sri express

පසුගිය වර්ෂයේ ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සග බ්‍රේනම් යන ප්‍රධාන නඟර කේන්ද්‍ර කර ගනිමින් ෂ්නෙවර්ඩින්ගන් නඟරයේ අභිනවයෙන් ආරම්භ කරන්නට යෙදුන ශ්‍රී ලංකා මහා විහාරයෙහි කටින පුජෝත්සවය පසුගිය 1 වෙනි ඉරුදින පැවැත්වින. එහිදී අනුශාසවක් සිදුකල ජර්මනියේ බොන් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය බටුවන්ගල සමිද්ධි හිමියෝ " සම්ප්‍රදායික බෞද්ධ රටවල මෙන් යුරෝපයේ බොහෝ රටවල භික්ෂු නායකත්වයක් ගොඩනැඟෙමින් පවතින බවත් ථෙරවාද, මහායාන මෙන්ම වජිරයාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් ශක්තිමත් භික්ෂු ප්‍රතිරුපයක් යුරෝපය තුල මේවනවිට ගොඩනඟා ඇතිබවත්, උන්වහන්සේලාගේ දේශනාවන්ට සහ හඬට කන්දෙන්නට ආසියාවෙන් පැමිණ මේ රටවල පදිංචිව ඉන්නා බෞද්ධයින්ගේ ප්‍රමාණයටම යුරෝපිය ප්‍රජාවද ඉදිරිපත් වීමේ ප්‍රවනතාවය දිනෙන් දිනම ඉහල යමින් පවතිනු දක්නට ලැබීම සතුටට කරුණක් බවත්, භෞතික සම්පත් පරිහරණය කිරීමෙන් හෙම්බත්ව සිටින යුරෝපිය ප්‍රජාවට බුදුදහම තුලින් මහත් ශාන්තියක් අත්ව ඇතිබවත් පැවසුහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ " යුරෝපයේ වැඩවසන ථෙරවාද භික්ෂුන් වහන්සේලා අතර ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය ආචාර්ය රත්මලේ පුඤ්ඤ රතන හිමියන් පුරා දශක දෙකක කාලයක් තුල සැබෑ ධර්ම දුතයන් වහන්සේ නමක් ලෙස සිය යුතුකම් කොටස මැනවින් ඉටුකරනු ලබන ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමක් සේම ජර්මන් ජන සමාජය තුල භික්ෂු නායකත්වය ආදර්ශයෙන් ගොඩ නඟා ඇති බහුශ්‍රැත හිමිනමක් ලෙස බොහෝදෙනාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්ව ඇති බවත් අවධාරණය කර සිටියහ.

ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය රත්මලේ පු රතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකල මෙම පින්කමේදී ඓතිහාසික බර්ලින් විහාරයේ සම විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත, අධ්‍යාපන අධ්‍යක්ෂ අධ්‍යාපනවේදී පුජ්‍ය ගිරිතලේ සිරි සුජාත සහ ජර්මන් ජාතික පුජ්‍ය මොක්ඛිත යන හිමිවරුන්ද අනුශාසනා සිදුකළහ.

ජර්මනියේ විවිධ නඟර වලින්  පැමිණි ශ්‍රී ලාංකික මෙන්ම ජර්මන් ජාතික සැදැහැවතුන් බොහොපිරිසක් පින්කමට සහභාගී වුහ. 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction