sri express

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම  මෙවර වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබුණි. ඒ සඳහා ශ්‍රී ලාංකික, ඉංග්‍රීසි මෙන්ම අනෙකුත් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ. මෙවර වෙසක් පුන් පොහොය සති අන්තයට යෙදී තිබීම හේතුවෙන් බොහෝ පිරිසකට මෙම පින්කම් සඳහා සහභාගිවීමට අවස්ථාව උදාවිය.

යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය ලෙස පිළිගන්නා ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් පුන් පොහොදිනයේදී විහාරස්ථ රාහුල දහම් පාසලේ දරුවන් සඳහා විශේෂ වෙසක් වැඩසටහනක් ද පසුදින වැඩිහිටියන් සඳහා වෙන්වුන වැඩසටහනක්ද පැවැත්වුනි.

පින්කම් සංවිධානය කර තිබුනේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ත මහා සංඝරත්නයේත් දායකකාරකාදීන්ගේ සහභාගිත්වයෙනි.

ළමා වෙසක් වැඩසටහන පැවැත්වුනේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුජ්‍ය තවලම බන්දුල හිමියන්ගේ මුලිකත්වයෙන් සහ අනෙකුත් මහා සංඝරත්නයේත් දහම් පාසල් ගුරු මණ්ඩලයේත් දෙමාපියන්ගේත් සහායෙනි. මෙහිදී දහම් පාසලේ ඉගුනුම ලබන දරුවන් සියලු දෙනාම අටසිල් සමාදන් වුහ.

22 වන ඉරිදා වැඩිහිටියන් සඳහා පැවැත්වුන වැඩසටහන ආරම්භකෙරුනේ එක්සත් රාජධානියේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් මහ සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කරද්දී විහාරභුමියේ පිහිටි කුඹ ගසෙහි බෞද්ධ කොඩිය එසවීමෙනි. එදින 200 කර අධික සැදැහැවතුන් පිරිසක් අටසිල් සමාදන් වුහ. දවස් පුරාවටම පැවැත්වුන වැඩ සටහනට බුද්ධ වන්දනා, භාවනා. ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ භක්ති ගීත ගායනා ඇතුලත් විය. එදින පින්කමෙහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සරේ විශ්ව විද්‍යාලයේ දර්ශන විද්‍යාව පිලිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට් විසිනි.  ඔහු සතිපට්ඨාන භාවනාවෙන් වත්මන් සමාජයට ලබාගත හැකි ප්‍රයෝජන සාකච්චා කළේය.

කින්ග්ස්බරිහි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම පැවැත්වුනේ 22 වන ඉරිදාය. විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ සහ විහාරස්ත මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් දවස පුරාවටම විශේෂ වැඩසටහන් පැවැත්වුනි. ඒ සඳහාද අතිවිශාල සැදැහැවතුන් පිරිසක් සහභාගිවුහ. ප්‍රධාන ධර්මදේශනය පැවැත්වුයේ පුජ්‍ය ආචාර්ය කබලැවේ සිරිසුමන හිමියන් විසිනි.

පිංකම අවසානයේදී දහම් පාසලේ දරුවන් විසින් භක්ති ගී ගායනයක් ඉදිරිපත් කළ අතර විහාර දායක සභාවෙන් බත් දන්සැලක්ද සංවිධානය කර තිබුණි. සද්දාතිස්ස දහම් පාසලේ දරුවන් වෙනුවෙන් වෙසක් පුන් පොහොය දින විශේෂ දහම් වැඩ සටහනක් පැවැත්වුනි.

මේඅතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින්ද වෙසක් පොහොය වෙනුවෙන් පරිත්ථාන ධර්මදේශනයක් සහ හීල් දානමය පින්කමක් සංවිධානය කරනු ලැබිය. මෙම පිංකම සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය 30 නමක් සහභාගිවුහ. යුරෝපා රටක පින්කමක් සඳහා මහ සංඝ රත්නය මෙතරම් සංඛ්‍යාවක් සහභාගී කරවා ගැනීමට ලැබීම ඉතා දුර්ලභ අවස්තාවක් බව අනුශාසනාව සිදුකල ලන්ඩන් බෞද්ධ විහාරාධිපති සීලවිමල නාහිමියෝ පැවසුහ.

පිවිතුරු බුදුදහම බටහිරට හඳුන්වාදීමේ අත්‍යාවශ්‍ය භාවය දුරදක්නා නුවනින් යුතුව වටහාගෙන බුදුදහම ආරක්ෂා කර ගැනීමේ උත්තම අභිප්‍රාය  පෙරදැරි කොටගෙන ලන්ඩන් නුවර ප්‍රථම ශ්‍රී ලාංකික ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන "ලන්ඩන් බෞද්ධ විහාරය" ආරම්භ කලේ  අදට වසර 90 කට පෙර අනගාරික ධර්මපාල තුමා විසිනි.

මේවනවිට නැගෙනහිර ලන්ඩනය, සෙල්ස්ඩන්, ප්ලස්ටෝ, එඩ්මන්ටන්, රෙඩ්බ්‍රිජ්, ලේච්වර්ත්, බැසිල්ඩන්, ස්ටැන්මෝර්, අක්ස්බ්රිජ්, සරේ, වොරින්ටන්, ලෙස්ටර්, බර්මින් හැම්, මැන්චෙස්ටර්, නොටින්හැම්, ඔල්ඩ්හැම්, ලිවර්පුල්, බ්‍රිස්ටල්, ග්ලාස්ගෝ සහ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ශ්‍රී ලාංකික විහාරස්ථාන 25ක් දහසකුත් ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බොදු බැතිමතුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලමින් ක්‍රියාත්මක වෙයි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction