sri express

ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සහ ත්යාග ප්‍රදානෝත්සවය අප්‍රේල් 3 වන ඉරිදා දහවල් 2 විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙයි.

ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ආචාර්ය මැදගම වජිරඥාන නාහිමියන් විසින් මිට වසර 32 කට පමණ පෙර ආරම්භ කෙරු රාහුල දහම් පාසල මඟින් ලන්ඩන් නුවර ජිවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරු දැරියන් හට බුදුදහම සහ සිංහල භාෂාව පිලිබඳ අධ්‍යාපනයක් ලබාදෙයි. විහාරවාසී මහා සංඝරත්නය සහ ගිහි විද්වතුන් දහම් පාසැලේ ගුරුමණ්ඩලය ලෙස ස්වේච්චාවෙන් සේවය කරති. දැනට ප්‍රධානාචාර්ය තනතුර දරන්නේ පුජ්‍ය තවලම බන්දුල හිමියන් විසිනි. පාසලේ බෞද්ධ මෙන්ම වෙනත් ආගමික දරුවන් 150 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති. රාහුල දහම් පාසලට අනුයුක්ත උතුරු ලන්ඩනයේ  පුබුදු දහම් පාසලේ දරුවන්ද මෙම උත්සවයට සහභාගී වෙති.

රාහුල දහම් පාසල ලන්ඩන් නුවර ජිවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරුවන් සඳහා අත්‍යාවශ්‍ය ආගමික සහ සංස්කෘතික දැනුමක් සැපයීම සඳහා කටයුතු කරන ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් ක්‍රියාත්මක කෙරෙන වැදගත් සේවාවක් බව විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

වාර්ෂික දහම් පාසල් දිනයේදී එම වසරේ ඉගෙනුම ලබන ළමුන්ගේ දක්ෂතාවයන් පෙන්වන බෞද්ධ සංස්කෘතික අංගයන් ඉදිරිපත් කරන බවත්, දහම් පාසැලේ අධ්‍යාපනය තුලින් බුදුදහම සහ සිංහල භාෂාව පිලිබඳ දැනුමක් ලබාදීමත් එතුලින් එම දරුවන්ගේ ජිවිත  යහපත් කරගැනීමට අවශ්‍ය උපකාරයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, අනගාරික ධර්මපාලතුමන්, මැදගම වජිරඥාන නාහිමියන්, ස්වේච්චාවෙන් තම සේවය ලබාදෙන ගුරු මණ්ඩලයේ පින්වතුන් සහ සියලුම දෙමාපියන් හට මේඅවස්තාවේදී කෘතවේදී වන බවත් උන්වහන්සේ පැවසුහ.

දහම් පාසැලේ ඉගෙනුම ලබන ළමුන්ගේ දක්ෂතාවයන් අගය කිරීමත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දහම් පාසල් විභාගය සඳහා පෙනීසිට සමත්වූ සිසු සිසුවියන්හට ත්‍යාග සහ සහතිකපත් බෙදාදීමත් රාහුල දහම් පාසල් දින උත්සවයේදී සිදුකරන බව ප්‍රධානාචාර්ය පුජ්‍ය තවලම බන්දුල හිමියෝ පැවසුහ. පසුගිය වසරේ ප්‍රථම පන්තියේ සිට ඩිප්ලෝමා පන්තිය දක්වා ඉගෙනගෙන විභාගය සඳහා සහභාගිවූ සියලුම දෙනා විශිෂ්ඨ සමාර්ථ ලබාගත්බවද මෙහිදී උන්වහන්සේ සිහිපත් කළහ.

දහම් පාසල් අධ්‍යාපනය ඉතාමත් වැදගත් වන බව පෙන්වා දුන් උන්වහන්සේ එතුලින් ශ්‍රී ලාංකික දරුවන් තුල ධර්මය කෙරෙහි ඇල්මක් සහ බැඳීමක් ඇතිවෙන බවත් ඔවුනට ධාර්මික යහපත් ජිවිත ගොඩ නංවා ගැනීම උදෙසා ප්‍රභල පදනමක් සපයන බවත් උන්වහන්සේ පැවසුහ.

ලන්ඩන් බෞද්ධ විහාරය යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යතානය බවත් එතුලින් එක්සත් රාජධානියේ ජිවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔවුනගේ ආගමික අරමුණු ඉටුකර ගැනීම සඳහා සුවිශාල පිටුවහලක් ලබාදෙන බවත් බුදුදහම සහ විශේෂයෙන් භාවනා ක්‍රම පිලිබඳ උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍ය ජාතිකයින්හටද අවශ්‍ය උපදෙස් සහ පසසුකම් ලබාදෙන වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක් බවත් දහම් පාසැලේ ගුරුමණ්ඩලයේ පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමියෝ පැවසුහ. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වන වැඩ සටහන් අතර දහම් පාසල් විවිධ ප්‍රසංගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය වැදගත් වන බවත් එහිදී එම වසරේ අධ්‍යාපනය ලැබූ දරුවන් ඉගෙනගත් ධර්ම ඥානයත් ඔවුන්ගේ විවිධ කළා කෞශල්‍යයත් මෙහිදී ඉදිරිපත් කිරීමට අවස්තාවක් ලබාදෙන බවත් උන්වහන්සේ පැවසුහ. 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction