sri express

හවායි දූපත අමෙරිකාවට අයත් බෙහෙවින්ම සංචාරකයන්ගේ සිත් වශී කළ අතිශයින් ම දර්ශනීය එයටම ආවේනික වූ සමාජ සංස්කෘතික ආගමික පරිසර හා භූගෝලීය සුවිශේෂී සංකීරණතා සමූහයකින් පරිපූර්ණ වූ ආශ්චර්යමත් දූපතකි.ඝර්ම කලාපීය දේශගුණ ලක්ෂණ වලින් සමන්විත, කෘෂිකාර්මික ආර්ථිකයකින් බෙහෙවින් පෝෂණයවූ, ශ්‍රී ලංකාවේ මෙන් සියළු ඝර්මකලාපීය භව භෝග සරුසාරව වැඩෙන ස්වයංපෝෂිත වූ වෙනම රටක් ලෙසටද ගිණිය හැකිය. මෙහි කොස්, දෙල්, පොල් මෙන්ම අඹ, ගස්ලබු, මුරුංගා, ගොටුකොළවැනි  අපට හුරු නොයෙකුත් පලතුරු, එළවලු සහ වෘක්ෂ ලතාවෝ ද සරුසාරව වැඩේ.

මෙම දිවයින හා ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධයක් ද තිබේ. චිකාගෝ ලෝක ආගම් සමුළුවට සහභාගීවූ  අනගාරික ධර්මපාල තුමාට හමුවූ ඊ. එම්. ෆොස්ටර් මැතිනියගේ නිවස පිහිටි ඉඩම අද රජයට අයත් සුන්දර උද්‍යානයකි.මෙම උද්‍යානයෙහි ෆොස්ටර් මතිනියගේ ආරාධනයෙන් අනගාරික ධර්මපාල තුමන් විසින් රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව උද්‍යානයෙහි සුන්දරත්වය බෙහෙවින් ශෝභාමත් කරණ ලද දැවන්ත බෝධී රාජයාණන් ලෙස ජීවමානව වැඩ සිටින අයුරු විශ්මය ජනකය.

ශ්‍රි ලංකාවේ ප්‍රකට උගතුන් රාශියක් සිය ආචාරය උපාධි අධ්‍යනයෙහි නිරතවූ හා උගැන්වීම් කළ හා අමෙරිකන් ජනාධ්පති බරක් ඔබාමා නීතිය හැදැරූ කීර්තිමත් හවායි විශ්ව විද්‍යාලය මෙහි පිහිටා තිබීම ද වැදගත්ය.

හවායි අගනුවර වන  හොනොලුලු නගරයට ආසන්න යාහුහු නම් සුන්දර ගම්මානයෙහි අක්කර 22 ක පමණ කඳුවලින් වටවූ සරුසාර බිමක මැයි 28 වනදා මෙම විපස්සනා භාවනා අරම ආරම්භ කෙරිණ.එම ප්‍රදේශයට සමීපව ඇති පූජනීය දියඇල්ල ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය {Secred falls International vipassanaa meditation centre) නමින් මෙය නම් කරණු ලැබිණ. 

මෙහි ආධිපත්‍ය දරණු ලබන්නේ විසිවැනි සියවසේ සුප්‍රකටම භාවනා ආචාර්යවරයාණන්වූ අචාන් චා මහිමියන් වහන්සේගේ හා ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩ විසූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ ද ශිෂ්‍යවරයෙකුවූ ලාඕස් ජාතික විශුද්ධිඥාන මාහිමියන්ය. උන්වහන්සේගේ ආරාධනයෙන් හා ජිනීවා බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ සංවිධානයෙන් යුතුව මෙම විවෘත කිරීමේ උළෙල සඳහා ලොස් ඇන්ජලිස් බෞද්ධවිහාරාධිපති වල්පොල පියනන්ද නාහිමි, ඇමෙරිකාවේ සැක්‍රමෙන්ටෝ බෞද්ධ විහාරාධිපති හා බෙර්ක්ලි බෞද්ධ විශ්ව විද්‍යාලයේ  ආචාර්ය මඩවල සීලවිමල මාහිමි  ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැලවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති රාජකීය පණ්ඩිත මාවනානේ සොමින්ද මාහිමි, ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද පරිවෙණාධිපති කධිහිංගල අරියවංස හිමියන් ද සහභාගීවූ අතර හවායි ශ්‍රී ලංකා සංවිධානයේ අනුශාසක හිඟුරක්ගොඩ විභාවි හිමියන් ද ලාඕස්, තායි, බුරුම කාම්බෝජ හා ප්‍රංශ ජාතික මහා සංඝරත්නය ද විවිධ ජාතික භික්ෂුණීවහන්සේලාද වැඩම කර සිටියහ.

හවායි දූපතේ ගොත්‍රික රජකෙනෙකුද මෙම උත්සවයට සහභාගීවීම විශේෂයෙන් කැපී පෙණුන අතර ශ්‍රී ලාංකාවේ සම්මානනීය කෞන්සිල් වරිය වූ කුසුමා කුරේ මහත්මිය හා ශ්‍රී ලාංකික හින්දු පූජකයෙකුවූ සූරිය කුමාර මහතා ඇතුළු එහි වසන ශ්‍රී ලාංකිකයන් සමූහයක් ද සහභාගීව සිටියහ. 

ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා විසින් මෙම ආයතනය විවෘත කිරීමට සම ගාමීව මහ පිරිත් දේශනයක් පැවත්වීම කාගේත් විශේෂ අවධානයට ලක්වූ අතර, මාවනානේ සොමින්ද හිමියන් විසින් වැඩම කරවණු ලබූ සුවිශෙෂී ධාතු කරඬුවක් බුදුමැදුරෙහි තැන්පත් කිරීම ද විශේෂ අවස්ථාවක් ලෙස පෙණින.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විනය පාලක ශාස්ත්‍රපති අතලේ සුමන හිම්යෝ මෙම ආයතනයේ ප්‍රධාන නේවාසික හික්ෂූන්වහන්සේ ලෙස වැඩ සිටීම ද අපේ රටට මහත් ගෞරවයකි.

 

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction