sri express

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට වස් පින්කම් මාලාවක් පවත්වා ඇත. 

තලවතුගොඩ ශ්‍රී ඤානාරාමාධිපති පුජ්‍ය ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ පුර්ණ අනුශාසකත්වය සහ මඟ පෙන්වීම ඇතිව මෙම පිංකම සංවිධානය කලේ ඩුබායි ධර්ම ප්‍රවේනි දායක සභාව විසිනි.  පසුගිය ජුලි මස 31 වනදායින් ආරම්භ කෙරුන තෙමස් වස්සාන කාලය උදෙසා භික්ෂුන් වහන්සේ දෙනමක් ශ්‍රී ලංකාවෙන් වැඩම කෙරුනි. උන්වහන්සේලාට එම කාලය තුල වස් වැසීම සඳහා ලැගුම් පහසුකම් සලසා දෙමින් පැට්‍රික් මුණසිංහ විසින් සිය නිවස ආරාම පුජාවක් ලෙසින් සකස්කරදී ඇත. මෙම කාලය ඇතුලත වස්වැසූ භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතා සපුරාලමින් උන්වහන්සේලාගෙන් දහම් කරුණු විමසා දැනගනිමින් දිනපතා බුද්ධ පුජා, සාංගික දාන ධර්මදේශනා භාවනා වැනි වැඩසටහන් බොහො ගනනකට සහභාගිවෙමින් කුසල් රැස්කරගැනීමේ දුර්ලභ අවස්තාවක් ඩුබායි දේශයේ සේවය කරන බෞද්ධයන් විශාල පිරිසකට උදාවිය. මේ කාලය තුල සෑම දිනකම සන්ධ්‍යා භාගයේදී බුද්ධ වන්දනා සහ බුද්ධ පුජා පැවැත්වුනි. සෑම සිකුරාදා දිනකම ඩුබායි දහම් පාසල් ශාලාවේදී  භාවනා ප්‍රගුණ කිරීමත්, සෙනසුරාදා සවස අභිධර්මය ඉගැන්වීමත් සිදුවිය.

ජුලි මස 31 වන ඇසළ පුන් පොහොය දින වස් ආරාධනා පිංකම විශාල සැදැහැවතුන් පිරිසගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

කඨින පිංකම සඳහා මහාසංඝරත්නය දස නමක් වැඩම කළහ. කඨින වස්ත්‍රය මුලින් පඬුගසා නියමිත අයුරින් සකස් කර සැදැහැවතුන් බොහෝදෙනෙකුගේ අතින් මසා සම්පුර්ණ කරගනු ලැබිය. ඩුබායි නඟරයේ ප්‍රථම වතාවට පැවැත්වුන මෙම උතුම් පිංකම සඳහා සැදැහැවතුන් විශාල පිරිසකයේ දායකත්වය සහ සහභාගිත්වය ලැබී ඇත.

පිංකම අවසන් කෙරුනේ පින්කමට වැඩම කල මහා සංඝරත්නය විසින් සිදුකල පරිත්ථාන ධරමදෙශනාවකිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන බෞද්ධ සැදැහැවතුන්හට අට මහා කුසළ කර්මයන්ගෙන් අග්‍රස්ථානයට පත්වන කුසළය ලෙස සැලකෙන කඨින චීවර පුජා පින්කමකට සහභාගිවීමට අවස්තාවක් ලැබීම ඉමහත් භාග්‍යයක් බව අනිශාසනාව පැවැත්වූ සංඝයා වහන්සේ පැවසුහ.

මාස තුනක් පුරාවට මෙම මහඟු පින්කමෙහි වැඩකටයුතු සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ එහි බර පැන පියවීම සඳහා දායකවූ සහ පින්කම් සඳහා සහභාගිවූ සියලුමදෙනාට පුන්‍යානුමොදනා කරන බව සංවිධායකයෝ පැවසුහ.

 

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction