sri express

මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ සදහම් චාරිකාවේ නිරත වන මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තෙවැනි සදහම් වැඩසටහන පසුගිය 04 වෙනි දා වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත්විණි. තෙරුවන් සරණ යෑමේ වටිනාකම හා ඒ තුලින් ජීවිතයට ලැබෙන රැකවරණය විස්තර කරමින් සිදු කල මෙම වටිනා දේශනය ශ්‍රවණය කිරීමට වොෂින්ටන්, මේරිලන්ඩ්, වර්ජිනියා ආදී ප්‍රදේශවල විශාල පිරිසක් සහභාගී වුහ. බොහෝ දෙනෙකුට යහපත උදාකල මෙම සදහම් වැඩසටහන සංවිධානය කර තිබුණේ වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුව මගිනි. 

උන්වහන්සේ සහභාගිවූ යුරෝපයේ මුල්ම වැඩ සටහන මැයි මස 21 වනදා "යුරෝපයේ අසිරිමත් වෙසක් මංගල්‍යය" ලෙස ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවරදී පැවැත්වුන අතර එහිදී ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් ඇතුළු සුවිසේශී දහම් වැඩ සටහක් කිහිපයක්ම පැවැත්වුනි.

මේසඳහා ජර්මනියේ ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වුහ.

මැයි මස 24 වන ඉරු දින ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වුන සදහම් මංගල්‍යය පින්කමේදී පස්වරු 1 සිට පස්වරු 4.30 දක්වා ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් පවත්වනු ලැබිය.

ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ මහමෙව්නාව භාවනා අසපුව මඟින් සංවිධානය කල "ඇමෙරිකා එක්සත් ජනපදයේ සදහම් මංගල්‍යයේ" මුල් වැඩසටහන මැයි මස 31 වනදා ස්ටටන් අයිලන්ඩ් හිදී සංවිධානය කරතිබූ අතර එහිදී පුජ්‍ය ඤානානන්ද හිමියන්ගේ ධර්මදේශනය සවස 5 සිට 7 දක්වා පැවැත්වුනි.

නිව් ජර්සි මහමෙව්නාව භාවනා අසපුව මඟින් සංවිධානය කර තිබු  දෙවන වෙසක් සදහම් වැඩසටහන පැවැත්වුනේ ජුනි මස 1 වෙනිදාය. නිව් ජර්සි හිදී පැවැත්වුන මෙම වැඩසටහනේදී ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනය සවස 4 සිට 6 දක්වා පැවැත්වුනි.

කැලිෆෝනියා මහමෙව්නා ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් සංවිධානය කල සදහම් වැඩසටහන පැවැත්වුනේ ජුනි මස 6 වන සෙනසුරාදාය. එදින සවස 4.30 සිට 7 දක්වා  ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනය පැවැත්වුනි.

ජුනි මස 13 වන සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුව මඟින් සංවිධානයකර ඇති සදහම් වැඩ සටහනේදී  ඤානානන්ද හිමියන් සවස 6.30 සිට 8.30 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වීමට නියමිතය.

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ එඩ්මන්ටන් නුවරදී ජුනි 15 වනදින සවස 7 ටත් කැල්ගරි නුවරදී ජුනි 16 වනදින සවස 5.30 ටත් ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනා පැවැත්වෙයි.

ඤානානන්ද හිමියන් ලන්ඩන් නුවරට වැඩමකරවන්නේ ජුනි 17 වනදායි. ජුනි 18 වනදා උදැසන 9.30 සිට උන්වහන්සේ ලන්ඩන් නුවර අලුතින් ආරම්භ කෙරුන සරේ මහමෙව්නා අසපුවේ පැවැත්වෙන දහම් වැඩසටහන් සඳහා සහභාගිවෙයි.

උන්වහන්සේ19 වෙනිදින උදැසන 9.30 සිට ස්ටැන්මෝර් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන් සඳහා සහභාගිවනු ඇත.

උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් ජුනි මස 20 වන දින පවත්වන පින්කමේදී සවස 4 සිට 6 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වීමට නියමිතය. එම පිංකම සඳහා විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගිවනු ඇතැයි බලාපොරොත්තු වන නිසා එය පැවැත්වීම සඳහා ඉඩකඩ ඇති එසෙක්ස් ප්‍රාන්තයේ පර්ෆ්ලීට්හි සුවිසල් බ්ලැක් ස්ටේජ් මධ්‍යස්තානය ලබාගෙන ඇත. 

එදින උදැසන 9 ට ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු භුමියේ අභිනවයෙන් ඉදිකරඇති කුටිසෙනසුන් ඤානානන්ද හිමියන්ගේ අතින්  සිව්දිගින් වැඩම කරන්නාවූ මහාසංඝයාවහන්සේ වෙත පුජා කිරීමේ පිංකම පැවැත්වෙයි.

උන්වහන්සේ ආපසු ශ්‍රී ලංකාවට වැඩම කරවන ජුනි 23 වනදින උදෑසන 9.30 සිට අක්ස්බ්රිජ් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන් සඳහා සහභාගී වීමටද නියමිතය.

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction