sri express

බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරයේ අශුලියාහි පිහිටි බෝධිඤාණ බෞද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද "සිරි සම්බෝධිඤාණ   

ස්ථූපය" නිරාවරණය කිරීමේ පිංකම ජුනි 3 වන සිකුරාදා සිදුකෙරුණි. බෝධිඤාණ බෞද්ධ විහාරස්ථානයට අඩුවක්ව තිබු චෛත්‍ය ඉදිකෙරුනේ බංග්ලාදේශයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙනි. 

චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කෙරුනේ පිංකම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා අතිනි. අනතුරුව නව චෛත්‍යයේ ධාතුන් වහන්සේ නිධන්ගත කිරීමත්, අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට විවෘතකිරීමත් පිංකම සඳහා වැඩමකළ මහා සංඝරත්නය උදෙසා සාංගික දානය පුජා කිරීමත් සිදුවිය. 2 වන බ්‍රහස්පතින්දා  සවස නව චෛත්‍යයේ අභියසදී පිරිත් සජ්ජායනයක්ද පැවැත්විණි.

බෝධිඤාණ බෞද්ධ විහාරස්ථානය ඩකානුවර ආරම්භකළේ බංග්ලාදේශයේ වැඩවසන බහුශ්‍රැත සංඝයා වහන්සේ නමක් වන පුජ්‍ය අශින් ජිනරක්ඛිත හිමියන් විසිනි.

උන්වහන්සේ මියන්මාරයේදී පුජ්‍ය සැමියෝ ජයදෝ නාහිමියන් යටතේ  බුදුදහම පිළිබඳවත් භාවනා විධි පිළිබඳවත් ගැඹුරින් අධ්‍යයනය කර ඇත. 

2004 වසරේදී ආපසු උන්වහන්සේගේ මව්බිම වූ බංග්ලාදේශයට වැඩමකර ඩකාහි නාඩ්ඩා නඟරයේ "බෝධිඤාණ    බෞද්ධ භාවනා මධ්‍යස්ථානය" නමින් ඉතා සුළුවෙන්  විහාරස්ථානයක් ආරම්භ කර ඇත. උන්වහන්සේගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් වැඩිකල් නොයා මෙම විහාරස්තානයට බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් එක රොක් වන්නට විය.

මේනිසාම 2007 දී අශුලියා ප්‍රදේශයේ බන්ගාබන්දු පාර ආසන්නයේ සුදුසු ඉඩමක් මිලදීගෙන විහාරස්ථානය එම ස්ථානයට ගෙනගොස් ඇත. 2007 වසරේ සිට 2013 වසර දක්වාම  එහි ඉදිකරගැනීමට හැකිවුයේ තනි තට්ටුවේ කුඩා  බුදුමදුරක් සහ සන්ඝාවාසයත් පමණකි. නමුත් එම කුඩා විහාරස්ථානයේ ඩකා නඟරයේ පදිංචිව සිටි බෞද්ධයන්ගේ සියලු ආගමික අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් භාවනා සඳහා පැමිණෙන සියල්ලගේම කටයුතු බාධාවකින් තොරව ඉටුකරදිමටත් පුජ්‍ය ජිනරක්ඛිත හිමියෝ සමත්වූහ. මේකාලයේදී ඩකා නුවර මෙන්ම බංග්ලාදේශයේ අනෙකුත් පළාත්වලත් පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ දායකත්වය සහ සහභාගිත්වය බෝධිඥාන බෞද්ධ විහාරස්ථානයට ලැබෙන්නට විය. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන්ද නිරන්තර දායකත්වයක් ලැබුණි.  හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විහාරස්ථානයට තිබු අඩුවක් සපුරාලමින් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින්වහන්සේගේ අංකුරයක් පුජා කරනු ලැබිය.

බෝධීන් වහන්සේ රෝපණය කරනු ලැබුවේ එවකට ශ්‍රී ලංකා තානාපතිව සේවය කල සරත් වේරගොඩ සමඟ බංග්ලාදේශයේ කර්මාන්ත ඇමති දිලිප් බවුරා විසිනි.

ඒසමඟම හිටපු ජනාධිපති වරයා විසින් පුජාකරනු ලැබූ සමාධි බුදුපිළිම වහන්සේ සහ අටවිසි බුදුපිම වහන්සේලා තැන්පත් කර අලංකාර බෝධිඝරයක්ද ගොඩ නංවනු ලැබිය. අනුරාධපුර සමයේ බෝධිඝරයක සැලැස්මට අනුව නව බෝධිඝරය ඉදිකළේ ශ්‍රී ලාංකික ශිල්පින් විසිනි.

පසුකලෙක විහාරස්ථානයට අවශ්‍ය සංඝාවාසයක්, මෙහෙණින් වහන්සේලා සඳහා භාවනා කුටි සහ සංඝා වාස, ධර්මශාලා, දාන ශාලා සහ ඉංග්‍රීසි සහ වංග භාෂාවන්ගෙන් ලියවුන ත්‍රිපිටක ග්‍රන්ථ ඇතුළු අනෙකුත් බෞද්ධ පොත් විශාල සංඛ්‍යාවක් සහිත පුස්තකාලයක් ඇතුළු සියලු අංගයන්ගෙන් සමන්විත විහාර පරිශ්‍රයක් ඉදිකිරීමට ජිනරක්ඛිත හිමියෝ සමත්වූහ. 

මුස්ලිම් ආගමික රටක්වූ බංග්ලාදේශයේ සුසාන භූමි තුල බෞද්ධ ආගමානුකුල ආදාහන පැවැත්වීමේදී පැවති අපහසුතාවයට පිලියමක් ලෙස දැනට එම විහාර භුමියෙහි බෞද්ධයන් සඳහා වෙන්වුන ආදාහනා ගාරයක් පවා ඉදිකිරීමට උන්වහන්සේ සමත්වී ඇත. 

අනතුරුව විහාරස්ථානයට අවශ්‍යව තිබුනේ චෛත්‍යකි. මෙම අඩුව සපුරාලීමේ අභිප්‍රාය ඇතුව ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් විසින් නව චෛත්‍යයක් ගොඩනැඟීම පිළිබඳව එවකට බංග්ලාදේශයේ වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස සේවය කල ඒ.ජි.අබේසේකරගේ ආරාධනයෙන් ඩකා නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී 2015 ජුනි 12 වනදින සාකච්චාවක් පවත්වා ඇත. එහිදී තීරණය කෙරුනේ මෙම ස්ථුපය ශ්‍රී ලාංකික චෛත්‍යයක හැඩයට නිර්මාණය කිරීම සුදුසු බවය. අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත් පසුව 2015 සැප්තැම්බර් මස 11 වනදා මුල්ගල් තැබීමේ සමාරම්භක පුණ්යෝත්සවය පැවැත්වුනි. මෙම පිංකම නිමිති කරගෙන සැප්තැම්බර් 9 සිට 14 දක්වා පුජ්‍ය කොටිකාවත්තේ ධම්මකුසල හිමියන්ගේ මුලිකත්වයෙන් අටවිසි බුද්ධ වන්දනා, ඤාණ වන්දනා, පරිත්ථාන දේශනා සහ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා පැවැත්විණි.

2016 පෙබරවාරි 19 වනදින නව චෛත්යයේ පද්මාසනයේ රත්නමාලි යන්ත්‍රය සහ ශ්‍රීපාද ලාංජනය තැන්පත් කිරීමේ පිංකම පැවැත්විණි.

බංග්ලාදේශයේ ඉදිකෙරුණ එකම බෞද්ධ චෛත්‍යය මෙයයි. මෙම අනුපමේය සත්ක්‍රියාව පිළිබඳව බංග්ලාදේශයේ බෞද්ධ සංගමය සහ ශ්‍රී සම්බෝධි ඤාණ චෛත්‍ය හාරකාර කමිටුව පවසන්නේ මෙවන් අදහසකි. 

"දෙවියන් බඹුන් වන්දනාමාන සිදුකරන තිලෝගුරු තථාගතයානන් වහන්සේ පිරිනිවීමෙන් පසු අවශේෂවූ සර්වඥ ධාතුන් වහන්සේලා නිධාන්ගතකොට යමෙකු චෛත්‍ය දාගැබ් ඉදි කරයිද, සුපහන් සිතින් එම දාගැබ් වන්දනා කරයිද, ඔවුන් මොහොතින් මොහොත පින් කුසල් ලබන්නෝය. මරණින්මතු අමා මහ නිවන් සම්පත් ලබන්නොමය යනුවෙන් සද්ධර්මාලංකාරයේ දැක්වෙයි. මෙවන් උත්තම උපදෙසක් අනුව යමින් බංග්ලාදේශයේ පළමු  වරට අභිනවයෙන් ඉදිකරන ලද ඓතිහාසික සිරි සම්බෝධි ඤාණ චෛත්‍ය රාජයාණන්ගේ ආනුභාවයෙන් අප සැමදෙනාටම ලෞකික ලෝකෝත්තර සතුට ලක් කර ගැනීමටත් අවසන අමා මහා නිවනෙහි සැනසීම ලැබීමටත් මෙම පුන්යාධාරය හේතුවාසනා වේවා" 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction