sri express

පසුගියදා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත්කළ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් එහි දෙමල ප්‍රජාව පමණක් සඳහන් කිරීම පිළිබඳව එංගලන්තයේ වෙසෙන සිංහල පිරිස් සිය විරෝධය පලකිරීමේ පසුබිමක් පවතිද්දී ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස්, උප සභාපති ශිරාන් අල්මේදා, සුර්යා සමරවීර සහ ලරිෂා ඩයස් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සීමා මල්හෝත්‍රා මුණගැසී ඒ සම්බන්ධ කරුණු පහදාදී සිදුවූ අතපසුවිම නිවැරදි කිරීමට ඔවුන් කැමති කරවාගෙන ඇත.

මෙම හමුවීමේදී බ්‍රිතාන්‍යයේ චන්දය හිමි සිංහල, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන ජනකොට්ඨාශයන්ට අයත් පිරිස්ද විශාල සංඛ්‍යාවක් ජිවත්වන බවත් ඔවුන්ගේ කැමැත්ත දිනාගනිමද කම්කරු පක්ෂයේ ජයග්‍රහනය උදෙසා වැදගත් වන බවද පැහැදිලි කරදී ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳව මිට වඩා පුළුල්ව සිතාබලා කටයුතු කිරීමද සාධාරණ බව ඔවුන් පෙන්වා දී ඇත.

මෙම සුහද හමුව අවසානයේදී "සිංහල සහ දමිල අලුත් අවුරුද්දක්" වෙවායි පතමින් ඉදිරියටත් සියලුම ශ්‍රී ලාංකික ජන ප්‍රජාව සමග සුහදව වෑඩ කිරීමට බලාපොරොත්තුවන බවත් ශ්‍රී ලාංකිකයින් වශයෙන් කම්කරු පක්ෂ සමග සම්බන්ධවී කටයුතු කිරීමට ඉදිරිපත්වීම ගෑන ඉතා සතුටු වන බවත් කම්කරු පක්ෂයේ රජයකින් රැකියා සහ අනිකුත් පහසුකම්  ලබා දෙනබවත් විශේෂයෙන් තරුන පරපුරේ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උනන්දුවන බවත් මිලිබෑන්ඩ් පොරොන්දුවූ බව ශ්‍රී ලාල් ඩයස් පවසයි.

මිලිබෑන්ඩ් සමඟ පැවැත්වූ කතාබහ වීඩියෝ ගතකිරීමට අවස්තාවක් ලබාදුන් බවත් ළඟදීම එය එළිදැක්වීමට කටයුතු කරන බවත් ඔහු කියයි.


Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction