුව කැරලිකරුවන් මර්දනය කිරීමට ලන්ඩනය වටා යැම සුළු පටු කාර්යයක්‌ නොවේ. තම චාරිකා අවලංගු කොට ලන්ඩනයට නැවත පැමිණි අගමැති උපඅගමැති නගරාධිපති ප්‍රධාන කණ්‌ඩායම මෙම මර්දනයට නොයෙක්‌ පිළියම් සොයති.

ප්‍රධාන වශයෙන් මෙම කලබල ව්‍යාප්ත වූයේ පීඩිත පන්තියත් පීඩනයට පත් පන්තියත් රැකියා විරහිත භාවයෙන් උත්සන්නව සිටි ප්‍රජාවනුත් හෙයින් ඔවුන් පිළිබඳව මෙතෙක්‌ කල් දැරූ ආකල්පයන්හි වෙනසක්‌ කිරීමට ඇවැසි බව ඉතා ඉහළින් කතා කෙරීගෙන යයි. මේ වන විට මෙම කැරලි මර්දනය සඳහා 20,000 කට අධික පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යොදවා ඇති අතර සමහර විට මෙම ලිපිය පලවන විට බ්‍රිතාන්‍ය හමුදාව වුව පාරට බැස්‌සවීමට ඉඩකඩ ඇත. සමහර ප්‍රදේශවල ආරක්‍ෂා ගම්මුන් විසින් අතට ගෙන ඇති අතර ඔවුන් කණ්‌ඩායම් වශයෙන් සෑදි ගම් නගර ආරක්‍ෂා කරන අයුරුද සික්‌ ජාතිකයන් සිය ගණනක්‌ එක්‌වී ඔවුන්ගේ පන්සලක්‌ ආරක්‍ෂා කරන අයුරුද අපට දක්‌නට ලැබිණි.

කෙසේ වෙතත් මෙම ලන්ඩන් කැරැල්ලෙන්, මංකොල්ලයෙන් උගත යුතු පාඩමක්‌ද ඇතැයි සිතේ. පසුගිය වසර කීපයේම බ්‍රිතාන්‍ය ආණ්‌ඩු විසින් තරුණ ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිsටි, තරුණ ව්‍යාපෘති ආදියට ලබාදුන් මූල්‍යමය සහනාධාර කපා හරින ලද අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අධික ගාස්‌තු අයකිරීම මගින් අධ්‍යාපන විරහිත රැකියා විරහිත අසහනකාරී තරුණ පරම්පරාවක්‌ බිහිවීමට ඉඩ හරින ලදී. පසුගිය කාලයේ ඇතිවූ සිසු කැරැල්ලද එවැනි ගාස්‌තු වැඩිවීම මත සිදු කෙරුණකි. විනෝදවීමට එක්‌රැස්‌ වීමට කතා කිරීමට ක්‍රීඩා කිරීමට අධ්‍යාපනය ලැබීමට නොහැකි වූ පිරිස්‌ එක්‌ රැස්‌වී ගිනි කන්දක්‌ ලෙස පුපුරායැම සිදු විය හැකි දෙයක්‌ බව මෙහි වෘත්තීමය මංකොල්ලකරුවන්ට එක්‌වී මංකොල්ලකරුවන් ලෙස ලේබල් වැදුණු තරුණ තරුණියන් දෙස බැලූ විට පෙනෙන බව අමතක කර දැමිය හැකි කරුණක්‌ නොවේ.

එනිසා රටක තරුණ අසහනය පිළිබඳව විමසා නොබලන විමසා බැලීම අතපසු කරමින් සිටින, විමසා බැලුවත් පිළියමක්‌ නොකරන රටවල ආණ්‌ඩු ඇස්‌ගෙඩි වලට වතුර ටිකක්‌ හා අද එංගලන්තයේ තරුණ කැරැල්ල පිළිබඳව විමසීම කළ යුතු යෑයි මට සිතේ. එය තරුණ අසහනයටම පමණක්‌ සීමා කළ නොහැක. රටක සුළු ජාතීන්ගේ අසහනයත් ඒ හා සමානම දෙයකි.

 

Courtesy of Divaina News Paper


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction