sri express

අධ්‍යාපනික සහ බාහිර කටයුතු සඳහා උපකාර අවශ්‍ය පාසල් දරුවන්ට  පිහිටක් වීමේ අදිටනින් ආරම්භ කරන ලද " අකුර " නම්වූ ප්‍රජා ව්‍යාපෘතිය මඟින් ඔවුනගේ කුළුඳුල් අදියර වශයෙන් විල්පත්තු මායිමේ ඇති, ඇති දුෂ්කර ඊට්ටිකුලම ප්‍රාථමික විදුහලේ දරුවන්ට නව වසර සඳහා අවශ්‍ය පොත්පත් සහ අනෙකුත් පාසල් උපකරණ ලබා දීම සඳහා කටයුතු කර ඇත.

මෙම සත් ක්‍රියාව සංවිධානය කර ඇත්තේ ඔක්තෝම්බර් මස 1වැනි දිනට යෙදුනු විශ්ව ළමා දිනයට සමගාමීවය.

නොච්චියාගම රෝහල අසලින් ගම ඇතුලට වැටී ඇති  මාවතෙහි කි.මි 16 ක් පමණ ගමන් කළ විට ඊට්ටිකුලම ප්‍රාථමික පාසල හමුවෙයි. මෙහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියෝ බහුතරයක් ජිවිකාව සඳහා කරන්නේ මහාපරිමාණ හේන් වල කුලී වැඩය. 

මේ පිලිබඳ අදහස් දැක්වූ එම විදුහලේ විදුහල්පති වරයා පවසා ඇත්තේ "නගරයේ පාසල් වලට යාමට මූල්‍ය ශක්තියක් ඇති ගමේ සිසුන් නගරයට යද්දි මේ දරුවන් ගමේ පාසලට එන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට දවස්පතා තම දරුවන් නඟරයට යැවීමට අවශ්‍ය වියදම් සොයාගැනීමට තරම් වත්කමක් නැති නිසා" බවය. 

මෙය කලක් වසා දමා තිබී මෑතකදි යළි අරඹන ලද පාසලකි.

පාසැල වෙත අවශ්‍ය ආධාර ලබාදීමේ කටයුත්ත සඳහා ඩිලාන් ශ්‍රීෂාණු ලොකුපතිරගෙ, තුල්‍යා ද සිල්වා, නිලක්ෂ රත්නායක, ශිරෝමා ලියනගුණවර්ධණ, රොමෙරො සිල්වා සමඟ  99 එක්ස් සේවා ආයතනයේ පිරිසක්ද එක්වුහ. 

විදුහල් පතිවරයා සකස් කරදුන් ලැයිස්තුවෙහි සඳහන්ව තිබු පාසලේ දරුවන්ට අවශ්‍ය පොත් පත් සහ පාසල් උපකරණ ආදිය ඉතා සහනදායි මිළකට ලබා ගැණීමට චන්දන මුණසිංහ කටයුතු කල අතර අදාල පොත්පත්, දිවා අහාර භාජනය සහ පොත් මලු ආදිය ඒ ඒ තැන්වලින් සපයාගෙන නිසි ලෙස අසුරා පාසැල වෙත  ප්‍රවාහනයකිරීම සඳහා  දායකත්වය ලබා දී ඇත්තේ හර්ෂණ වීරසිංහ විසිනි.

ඩෙස්පුටු ආදිය නොච්චියාගම ලීබඩු නිෂ්පාදනය කරන පුද්ගලයින් ලවා සුදුසු ලෙස සාදවා පාසැල වෙත ප්‍රවාහනය කිරීමට 99 එක්ස් සේවා ආයතනය විසින් කටයුතු කර ඇත.

ඊට්ටිකුලම ප්‍රාථමික විදුහලේ විදුහල්පති, ගුරුමණ්ඩලය, සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්  ළමා දිනයෙදි තවත් අර්ථවත් කටයුත්තක් සංවිධානය කර තිබුණි. ඒ පාසල් භූමිය තුළ පළතුරු පැළ සිටු වීමයි. 

මෙම පාසැල සඳහා ආධාර සැපයීම අවශ්‍ය බව දන්වා ඇත්තේ ආර්. ඩි කුළතුංග සහ පාසලේ විදුහල්පති විමල් මහින්දරත්ණ විසිනි.

කලක් වසා තිබු මෑතදී යලි ආරම්භ කර ඇති පාසැලේ අබලන්ව ඇති ගොඩනැඟිලි අලුත්වැඩියා කරගැනීමට උදව්විය හැකි සංවිධානයක් හෝ පුද්ගලයින් ඇත්නම්  ඔවුනට ස්තුතිවන්ත වනබව විදුහල්පති වරයා පැවසිය.

" අකුර " සංවිධානය ඔක්තෝම්බර් 10 වෙනි දින තිස්සමහාරාම ප්‍රදේශයේ දුෂ්කරතා මැද ඉගෙනුම් කටයුතු කරන සිසුවියන් දෙදෙනෙකුට අවශ්‍ය පොත්පත් ලබා දීමටද කටයුතු යොදා ඇත. මේසඳහා අවශ්‍ය පොත් පොත් පත් ආදිය කොළඹ සිට ගෙනයන ලද්දේ දසුන් සමීර විසිනි. අදාළ තොරතුරු ලබාදී ඇත්තේ එක සිසුවියක ඉගෙනුම ලබන පාසලක ගුරුතුමියකවූ පවිත්‍රී ද සිල්වා විසිනි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction