sri express

විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දුවා දරුවන් හට බුදු දහම සහ සිංහල භාෂාව මෙන්ම අපේකම සහ අපේ උරුමය ආරක්ෂා කර ගැනීමේ අගය කියාදෙන තක්ෂිලාවක් බඳුවූ ඩුබායි දහම් පාසල පසුගියදා සිය 13 වන සංවත්සරය සමරනු ලැබීය.

2001 වසරේදී ආරම්භ කෙරුන මෙම දහම්පාසල දහසකුත් එකක් දුෂ්කරතා අභිබවමින් වසර දහතුනක් තිස්සේ නොකඩවා පවත්වාගෙන යාම සඳහා සියලු කැපවීම් කරමින් ක්‍රියාකරන්නේ ඩුබායිහි ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයයි.

සෑම සිකුරාදා දිනකම 700 කට ආසන්න ශ්‍රී ලාංකික දුදරුවන් මෙම පන්තිවල නොමිලයේ ඉගෙනුම ලබති.

මෙම කටයුතු සඳහා එක්සත් එමීර් රජයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නොමද සහාය මෙන්ම ගුරුමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම අනෙකුත් දෙමාපියන්ගේද අසීමිත කැපවීම සහ සහයෝගය නිරතුරුවම ලැබී ඇත.

මුල් අවදියේදී මෙම පන්ති පවත්වාගෙන යන ලද්දේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාල ගොඩනැඟිල්ලේය. අරාබි වැලිකතරේ අප්‍රමාන වෙහෙසක් දරමින් විවිධ රැකියාවන්හි නියුතුව ඉන්නා ශ්‍රී ලාංකික ජනතාවගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් මෙම පාසල පවත්වාගෙන යාම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 2003 වසරේදී අවස්ථාව උදාවිය.

මේ කාලය තුල ඩුබායි දහම් පාසලෙන් ඉගෙනීම ලැබූ දු දරුවන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇත.

ඉස්ලාමීය රාජ්‍යයාන්ත්‍රණයක් තුල පිහිටි මැද පෙරදිග රටක ශ්‍රී ලාංකික සංස්කෘතික පාසලක් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේය. විදේශයන්හි වෙනත් බොහෝ රටවල මෙවන් ක්‍රියාදාමයන් සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඒ රටවල පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන මඟිනි. 

එනමුත් එවැනි විහාරස්ථානයක් නොමැති අඩුපාඩුව මැද්දේ එමීර් රාජ්‍යය තුල මෙවන් පාසලක් පවත්වාගෙන යනු ලබන්නේ විවිධ බාධක සහ දුෂ්කරතා මැද්දේය.

එවන් වාතාවරණයක් තුල ජාති ආගම් බේදයකින් තොරව පවත්වා ගෙන යනු ලබන ඩුබායි ශ්‍රී ලංකා සංස්කෘතික පාසැලෙහි බෞද්ධ මෙන්ම හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තික ශ්‍රී ලාංකික දුවා දරුවන් එක්ව ඉගෙනුම ලබති.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය, සිංහල අවුරුද්ද, වෙසක් සහ පොසොන් පොහොය සමරමින් විශේෂ වැඩසටහන් පැවැත්වීමද මෙම පාසැල ආරම්භයේ සිටම සිදුකරන ලද තවත් සුවිශේෂී සේවාවකි.

පසුගියදින පවත්වන්නට යෙදුන ඩුබායි දහම්පාසලේ 13 වන සංවත්සර උත්සවයේදී වසරේ සිසු සිසුවිය සඳහා සහතික පත් සහ ත්‍යාග ප්‍රධානයද සිදු කෙරුණි.

ශ්‍රී ලංකා තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය සහ කොන්සල් ජනරාල් අබ්දුල් රහීම් ප්‍රධාන ආරාධිත අමුත්තන් වුහ.

මෙම දහම් පාසැල ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction