sri express

Photographs and text from Sheffield Buddhist Centre.

ලන්ඩන් නුවර සිට කිලෝමීටර් 260 පමණ උතුරින් පිහිටි එංගලන්තයේ ප්‍රධාන කාර්මික නගරක් වන ෂෙෆීල්ඩ්හි සහ ඒ අවට පදිංචි ශ්‍රී ලාංකිකයින් එක්වී තෙවන වරටත් පොසොන් භක්ති ගීත වැඩ සටහනක් සංවිධානය කරනු ලැබිය.

මෙම වැඩසටහනපිළිබඳව සංවිධායකයින් පවසන්නේ" අපගේ බොද්ධ සිරිත් විරිත් හා සදහම් රසය ඉදිරි පරම්පරාවට දායද කිරිම අරමුණු කර ගනිමින්, ලංකාවේන් ඉතා බෑහෑරව ජිවත් වන ෂෙෆීල්ඩ් ශ්‍රී ලාංකීය සෑදහෑවතුන් තෙවන වරටත් සංවිධනය කරන ලද පොසොන් සෑමරුම මේවරත් ෂෙෆීල්ඩ් හා ඒ අවට වෙසෙන බෑතිමතුන් බොහෝ පිරිසකගේ දායකත්වයේන් හා මැන්චෙස්ටර් කෙතුමති විහාරවාසි භික්ෂුන්වහන්සේලාගේ සහභාගිත්වයේන් අති උත්කර්ෂවත් අන්දමින් ෂෙෆීල්ඩ් බෞද්ධ  මධ්‍යස්ථානයේදී පවත්වන ලද" බවයි.

ෂෙෆීල්ඩ් නගරයේ ඉතා නිසංසල ප්‍රදේශයක පිහිටි මේම රමණීය බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර කෙටි කාලයකින් බොහෝ දෙනාගේ ආකර්ශ්ගනයට පත්වී ඇත.

එහි ප්‍රධාන ශාලාවේ පසෙක අම්බස්තල අනුරුව දෑකුම්කලුව නිමවා තිබිනි. අරහත් මිහිදු මාහිමියන් ඈතුලු දුත පිරිස කුලුනු නෙතු අරා වෑඩ සිටින  ආකාරයක්ද, දොහොත් මුදුන් දී නමස්කාරකර සිටින දේවාම් පියතිස්ස රජතුමා ද , මරණයෙන් ගැලවුන මුව පොව්වා ගේ සනුකම්පිත දසුනක් එහි නිර්මාණය කර තිබුණි. 

කුඩා දරුවන් විසින් අලංකාර කරන ලද පහන් කුඩු එක්කලේ අසිරිමත් දසුනකි. සුමාල්, කෙවින් ඈතුලු තරුණ කෑල ඉතා ලහි ලහියේ සංවිධනත්මකව සෑරසීලි සුදානම් කළහ.

මේ වෑඩසටහන සදහා මැන්චෙස්ටර් සිට වැඩමකළ කේතුමති විහාරාධිපති පුජ්‍ය පිදිවිල්ලේ පියතිස්ස නාහිමි, අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධයස්ථානවාසී පුජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, කේතුමති විහාරවාසී පුජ්‍ය ගල්පොත්තයායේ ප්‍රේමානන්ද හිමි සහ පුජ්‍ය  ගල්පොත්තයායේ සීවලී හිමි යන ගරු ස්වාමින්වහන්සේලා ආගමික කටයුතු සවිධානය කරනු ලැබිය. 

ගරුතර සංඝ රත්නය සඳහා පිරිනැමූ දහවල දානය සහ පැමිණ සිටි සියලුම ගිහි පින්වතුන් සඳහා දහවල් ආහාරයද සැපයීමට අවශ්‍ය කටයුතු නිසි පරිදි සංවිධානය කිරිම සඳහා ශාන්තා ලියනගේ හා මංගලිකා ජයවර්ධන මහත්මියන්, චරිත් අබේරත්න මහත්මාත් මිලිකව කටයුතු කළහ. 

ඉන් අනතුරුව අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධ්‍යස්ථාන වාසි පුජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමියන් විසින් පොසොන් පොහොයේ අර්ථවත් කම හා ධර්ම මාර්ගාවබෝධයේ වටිනාකම පෙන්වාදුන් හරවත් ධර්ම දේශනවක් පවත්වනු ලැබිය. 

පින්කමෙහි කටයුතු අවසන් වුයේ සේත් පිරිත් සජ්ජායනාවකිනි.

සෙනුරී හා ෂෙහාන් තීත්තගල යන දරුවන් නාට්‍යම ආකාරයකින් පොසොන් පුරාවත ඉදිරිපත් කරනු ලැබිය.

පොසොන් බෑතිගී සරණිය ආරම්භ වුයේ හසීනි ලියනගේ,සදලි රොඩ්රිගො, ජයනි විජේකොන් හා හේෂදු දේවසුන්දර යන සිගිත්තන්ගේ ගයනයකිනි. 

කොළඹ මියුසීයස් විදුහලේ ඉගනුම ලබන මද්‍රි පෙරමුණුගම විසින් රචිත “පෙරදින වෙසගේ” ගීතයද, ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ  ඉගනුම ලබන බුද්ධී මනුරංග මහිපාල වීසීන් රචිත “සදහම් සිසිල” යන ගීතයන්ට සංගීත නිර්මාණයෙන් සුමාල් කේෂව හා ලයාන් ආසිරි බන්ඩාර විජේකොන් දායක වුහ. ගිය වසරේ එළිදැක්වූන “වීත රාගී බුදුපියානණි” ගීතයට සංගීතය හා පදරචනය කලේද ලයාන් ආසිරි බණ්ඩාර විජේකොන් විසිනි. 

අමතර සංගිත උපකරන හා උපදේස් සෑපයිමේන් ජේම්ස් ජයවර්ධන සහාය විය. පානිනී රොද්රිගො,සාන්තා ලියනගේ, නිදර්ශා විජේකොන්, වින්ද්‍යා සෙව්වන්දී ,ශිරොමි අපොන්සු, මංගලිකා ජයවර්ධන , සුමාල් කේෂව සහ දුලිප ජයසුන්දර, දුස්මන්ත හේනානයක,මිතිල වනසිංහ, කුමුදුනි ජයසුන්දර ගායනය සඳහා සහභාගී වුහ.

මෙම උත්සවය සඳහා සහභාගිවූ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කර්යාලයේ  සේපාල රත්නායක මහතා "මෙවෑනි උත්සව සංවිධානය කිරිමේ සහ බොද්ධ සමජ චාරිත්‍ර යන්ගේ වටිනාකම අපගේ අනාගත පරපුරට පැහැදිලි කරදීමේ වෑදගත්කම" අගයමින් කෙටි දේශනයක් පෑවෑත් විය.

ශේෆිල්ඩ් නගර සභාව නියොජනය කරමින් පෑම්ණි සාරා ජේන් ස්මෙලි  මහත්ම්ය "මෙම  උත්සවය සතුටින් රසවින්ද බවත් ලංකාවේ බොද්ධ සංකෘතිය අංග පිළිබඳව අඩම්බර වන බවත්" පෑවසිය.

ස්තුති කථාවක් ඉදිරිපත් කලේ තවීදු ලියනගේ පුතු විසින්ය.

මේ සියල්ල අතර තුර ඒ හෑම සිදුවිමක්ම කැමරා  කාච්යට හසු කරමින් ජයවන් විජේකොන් හා තුෂාර දේවසුන්දර විශාල සේවයක් සැපයුහ.

ඉන් අනතුරුව පෑමිනි සිටි සියලුම ගිහි පින්වතුන්හට බත් දන්සල බුක්ති විදිමට ආරාධනා ලෑබිණී. මවුබිමේන් එතෙර දුරු රටක වුවද දේශිය රස වට්ටොරුවකට නිර්මංශ දානයක් ලෙස සෑකසු මේම බත් දන්සලට ෂෙෆීල්ඩ්හි වෙසෙන බොහෝ පිරිස්ගේ නොමසුරු දායකත්වය ලැබිණ.

මේ සඳහා රංග තේනුවර,පානිනී,ෂිරොමි රොද්රිගො,ජයන්ති සිල්වා, ලාලි සහ උපාලී ,මංගලිකා , ගයත්රී,සෙව්වන්දි,කුමුදිතා, උදය,කාවින්දී සහ සම්පත්,මහේෂ්, අයොමි සහ රකීත,අච්නි සහ තරීදු,තිරුනී සහ හසිත,දිනේෂ් , මිනොෂා, කසුන්, චරිත් යන අය විශේෂසහායයක් දැක්වුහ.

දානය පිලිගෑන්විමෙන් තිරුනි, කාවින්දි, කසුන් උඩුපොරුව, ඉසුර හේරත් හා තරුණ මිතුරු කෑල සහයොගයක් දැක්වුහ.

Photographs and text from Sheffield Buddhist Centre.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs and text from Sheffield Buddhist Centre.

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction