sri express

අප පිහිටුවා ගත් අපේ සංගමය..- චන්දන ගුණසේකර- බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකේය කලා සංසදයේ කැඳවුම්කරු

ඇසළ පෝය පහුවෙලා වැඩි දොහක් ගත වී නොතිබුණ නිසාදෝ , පෙරදා රැයේ වොට්ෆඩ් අහස , පෝයදා මෙන්ම එකලු කළ සඳ රාජිනියගේ හැඩ රුව , තවමත් මගේ මනසේ රැඳී තිබුණේ සිහිනෙන් ගෑ සුවඳක පරිදදෙණි. එහෙත් අද පස්වරුවේ වොට්ෆඩ් පුරවරයට පුන් සඳක් හා මහා තරු ගොන්නක් පායා තිබිණි. දහවල ඇති වූ මේ මහා ආශ්චර්‍ය , මම කලක පටන්ම දුටු සිහිනයක කූටප්‍රාප්තිය වූ හෙයින් මටනම් එතරම්ම පුදුමයක් නොදැනිණි. ඒ අපගේ ගමනේ ඇරඹුමයි.

අපගේ නිවසට වැඩම කොට වදාළ පූජ්‍ය කොන්වැවේ අරියරතන ස්වාමින් වහන්සේ දහවල පෑයූ පුංසඳ සේ මුලසුන හෙඹවූ අතර ඒවටා දිදුලුණු තාරකා ගොන්නට ප්‍රවීණ නිවේදිකා සහ සිනමා නිළි අනෝමා වත්තලදෙණිය මහත්මිය, 70 හා 80 දශකයන්හී ගුවන් විදුලියේ ප්‍රචාරය වූ මුවන්පැලැස්ස, මොණරතැන්න හා වජිරා ආදී ජනතාව පිස්සු වැටීවුන් නාට්‍යවල චරිතයනට තම හඬින් ජිවය කැවූද ටෙලි නාට්‍ය හා ලංඩනයේ සිදුවන බොහෝ කලා කටයුතුවලට මූල්කත්වය ගත්තාවූ ප්‍රවීණ කලාකාරිනිය ලිලානි පෙරේරා මහත්මිය, සීගිරි සංගීත කණ්ඩායමේ නිර්මෘ සංජීව පෙරේරා , නව පරපුරේ තරුණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලක, ඔහුගේ බිරිඳ , සයිමන් නවගත්තේගමයන්ගේ දියණිය මායා නවගත්තේගම හා කලාවට ආදරය කරන, නිතරම යම් නිර්මාණයන් කරන කලාවට ලැදි සහෘදයන් වන අජන්තා වීරසේකර, විජේරත්න බංඩාර හා කුමාරි විජේරත්න යුවළ හා අශෝකා ස්වර්ණකාන්ති මහත්මිය යන පිරිස ඇතුළත් වූහ.

ප්‍රවීණ ගීත රචක පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන් විසින් පිරිස අමතා අපගේ මෙම රැස්වීමේ අරමුණ ,එනම් මෙයින් අප බලාපොරොත්තු වන්නාවූ ලංඩනයේ වියැකෙමින් යන ශ්‍රී ලාංකේය කලාව හා එය විඳීමේ පුරද්ද නඟා සිටුවීම යන කරණූත් ඒ සඳහා අප ගතයුතු ක්‍රියාමාර්ගත් පිළිබඳව විස්තර කළ සේක.

ඉන්පසු ලාංකීය සිනමාව සම්බන්ධයෙන් එංගලන්තයේ ඇති පිළිගැනීම හා අපේ උදවියගේම වරදින් අපට නොලැබී යන අපට ලබා ගත හැකි වරප්‍රසාද ගැන සිනමාවේදී නුවන් ජයතිලක සහෝදරයා දීර්ඝ විස්තරයක් කරමින් තම අදහස් පළ කළේය. එමෙන්ම අනෝමා වත්තලදෙණිය මහත්මියද එයටම ඉතාම වැදගත් කාලීන අවශ්‍යතාවයන් විස්තර කළාය. සිනමා උළෙලවල් සහ පොත් ප්‍රදර්ශන පවත්වා ලාංකීය රසික ප්‍රජාවේ කලා ප්‍රබෝධයක් ඇරඹීම එතුමියගේ අදහස්වල මූලික හරය විය.

සංජීව හා ලිලානි පෙරේරා යුවළ එංගලන්තයේ වෙසෙන ලාංකීය දරවුන්ගේ තම මව්බස ප්‍රගුණ කිරීම පිළිබඳව තම අදහස් පළ කළහ.

අදහස් අවසානයේ අප සංවිධානයට නමක් සොයා ගැනීම සාකච්ඡාවට බඳුන් විය. පිරිසගේ ඒකමතික තීරණය අනුව " බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකේය කලා සංසදය( British Sri Lankan Art Forum)) යන නාමය තෝරා ගැනුණි.

ඉන්පසු විජේරත්න බංඩාර සොයුරා ගරු සභාපති ලෙසත්, 
අජන්ත වීරසේකර සොයුරා ගරු ලේකම් ලෙසත්, මායා නවගත්තේගම සොයුරිය ගරු භාංඩාගාරික ලෙසත් තෝරා පත්තකර ගැනුණි. සංගමයේ අනුශාසක ලෙස පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන් සහ කැඳවුම්කරු වශයෙන් මාවද පත් කෙරුණි.

අප සංගමයේ පළමු කාරිය ලෙස තව දෙමසකින් එළැඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙන් සාහිත්‍ය උත්සවයක් පැවැවීමට තීරණය කෙරිණි. නොමිලේ පවත්වන මේ උත්සවය පිළිබඳව සියලු තොරතුරු ඉතා ඉක්මනිනම ඔබ වෙත ගෙන එන්නෙමි.

ඉතා සාර්ථක හා වැදගත් සන්ධ්‍යාවක් අවසන ,පැමිණි කලාකාමී සහෘද පිරිස පිළියෙල කර තිබූ සංග්‍රහයද භුක්ති විඳ විසිර ගියේ ඉතාමත්ම ඵලදායී ඉරිදා සනද්‍යාවක් ගත කළේ යැයි හිත පුරා පිරි සංතෘප්තියකින්ම බැව් ඔවුන්ගේ පිබිදුණු මුහුණු දුටු මට සිතිණි. අවපසට යමින් තිබූ ඇසළ සඳ එවෙලේ යාන්තමින් මෝදු වී ආවද එහි එළිය මට අවැසි වූයේ නැත. මන්ද ඒ මොහොතේ මගේ මුළු ආත්මයම කලාව නැමැති ආලෝකයෙන් පිරී නැහැවී උතුරා ගොස් තිබූ හෙයිනි.

 

 


Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction