sri express

අයර්ලන්තයේ ජිවත්වන බෞද්ධ සැදැහැවතුන් විසින් කලක් තිස්සේ කල උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මහමෙව්නාව අසපු ශාඛාවක් අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින් නඟරයට ආසන්න නිශ්කලංක පෙදෙසක පිහිටි ස්ථානයක ආරම්භ කිරීම සඳහා කටයුතු යොදා ඇත.

මෙම භාවනා අසපුව මහා සංඝ රත්නය වෙත සඟ සතුකොට පුජා කිරීමේ පුන්යෝත්සවය මෙම මස 10 වෙනි ඉරුදින පැවැත්වෙන බව එම දායක සභාව විසින් නිවේදනය කර ඇත.

නව අසපුව පිහිටියේ කිල්ඩෙයාර් ප්‍රාන්තයේ ප්‍රොස්පරස් නඟරයේ මේපල් ටෝෆ්ට්ස් ක්ලෝස් මාවතේ අංක 57 දරන ස්ථානයේය. අප්‍රේල් 10 වෙනිදින පැවැත්වෙන පින්කමෙහි කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියන් ඇතුළු මහා සංඝ රත්නය වැඩමකරවනු ඇත. එදින උදැසන 10 ට බුද්ධ පුජාව පැවැත්වීමෙන් අනතුරුව අසපුව මහා සංඝයා වෙත පුජා කිරීම සිදුකෙරෙයි.

ඉන් පසු වැඩම කරවන මහා සංඝරත්නය උදෙසා සංඝ ගත දක්ෂිනාව පිරිනැනමේ. දහවල් 12 සිට ධර්ම දේශනාව සහ සෙත් පිරිත් සජ්ජායනාව පැවැත්වෙනු ඇත. මෙම පිංකම සඳහා සදහා සිතින් සුදු වස්ත්‍රයෙන් සරසි සහභාගිවන ලෙස සියලුම දෙනාවෙත ගෞරවයෙන් ආරාධනා කරන බව පින්කමෙහි සංවිධායක කොමිටුව පවසයි.

අයර්ලන්ත මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් පිහිටුවීම පිළිබඳව අදහස් දැක්වූ එම කොමිටුවේ සාමාජිකයෙකු පැවසුවේ අයර්ලන්තයේ බෞද්ධ විහාරස්ථානයක් හෝ අසපුවක් ආරම්භ කිරීමේ අදහසින් ශ්‍රී ලාංකිකන් 11 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පිහිටුවා ගෙන එමඟින් ඔවුනගේ පෞද්ගලික මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් පසුගිය මැදින් මාසයේදී ඩබ්ලින්,කොර්ක් සහ වෙක්ස්ඵර්ඩ් යන නඟර වල ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපු වාසි ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කල බවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අයර්ලන්තයේ විවිධ ප්‍රදේශවල ජිවත්වන බෞද්ධයන්ගේ සහාය එම කණ්ඩායමට ලැබුණු අතර මුලික අධියරක් ලෙසට එම සංවිධානය රජයේ ලියාපදිංචි කිරීමටත් නව බැංකු ගිණුමක් ආරම්භ කිරීමටත් පුණ්‍ය කටයුතු සඳහා කැපවූ සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමටත් කටයුතු කර ඇත.

අසපුව සඳහා සුදුසු ස්ථානයක් සොයාගෙන එහි ආරාමයක් ස්තාපිතකිරිම සඳහා කටයුතු කෙරුනේ ඉන් අනතුරුවය. 

බුදුන් වහන්සේ විසින් මංගල කරුණු ලෙස පෙන්වාදී ඇති සද්ධර්ම ශ්‍රවනය සහ සත් පුරුෂ ඇසුර සඳහා මඟ සලසන මෙම පුණ්‍ය කර්මයට දායක වනලෙස සංවිධායකයින් පින් කැමති සැමගෙන් ඉල්ලා සිටි. 

මෙම නව අසපුවේ පැවැත්ම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන උපයාගැනීම සඳහා උපකාරිවිමට කැමති සැදැහැවතුන් ඇත්නම් අවශ්‍ය විස්තර www mahamevnawa ag යන වෙබ් පිටුවෙන් ho info @ mahamevnawa.ie yana widyuth lipinayen ලබාගත හැකිවෙයි. 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction