sri express

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

අප මව්බිමින් සැතපුම් දහස් ගණනක් ඈත දුරුරට ජීවත් වුවත් හදවතින් සැමදා සිටියේ අප ලක්බිමේය. මේ පිංබර වෙසක් සමයේ ගංවතුර හා නායායාම් නිසා දැනටමත් සිදුවී ඇති මහා විනාශය ඔබ සැම දැක ඇතිබවට කිසිදු සැකයක් නැත. ලංකාවේ වෙසෙන අපේ අභීත සොයුරු සොයුරියන් දිවා රෑ නොබලා අසරණවූ අපේම ජනතාවට සහන සැලසීමේ මහා උතුම් ව්‍යායාමයක නියැලී ඇති මේ මොහොතේ ශ්‍රමයෙන් උදව් වීමට බැරි අපගේ කාර්‍යභාරය කුමක්ද? මේ වැඩ සඳහා ශ්‍රමය මෙන්ම රුපියල් සතද මහා පරිමාණයෙන් අවශ්‍යයය. අප සැවොම ජීවන අරගලයක නිරතවී ඉන්නා බව මම දනිමි. එහෙත් අපට හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ මහා මානුෂීය මෙහෙයුමට සහය වූ විට ඒ එකතුවන ශක්තියෙන් අපට මහ විශාල උදව්වක් පිටිවහලක් ඔවුනට සැලසීමට හැකිවනු ඇත.

මහමෙර තරම් විශාල හදවත් ඇති අපේම සොයුරු සොයුරියන් සමහරවිට තම දිවියද පරදුවට තබා කරන්නාවූ සේවය ඇගැයීමට මට වචන නැත.

ලංකාවේ සිට මේ මහා මෙහෙයුමේ අතිවිශාල මෙහෙයක් ඉටුකරන අසංගී විජේසූරිය සොයුරිය ඊයේ පැවසුවේ ඔවුන් වෙලාව අවේලාව නොතකා බත් පාර්සල් සාදා අසරණවු ජනතාවට බෙදාහරින බවයි. එමෙන්ම මේ ක්‍රියාන්විතයේ යෙදෙන ජයන්ත සුබසිංහ සොයුරා ඊයේ හැන්දෑවේ පැවසූ මේ වදන් අප මේ කුමක්ද කරන්නේද යන වග මටම පසක් කරලීය. ඔහුගේම වචනයෙන් මම ඔබට එය ගෙන එන්නම්.

" සමහර තැන් තියෙනවා අයියේ බෝට්ටු ඔරු යන්න බැරි. හෙට පීනල හරි යනවා කියලයි හිතා ඉන්නේ..."

මදක් හිතන්න සහෘදයනී හෘදසාක්ෂියට එකඟව. ඔවුන් එසේ දිවි පරදුවට තබා කැපවෙද්දී අපට මෙහෙ සුවසේ නිදාගත හැකිද?

අප බොහෝ දෙනා දැනටමත් මේ සඳහා මුදල් එකතුකරන බවත් ඒවා අවශ්‍ය තැන්වලට යවන බවත් මම දනිමි.

එමෙන්ම තවත් වැඩක් ඔබට කළ හැක. මා ඊයේ අපේ වැඩපොළේදී ගංවතුරින් අසරණවූ අපේම මිනිසුන්ගේ පිංතූර ටිකක් අලවා පුංචි දැන්වීමක් සාදා ගත්තා. එය මට සාදා දුන්නෙ මා සමගම සේවය කරන දමිළ ඉංජිනේරුවකු වන සිවන්දීරන්. මගේ ඉල්ලීමට මුලින්ම මුදල් දැම්මෙ දකුණු අප්‍රිකානුවෙක්. ඉන්පස්සේ ඉංග්‍රීසි , අයර්ලන්ත, සිම්බාබ්වේ සහ රුමේනියානු ජාතිකයින් මුදල් දැම්මෙ පවුම් 10 හා 20 නෝට්ටු වලින්. කම්කරුවන්, වඩුවන්, මැනේජර්වරු හා ඉංජිනේරුවන් ඒ අතර සිටියා. ඒ නෝට්ටුවල ගෑවිලා තිබුණෙ කොන්ක්‍රීට්, ලී කුඩු , මජං හා දහඩිය. ඒත් ඒවායින් හැමුවෙ එකම සුවඳයි. ඒ තමයි හදවත්වල කැකෑරෙන මනුස්සකමේ සුවඳ.

ඊයෙ පැය භාගයෙන් පවුම් 190 එකතු වුණා. අදත් මම එකතු කරනවා. මේ වගේ අපි හැමෝටම තම තමන්ගේ වැඩපොළින් කීය කීය හරි එකතුකරගන්න පුළුවන්නම් එහි වටිනාකම කොතරම්ද? හිත හිතා හඳහන් බලමින් ඉන්න කාලයක් වෙලාවක් නැහැ මිත්‍රවරුනී, අදම වැඩේට බහිමු.

ඒ අතර තවත් මගේ සහෘදයින් මගේ ගිණුමටත් මුදල් එවා තිබුණා. ඒ සැමටම ස්තූතියි.

තවත් රට රටවල සිටින උදව් කරන්න කැමති අය සිටීනම් ඔවුනට පහසුවෙන්, විශ්වාසවන්තව හා කොමිස් මුදලක් නොගෙවා අපේ අරමුදලට සහයවීම පහසුවන්නට මම PayPal ගිණුමක්ද ආරම්භ කළා. එයට මුදල් එවීමට ඔබටත් PayPal ගිණුමක් තිබිය යුතුයි. ගිණුමක් ඇරඹීම ඉතාමත්ම පහසුයි. ඔබට දැනටමත් ගිණුමක් නැත්නම් PayPal වෙබ්අඩවියට ගොස් නොමිලේම ගිණුමක් ඇරඹිය හැකියි. ඒ මගින් මගේ ගිණුමට මුදල් බැර කරන්න. ඔබට අවශ්‍ය වන්නේ මගේ ඊමේල් ලිපිනය පමණයි. මේ හදිසි අවස්ථාවෙ එන්න අප හා එක්වන්න. අප එකමුතුකමේ හා මනුසත්බවේ බලය පෙන්වමු. ලොවටම ආදර්ශයක් වෙමු.

මගේ PayPal ගිණුම. 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

යම් අපහසුතාවයක් ඇත්නම් මා අමතන්න. ජය වේවා! මේ වැඩවලදී මට සහයවන සැමටම ස්තූතියි.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction