sri express

ලන්ඩන් නුවර පැවැත්වෙන "2016 දුෂණ මැඩලීමේ අන්තර් ජාතික සමුළුව" සඳහා සහභාගිවන ජනාධිපති සිරිසේන මහතාගේ ගමන "අනවශ්‍ය අටෝප කිසිවක් නොමැතිව" සංවිධානය කරනලෙසට උපදෙස්දී ඇති බවට දැනගැනීමට ඇත. 

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ මුලිකත්වයෙන් පැවැත්වෙන එම සමුළුව ඇමතීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති වරයාට ඇරයුම් කර ඇත.

සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ලන්ඩනයේ ඉන්නේ දින දෙකක් වැනි කෙටි කාලයකි. එම කාලය තුල බ්‍රිතාන්‍ය අගමැති වරයා ඇතුළු රජයේ වැදගත් කණ්ඩායම් සමඟ ද්වි පාර්ශ්වික සාකච්චා රැසක්ම පැවැත්වීම සඳහා සැලසුම් කර ඇත.

ජනාධිපති වරයා ලන්ඩනයට පැමිණෙන්නේ එමිරේට් ගුවන් සේවයේ සාමාන්‍ය මඟී ගුවන් යානයකිනි. ලන්ඩනයට ගමන්කරන අතර වාරයේදී එම  ඇතුළු කණ්ඩායමට අබුඩාබි නුවරදී ගුවන් යානය මාරුකර ගැනීමටද සිදුවෙයි.

ලන්ඩන් සංචාරය සඳහා තොරාගෙන ඇති කණ්ඩායමට ත්ගොරගෙන ඇත්තේ ලන්ඩන් නුවරදී සිදුකෙරෙන සාකච්චා සහ රැස්වීම් සඳහා සහභාගී කරවාගැනීම සඳහා අත්‍යාවශ්‍ය අවම කණ්ඩායමක් බවද දැනගන්නට ඇත.

 මෙම කාලය තුල ජනාධිපති වරයා ඇතුළු කණ්ඩායම සහභාගිවන වැඩසටහන් අනුව ඔවුනට "කිසිදු ඉස්පාසුවක් නොලැබෙනු" ඇතැයිද,ලන්ඩන් නුවර ගතකරන කාලය තුල වියහියදම් පිරිමසා ගනිමින් කටයුතු කරන ලෙසටත් ඔහුගේ ගමන් බිමන් හෝ වැඩසටහන් සඳහා අනවශ්‍ය "ආටෝප" කිසිවක් අඩංගු නොකීරීමටත් ජනාධිපති වරයා උපදෙස්දී ඇති බවද දැනගන්නට ඇත.  

බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුව ජනාධිපති ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයක් පිළිගනිමින් මධ්‍ය ප්‍රදේශ් , උජේයින් හි කුම්බන් මේලා හින්දු ආගමික උත්සවයට සහභාගී වීමට නියමිතය.

ජනාධිපති ලබන සෙනසුරාදා (14) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග ද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර අඟහරුවාදා ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය මහ රැජින මුණ ගැසුන අවස්ථාවේදී ඔහුගෙන්ම "දුෂණ මැඩලීමේ සමුළුවට" ආරාධනා ලබා ලන්ඩනයට පැමිණ ඉන්නා නයිජිරියානු සහ ඇෆ්ගනිස්තාන රාජ්‍යනායකයින් " දුෂිතයන්" ලෙස හඳුන්වමින් ඔහු සමඟ සිටි අයෙකුගේ කනට කොඳුරා කල ප්‍රකාශයක් කිසියම් පුද්ගලයෙකු විසින් රහසින් පටිගතකර මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. සමුළුවේ කැඳවුම්කරු ලෙස අප්‍රසිද්ධියේ වුවද එවැනි ප්‍රකාශයක් කිරීම ආන්දෝලාත්මක බවත් ගුණ ගරුක නොවන බවත් කියන  බ්‍රිතාන්‍ය මාධ්‍ය ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක් දී තිබුණි.

පසුගිය සතියේ පැවති පළාත් පාලන මැතිවරණයේදීත් ලන්ඩන් නඟරාධිපති මැතිවරණදීත් ඩේවිඩ් කැමරන්ගේ පක්ෂය පරාජය වීමත් ජුලි මාසයේ පැවැත්වෙන බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වනවාද යන්න පිලිබඳ ජනමත විචාරණයත් යන පසුබිමක් තුල ඔහු ඉන්නේ " විශාල පඹ ගාලක පැටලී" බවත් එවැනි අවස්තාවක වෙනත් රාජ්‍ය නායකයින් දුෂිතයන් ලෙස හංවඩු ගසන අන්දමේ අවකැපෙන කතා කීමෙන් ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් පලුදු වීමට හොඳටම ඉඩ ඇති බවටත් එම වාර්තා පෙන්වා දී තිබුණි. 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction