sri express

නවසීලන්තයේ දකුණු දිවයිනේ නැගෙනහිර වෙරළබඩ පිහිටි ක්‍රයිස් චර්ච් නුවර එම රටේ ප්‍රසිද්ධව ඇත්තේ රමණීය ගෙවතු නුවරක් ලෙසයි. නගරය මැඳින් ගලායන නීලවර්ණ සුපිරිසිදු ජලයෙන් පිරි එවොන් ගංගාවත්, හරිත වර්ණයෙන් පිරීගිය සුවිසල් බිම් පෙදෙසත් ක්‍රමානුකුලව ඉදිකර ඇති හැග්ලි මල්වත්ත, ක්‍රයිස් චර්ච් උද්භිද උද්‍යානය ඇතුළු විවිධාකාර උයන්වතු, දෙපස මලින් පළින් බර ගහකොළින් වටවූ ඇළ දොළ, බයිසිකල් මාර්ග, පදික වේදිකා ආදිය මේ නඟරයේ සුන්දරත්වය රඳවා ගැනීමට සමත්වී ඇත.

1948 දී යුරෝපීයයන්ගේ පදිංචිය ආරම්භවීමෙන් අනතුරුව සියවස් එක හමාරක් වැනි කෙටි කාලයක් තුල මෙවන් සීග්‍ර සමෘද්ධියක් උදාකරගැනීමට මේ කුඩා දිවයින් දෙකෙහි ජනතාවට හැකිවීම අගේ කලයුත්තකි.

යුරෝපීයයන් පැමිණීමට කලින් මේ පලාතේ ජීවත්වූ මෞරි ජාතිකයින් එය හැඳින්වුයේ "ඔටාඋටාහි" යනුවෙනි. එහි තේරුම වුයේ "ටඋටාහි ගේගම" යන්නයි. එවකට "ටේ පොටිකි ටඋටාහි" ඒ ගමේ ප්‍රධානියවිය.

ක්‍රයිස් චර්ච් නුවර ප්‍රධාන මාර්ගයක් නම්කර ඇත්තේ "කොළඹ පාර" යනුවෙනි. නඟරයේ දකුණේ සිට උතුරු ප්‍රදේශය දක්වා ආසන දෙව්මැදුර පසුකර දිවෙන මෙම මාර්ගය කිලෝමීටර් 6ක්  දිගය. මෙම මාර්ගයෙහි තැනින් තැන කඩසාප්පු සහ ආපන ශාලා පිහිටා ඇත.

ඒ එක් ජනප්‍රිය බෝජන ශාලාවක් හැඳින්වෙන්නේ " සිලෝන් කිචන්" නමිනි. මෙම සුන්දර මුළුතැන්ගේ හිමිකරු මෙන්ම ප්‍රධාන අරක්කැමියා සුදත් විජේවර්ධන නම්වූ ශ්‍රී ලාංකික තරුණයෙකි. වත්තේගම ඉපැදී හැදුන වැඩුන සුදත් නවසීලන්තයට ගියේ මීට වසර 16 කට කලිනි. ක්‍රයිස් චර්ච් සම්මේලන මධ්‍යස්ථානයේ ප්‍රධාන අරක්කැමියෙකු ලෙස වැදගත් රැකියාවක නිරතව ඉන්නා අතර වාරයේදී ඔහු තමන්ගේම භෝජනාගාරයක් ආරම්භ කළේය. ඒ මීට වසරකට කලිනි. 

කොළඹ වීදියේ අංක 620 දරන ස්ථානයේ පිහිටි "සිලෝන් කිචන්" ආපනශාලාවට ඇතුළුවන තැන අලංකාර තොරණක හැඩයගත් නාමපුවරුවකි. එතැනසිට ආපන ශාලාවතෙක් මේස පුටු තබා ඇති ලස්සන මල් වත්තකි. අවශ්‍යනම් එහිදී  ආහාර අනුභවකිරිම කලහැක. 

සුදත් විජේවර්ධන නවසීලන්තයේ ජනප්‍රිය ආහාර පාන සකස් කිරීමෙහි මනා පරිචයක් ලබා ඇති දක්ෂ සුපවෙධියෙකි. එසේවුවද ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කිරීමේදී ඔහු මුලසිටම තම අවන්හලේ කෑම වට්ටෝරුවට ඇතුලත් කලේ ශ්‍රී ලාංකික ආහාර පාන පමණකි. ඔහුගේ අවන්හලේ ඇත්තේ ඉඳි ආප්ප, ආප්ප, පිට්ටු. කොත්තු රොටි, කිරිබත්, කිරිහොදි, පොල්සම්බෝල, කුකුල්මස්, පරිප්පු,අල බැදුම්, වඩේ වැනි ශ්‍රී ලංකාවටම අවෙනිකවූ කෑම වර්ගයන්ය. ශ්‍රී ලංකාවේ ආහාර පාන පිලිබඳ නවසීලන්ත ජාතිකයින් තුල කිසිම වැටහීමක් තිබුනේ නැත.ඒ නිසා ඔවුන් අතර ඒවා ජනප්‍රිය කිරීම සුදත් මුහුණදුන් ප්‍රධානතම අභියෝගය විය.ඒවා පිළියෙළ කිරීමේදී සහ පිසීමේදී ඔහු කටයුතු කලේ ලංකාවේ ගමේ ගෙදරදී මෙන් අත්‍යාවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එපරිද්දෙන්ම යොදා ගනිමිනි. සුද්දාට අවශ්‍ය පරිදි රස හෝ සැර බාලකිරීමක් සිදු නොකර රසබර ව්‍යංජන පිසීමෙන් ඒවාට තම පාරිභෝගිකයින්ගේ රසාංකුර හුරුකරගැනීම ඔහුගේ උත්සාහය විය. සුපවෙධියෙකු ලෙස සුදත් දැක්වූ පරිනතභාවය නිසා ඔහුගේ ආහාර පාන වැඩිකල් නොයාම ක්‍රයිස් චර්ච් නඟරයේ බොහෝදෙනාගේ සිත් දිනාගැනීමට සමත්විය. ඒ මුළු ප්‍රදේශයේම ශ්‍රී ලාංකික ආහාර ලබාගත හැකි එකම ස්ථානයද සුදත්ගේ අවන්හල පමණය.

ඒසමඟම කොළඹ වීදියේ "සිලෝන් කිචන්" භෝජනාගාරය තුලින් ශ්‍රී ලංකාවේ ආහාර පාන නවසීලන්තයට ගෙනයාමට වත්තේගම සුදත් විජේවර්ධන සමත්විය.

කොළඹ වීදියේ සිලෝන් කිචන් ප්‍රධාන අවන්හලට අමතරව සුදත් සතිඅන්තයේදී ආසන දෙව්මැදුර පිහිටි චතුරශ්‍රයේ තාවකාලික අවන්හලකද පවත්වාගෙනයයි. 

ඔහුගේ උදව්වට අජිත් බණ්ඩාර සහ දීපානි සෙනෙවිරත්න කටයුතු කරති. අජිත් මාතලේ තරුණයෙකි. කලක් ඔහු ලන්ඩන් නුවර ඊස්ට්හැම් ප්‍රදේශයේ ජීවත්වුවෙකි.

දීපානි කැන්ටබරි පළාත්සභාවේ සේවය කරන අතර වාරයේ සති අන්තයේ සුදත්ගේ අවන්හලේ කටයුතු සඳහා උදව් කරන්නීය.

සුදත්ගේ අවන්හලේ පාරිභෝගිකයින් සියල්ලම නවසීලන්ත ජාතිකයින්ය. ඔවුන් දැන් කටට රහට ලුණු ඇඹුල් සහිතව පිසෙන අපගේ ආහාර බුදින්නේ සතුටිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන අවස්ථාවල ඔවුනට ලංකාවේ ආහාර සැපයීම කෙරෙන්නේ සුදත් විසිනි. එමෙන්ම ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරුන්ද ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන හැම අවස්ථාවකම ශ්‍රී ලාංකික ආහාර වේලක රස විඳීම සඳහා ඔහුගේ අවන් හලට පැමිණීමට අමතක නොකරන බවද සුදත් කියයි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction