ශරීර යෝග්‍යතා රැජින එමිලි ස්කයි ගෙන් ශරීර යෝග්‍යතාව සඳහා උපදෙස් කිහිපයක්

ශරීර යෝග්‍යතා රැජින එමිලි ස්කයි ගෙන් ශරීර යෝග්‍යතාව සඳහා උපදෙස් කිහිපයක්

ඔබත් ඔබේ ශරීරයේ හැඩය ගැන වදවේමින් හැඩැති සිහින් සිරුරක් ලබාගන්නෙ කොහොමද කියලා හිතනවනම් ඔබ අනිවාර්යෙන්ම ශරීර යෝග්‍යතා විශේෂඥයෙක් ලගට යන්නම ඕනෑ.  හුඟාක් අය නිතරම හිතන්නේ තමන් ඉතාම සිහින්ව ඉන්න තරමට හොඳයි කියලයි. එත් ඔබට එහෙම හිතෙන්නේ ඔබට  නිතර පේන ශරීර යෝග්‍යතා සඟරා වලින් පෙන්වන්නේ ඉතාම සිහින් කාන්තාවන්ගේ ඡායාරූප නිසායි.

මේ සඟරා වල ඉන්න නිරූපිකාවන්ගේ ඡායාරූප හුගක් වෙලාවට සංස්කරණය කරපු එවා. ඔක්සිජන්, ඩේලි මේල්, හේලෝ සහ වුමන්ස් හෙල්ත් වැනි සගරාවන් එවායේ ශරීර යෝග්‍යතා අවවාද වලට ප්‍රසිද්ධයි. එත් අද ඔබට හඳුන්වාදෙන කාන්තාව එමිලි ස්කයි බාල තරුණ වැඩිහිටි ඕනෑම කාන්තාවකට කරන්න පුළුවන් දේවල් වලින් තමන්ගේ බර ලේසියෙන්ම අඩුකරගෙන හැටි කියල දෙනවා.

තරුණ වෙන්න කෑම කන්න

හැමෝටම වගේ කාන්තාවන්ටත් අවශ්යයි හැමදාටම තමන්ගේ තරුණ පෙනුම රැකගන්න. මේ වෙනුවෙන් ඔවුන් විශාල මුදල් ප්‍රමාණයන් වැය කරමින් විවිධ පෙති සහ පාන වර්ග එවායේ පසුවිපාක පිලිබද තැකීමක් නොකර භාවිතා කරනව. ඉතින් ඒ සදහා එමිලි ස්කයි නිර්දේශ කරන පහත දැක්වෙන එළවළු සහ පලතුරු වර්ග ඒවායේ අඩංගු දේවල්ද සහිතව දැක්වෙනව.

බෙරි කියන්නේ හැමෝම ආහරයට ගන්න ඕනේ මොලේ ක්‍රියාකාරිත්වය වැඩිකරන ප්‍රති-ඔක්සිකරණ ගුණ තියේන කෑමක්. බතල කියන්නෙ අපේ රටේදි ලෙසියෙන් හෝයාගන්න පුලුවන් කැමක්. එවාගේම සෞඛයට අත්‍යවශ්ය විටමින් A සහ C බතල වල තියෙනව. දෙලුම්, ඔලිව් තෙල් සහ ග්‍රීන් ටී ඔබ් වැඩි වැඩියෙන් අහාරයට ගතයුතු දේවල් අතර තියෙනව. වෙබ් අඩවි හරහා සෞඛ්‍යාරක්‍ෂණ නිෂ්පාදන අන්තර්ජාලය හරහා මිලදී ගන්න ඔබට පුළුවන්.

යෝගා ඉරියව් ගෙදරදී උත්සහ කරන්න

ආතතියෙන් මිදිලා බර ටිකක් අඩුකරගන්න ගෙදරදීම යෝගා ව්‍යායාම ටිකක් උත්සහ කරන්න පුළුවන්. එමිලි ස්කයි ඇය ආස කරන යෝගා ඉරියව් කිහිපයක් නිර්දේශ කරනව. ඔබේ කකුල් දෙක බිත්තියක් දිගේ උඩට තියාගෙන ඉන්න ඉරියව්ව එමිලි ස්කයි ඉතාම ප්‍රියකරන ඉරියව්වක්. ඔබේ ආතතිය සහ වෙහෙස අඩුකරගන්න මේ ඉරියව්වෙන් මද වෙලාවක් සිට ඔබට දැනෙන වෙනස ඔබම වටහා ගන්න. ළමා ඉරියව්වෙන් සිටීමත්  ශරීරය ලිහිල් කරන සැනසිලිදායක සැහැල්ලු ඉරියව්වක්.

බිම බලා සිටින බල්ලාගේ ඉරියව්වත් ඉතාම වටිනා ඉරියව්වක්, ඒ ඔබේ මුලු ශරීරයම එයින් දිගඇදීමකට ලක්වන නිසායි.ව්‍යායාම උපකරණ සහ නිෂ්පාදන වෙබ් අඩවි වලින් බලාගන්න පුලුවන්.

කලින් සඳහන් කරල තියෙන දේවල් ඔබට නිරෝගී සහ ශරීර යෝග්‍යතාවකින් ඉන්න උදව් වෙයි කියල අපි හිතනවා J ව්‍යායාම කරන්න හැඩට ඉන්න! 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction