sri express

සුද්දා පරයාය. ඒත් හැම පරයාම සුද්දෙක්‌ නොවේය. මේ පරයා යනුවෙන් මා සඳහන් කරන්නේ ඉංගී්‍රසි ශබ්දකෝශයේ එන PARIAH යන වචනයේ සිංහල වචනයයි.

මෙම ඉංගී්‍රසි වචනය පිටස්‌තරයකු හැඳින්වීමට මෙන්ම කුලයෙන් හෝ සමාජමය අංශයකින් ඉවත් කළ අයකු යොදා ගැනීමට තවමත් යෙදේ.

අප පාලනය කළ පෘතුගීසි ජාතිකයා හෙවත් පරංගියාද, ඕලන්දක්‌කාරයා හෙවත් ලන්සියාද බ්‍රිතාන්‍ය ජාතිකයා හෙවත් ඉංගී්‍රසි සුද්දාද ඔවු නොවුන්ගේ පාලන සමයන්හි ශ්‍රී ලාංකික ජනතාව තලා පෙලා කටයුතු කළ බව රහසක්‌ නොවේ. රජකාලේ පටන් පැවතීගෙන ආ දඬුවම් අතරින් ගස්‌ බැඳීමද ඔවුන් නොකළා නොවේ. මේ දඬුවම් මෙන්ම සුද්දන්ගේ අසාධාරණ ක්‍රියා නොඉවසූ සමහර ශ්‍රී ලාංකිකයන් අතින් පර සුද්දා යනුවෙන් ඔවුන් හැඳින්වෙන්නටද ඉඩ තිබෙන්නට ඇත.

අප රටේ නොව වෙනත් රටක නිසා "පර" යන විශේෂණය යෙදුනා වන්නටද ඇත. පව් යන්න බැලූ බැල්මටමද ඇසූ පමණින්මද නරක වචනයක්‌ ලෙස දැනුනද එය නරක වචනයක්‌ නම් නොවේ. එහෙත් එය වර්තමාන සමාජයේ සමහරුන් කරන නරක කාර්යයන් නිත්‍ය වශයෙන්ම හඳුන්වා දීමට යොදන බව අපි හො¹කාරවම දනිමු.

පරංගියා එළවා දමා ආ ලන්සියාද ඔවුන් එලවා දමා ආ සුද්දා ද සමස්‌තයක්‌ වශයෙන් අවුරුදු 450 ක පමණ කාලයක්‌ ලංකාව පාලනය කරන සමයේ කවදා මේ ව්‍යසනයෙන් අප රට ගැලවේ දැයි එදා සිට ශ්‍රී ලාංකිකයන් සිහින මව මවා ඉන්නටද ඇත. 1948 අප නිදහස ලබනා විට මින්මතු තවත් පරදේසක්‌කාරයකුගෙන් අතවරයක්‌ අවමානයක්‌ බාධාවක්‌ නොවේ යෑයි සිත සිතා සැනසෙන්නටද ඇත. එහෙත් එදාටත් වඩා ඈත ගල් යුගයකට අප නැවත කැන්දාගෙන යාම සිදුවේ දැයි සිහිනෙන්වත් බලාපොරොත්තු නොවුනා නොවේ. එහෙත් ඒ සිහින බොඳවීගෙන යයි.

ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ වගන්ති 330 සිට 333 දක්‌වා ඇත්තේ (Wrongful Restrain) නීති විරෝධී නවතා තැබීම සහ (Wrongful Confinement) නීති විරෝධී සිරකර තැබීම යන වැරැදි පිළිබඳවය. නීති විරෝධී නවතා තැබීමට මාසයක සිර දඬුවමක්‌ හෝ රුපියල් පණහක දඩයක්‌ද නීති විරෝධී සිරකර තැබීමට වසරක සිර දඬුවමක්‌ හෝ රුපියල් දහසක දඩයක්‌ද නීතියෙන් නියමවී ඇත. නීති විරෝධී රඳවා ගැනීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්‌ මෙන්ම මානුෂික අයිතිවාසිකම්වලටද එරෙහි වරදක්‌ වන්නේය.

පොලිසිය යනු සාමය පවත්වාගෙන යන්නාය. නීතිය ක්‍රියාත්මක කරවන්නාය. එහි රාත්‍රියේ ලයිට්‌ නොමැතිව බයිසිකල් පදින්නාගේ සිට ජාත්‍යන්තර අපරාධකරුවා කෙරෙහිද එක සේ ක්‍රියාත්මක වන්නක්‌ විය යුතුය. විශේෂයෙන්ම තමන් ඉදිරිපිටදී සාමය කඩවීමක්‌ හෝ දණ්‌ඩ නීති සංග්‍රහයේ වගන්තියක්‌ උල්ලංඝනය වුවහොත් හෝ නොපමාව කටයුතු කොට තම රාජකාරියේ ගෞරවය රැකීම අවංක, දක්‍ෂ, නිර්භීත පොලිස්‌ නිලධාරියකුගේ ඒකායන කාර්යය වන්නේය. එය සිඟන්නාගේ සිට ඉහළම ධනවතා දක්‌වාද දරුවාගේ සිට මහල්ලා දක්‌වාද එසැණින් ක්‍රියාත්මක වන්නක්‌ විය යුතුය. එය දේශපාලන ව්‍යqහයට යෙදුවහොත් ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ පටන් අගමැතිවරයාගේ වෙනසක්‌ දැකිය හැක්‌කක්‌ නොවිය යුතුය.

කාරණා එසේ හෙයින් දණ්‌ඩ නීති සංග්‍රහය උල්ලංඝනය වන වරදක්‌ තමන් ඉදිරිපිට වනවා දැක එය තේරුම් නොයන හෝ වරද කරන්නා හට බියෙන් හෝ නිසි පියවර නොගෙන ලතවන පොලිස්‌ නිලධාරීන් හට තම යුනිෆොaමය ගලවා තබා ගෙදර යන්නට තවමත් ප්‍රමාද නැත. එසේ ගියද තම නොහැකියාව ප්‍රදර්ශනය කොට පොලිස්‌ සේවය අපහාසයට ලක්‌කිරීමේ වරද මත විනය පරීක්‍ෂණයකට භාජන වීමට සිදුවීම අනිවාර්ය යෑයි අප සතුටු වන්නේ වර්තමාන පොලිස්‌පතිතුමා කෙළින් මිනිසෙකැයි අප දන්නා නිසාය. රථවාහන නීති උල්ලංඝනය කරන පොලිස්‌ නිලධාරීන් පවා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරනවා යෑයි පැවසූ ඔහුට මෙවැනි විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට අණ දීමත් ක-ජක්‌ද? පොලිස්‌ නිලධාරියෙක්‌ තම රාජකාරිය පැහැර හැරීමත් වෛද්‍යවරයෙක්‌ ලෙඩෙකුට ප්‍රතිකාර ප්‍රතික්‍ෂේප කිරීමත් එකම ගණයේ වැඩය.

ශ්‍රී ලංකාවේ සමහර කටයුතු බටහිර සමග සන්සන්දනය කිරීම අවශ්‍ය නැත. එංගලන්තයේ නම් මෙහෙමයි කීමද අවශ්‍ය වන්නේ නැත. එසේ සිතිය යුතු වන්නේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවම නිසාය. එක අතකින් මේවාත් වැඩදැයි සිතේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අනාගතය, ශ්‍රී නාමය විනාශ කිරීමට "බටහිර බලවේග" අවශ්‍ය වන්නේ නැත. අප ශ්‍රීමතුන්ගෙන්ම සිදුවේ. එක්‌ පසෙකින් එක්‌සත් ජාතීන් බිමට සමතලා කිරීම සඳහා කෙරෙන දින තුනේ උපවාසයන්ය. අනෙක්‌ අතින් කඹ රෝල් කරගත් දේශපාලනඥයන්ය. ඉහළ බැලූ විට ස්‌ත්‍රී දූෂණ චෝදනා ලැබ යහතින් වැජඹෙන නීතිය හා යුක්‌තිය ඉටුකිරීමට කැපවූවෝය. සතුරා සිටින්නේ විපක්‍ෂයේම යෑයි යන සිතුවිල්ල යල් පැන ගිය එකකි. අද හැඩි දෙමළුද නැත. මහ මුහුද ද නැත.

වැඩ නොකළා කියා ගස්‌ බඳිනවා නං අද පාර්ලිමේන්තුව වටා තව තවත් ගස්‌ කොළන් සිටුවීම අවශ්‍ය වන්නේ ඇයි ද යෑයි එය වටා ඇති ගස්‌ ප්‍රමාණය ගැන බැලුව හොත් ප්‍රත්‍යක්‍ෂ වන්නේය යනු අපගේ (සුළු) ගණිතයේ දැනීමයි.

Courtesy of Divaina News Paper


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction