sri express

Photographs from Jethavana Buddhist Vihara, Birmingham.

එංගලන්තයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර පිහිටි ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගිය ඉරුදින විහාරාධිපති රාමන්ඥ නිකායේ බ්‍රිතාන්‍යයේ මහා නායක පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලැබිය. උන්වහන්සේ සමඟ පුජ්‍ය මාපලගම සෝරත හිමි සහ පුජ්‍ය තිස්සපුර සුගතරතන හිමියෝ මෙවර වස් වසනු ලැබිය.

කඨින පුජෝත්සවය සඳහා මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති පුජ්‍ය පිදිවිල්ලේ පියතිස්ස හිමි, නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරාධිපති පුජ්‍ය තෙල්දෙණියේ අමිත හිමි,මැන්චෙස්ටර් බෞද්ධ විහාරවාසී පුජ්‍ය ගල්පොත්යායේ පේමානන්ද හිමි, පුජ්‍ය පන්නල සුමන හිමි, ලන්ඩන් නුවර එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානවාසී පුජ්‍ය නිල්පනාගොඩ අනෝම හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරවාසී පුජ්‍ය වකමුලේ විජිත හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරවාසී පුජ්‍ය මල්දෙනියේ චන්දාලෝක හිමි සහ ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී පුජ්‍ය බෙරගම පියරතන හිමි යන ස්වාමින්වහන්සේලා සමඟ ශ්‍රී ලාංකික, ඉන්දියානු සහ වෙනත් ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වුහ.

සියලුම දෙනා සහභාගිවූ බුද්ධ පුජා පින්කමෙන් අනතුරුව වැඩමකළ මහා සංඝ රත්නය උදෙසා දහවල දානය පිරිනැමුණු අතර සියලුම ගිහි පින්වතුන් හට ආහාර පාන සපයනු ලැබිය.

කඨින පින්කමේ මුලික දායකත්වය දරන ලද්දේ කමල් සිරිවර්ධන සහ සුගත් ජයසිංහ යන පවුල් දෙකෙහි සාමාජිකයින් විසිනි.

ශ්‍රී ලාංකික සංස්කෘතික ගති ලක්ෂණ විදහාපෑ  අලංකාර පෙරහරකින් කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩමවන ලද අතර එහිදී සැදැහැවතුන් බොහෝදෙනාගේ සහභාගීත්වයෙන් එම වස්ත්‍රය සම්ප්‍රධානුකුලව කඨින චීවරයක් ලෙසට සුදානම් කෙරුණි.

පුජ්‍ය බෙරගම පියරතන හිමියන් විසින් කඨින පින්කමක් සඳහා සහභාගිවීමෙන් ලැබෙන ආනිසංශ පිලිබඳ ඉංග්‍රීසි බසින් කරුණු පැහැදිලි කරදුන් ධර්මදේශනාවක් කළේය. 

සිංහල ධර්මදේශනා පවත්වන ලද්දේ පුජ්‍ය තෙල්දෙණියේ අමිත හිමියන්  සහ පුජ්‍ය පිදිවිල්ලේ පියතිස්ස හිමියන් විසිනි.

 

Kathina Celebrations at Jethavana Vihara 2014

Annual Kathina robe offering for the monks at Jathavana Buddhist Vihara in Birmingham was held with the participation of a huge gathering of devotees on Sunday the 12th October 2014. 

The ceremony had been gracefully organised under the guidance of the Most Venerable Keppetiyagoda Gunawansa Nayaka Thera, the head of the Vihara and the Chief Sanganayaka for Great Britain. Venerable Gunawansa Thera,Venerable Mapalagama SorathaThera, Tissapura Sugatharathana Thero had observed the rain retreat at the Vihara this year.

The event started with the offering of Buddha Puja at 11.15am. 

Venerable monks present from various temples in Sri Lanka and United Kingdom at the ceremony included Ven.Pidiville Pyatissa thero,the head monk of kethumati vihara,Manchester. Ven.Galpotyaye Pemananda thero and Ven.Pannala Sumana thero from Manchester vihara, Ven.Nilpanagoda Anoma Nayaka thero from Samadhi meditation centre, Edmonton. Ven. Wakamulle Uditha thero from Letchworth Buddhist vihara, Ven.Maldeniye Chandaloka thero from Leceister Buddhist Vihaara, Venerable Theldeniyaye Amitha thera, Head of  Shanti Buddhist Vihara, Nottingham and Ven.Beragama Piyarathana thero from sri sambuddha viharaya, Liverpool.

The Kathina Robe was brought in to the temple by the devotees with deep devotion in a traditional Perehara reminding all who attended the ceremony,  the beauty of and the religious atmosphere of a typical Kathina ceremony in a village temple in Sri Lankan. 

After the offering of kathina robe Dhamma Sermons were delivered, in English by Venerable Beragama Piyarathana Thera and in Sinhala respectively by, Venerable Pidiwille Piyatissa Nayaka Thera and Venerable Theldeniyaye Amitha Thera,  explaining the significance of offering a Kathina Robe. 

Mid day Daana, Atapirikara and requisites for the monks and were offered by the members and devotees of Jetavana Buddhist Vihara. 

Lay devotees who attended the ceremony were also supplied with food and refreshments.

This year’s Kathina ceremony was sponsored by Mr.Kamal Siriwardhana and his family, Mr.Sugath Jayasinghe and his family.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs from Jethavana Buddhist Vihara, Birmingham.

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction